නිමලරාජන්

nimalarajan

මගේ පෑනට
කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ

කටහඩක් ඇති කුරැල්ලෝ
ගී ගයන් නෑ
කතා විතරයි
පියාපත් ඇති කුරැල්ලෝ පියාඹන් නෑ

අවුරැද්ද
දවසින් ගියා…

ගැයී නම්
ගීත දහසක්
පියැඹී නම්
බොහෝ ඈතක්
අවුරැද්ද
දවසින් ගියා
ඊ ළඟට
අලුත්?
දවසක්

මගේ පෑනට
කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ

2001