මධු සඳිනි මධු විත 16

By Susan Shiney

යහන
ගිනි ගෙන.

අකුණු පුපුරා හදවත
වැසි වසී ඇගෙ යුග නෙත

කඳුලු සයුරෙන් වට වුණු
සන්තාප සිත් දිවයින
වේරම්භ වාතයෙන් කැළඹිණ

අසනි වැස්සකි තුන් යම
වහින ඇස් වල ඇහි බැම
සරණ යන්නෙමි දැන් මම

එ ඇහි බැම දේදුන්න සැදී
සුපැහැදිලි අහසකට වදී
ම සිත දැන් හොඳටොම නිදී

යහන
ගිනි ගෙන.

නොදනිමි.

නිදි බැවිනි.

15

හති.

ජීවිතය
පෙරව ගෙන නිදි

මුදු යහන මත
වැසුවද ගත
සුධවල රෙදි පෙරෙදි
එ තුළ ගණදුරු පොදි

පැටලුණු
ලිහුණු
පැටලුණු
පා පතුල් දැඟලිලි
දෑතැඟිළි කෙඳිරිලි

ලලාසාවෙන් මිදෙන කල
යාඥාවෙකි තුණු විල

(මධු සඳිනි මධු විත)

මධු සඳිනි මධු විත 14

මකුළු දැල් කඩන්නේ කවියෙන්
නො වියත් බසක සවියෙන්
ළය දැදුරු වෙයි
ඔබේ හසකැන් අවියෙන්

කවි පද නැගී එන
සිත් අරන්නේ
අඳුරු ගිරි ලෙන
අවි තුඩ වැදී වණ වුණ

මකුළු දැල් කඩන්නේ අවියෙන්
හසකැන් නැගෙන්නේ කවියෙන්

මධු සඳිනි මධු විත 13

ප්‍රශ්වාස ළය
සුස්මින් ම පැවසෙන දෙය
නින්ද පතුලත ඇය

උස් පහත් වන ළැම
සන්තානගත පෙම
ඉකුත්වන අතරෙම
තබා හිනැහෙනු මෙන
කෙලෙස හඟිමි ද මම

නිදි නදියක නිනද වන
පතුළ කැළඹෙන නද
නොනිදාම මිස
නින්දෙදි හඟිනු හැකි වෙද?

ඇසැර බලනෙමි මම
විසිර පවතින තනිකම
උකටලී මැදියම
තනිකම අසම සම