සිත්තම © එළිසබෙත් බ්ලේලොක්
‘‘මල් සුවඳ
නොවිමසයි
සුළඟ යන මඟ !’’
-කැමිලියා කවෙකිනි
සුළඟ යන මඟ දැන
සුවඳ ළයෙහිම තදකර
වේදනාවෙන් මිය යන
මල් ඇස ගැසී නැතිවද…..!
ඔව් ඇතැම් දවසක
ඉන්ද්‍රජාලික මොහොතක
සසල කර අතු ඉති
පැතු සුළඟ එනු ඇති
බැඳි ඇකුරෙක රැඳුණු
ශ්‍රැද්ධාවෙහි බැඳුණු
එවිට යට කී සුසුවඳ
එ නිමල ළයෙන් නික්මෙන
විකසිත මලෙක ළය
එදා රැකගත් සුවඳම
සුළඟෙහි වෙලෙනු ඇත
ළය පිපිරෙනා තරමට….
මෙන්න මෙබඳු ය මෙ සසර
දන්න හඳුනන කුසුමෙක
නන්නාඳුනන පිනිබිඳු
මන්ද්‍ර ස්වරයෙනි ඉකිළන
රාත්‍රිය යනු සිහිනෙකි
දෑස් නොපෙනෙන හදවත
දිගු ‘තීත්රෙක’* කෙළවර
ඒ තීර්ථය හමුවෙද?
කීකරුකමෙහි උණහුම
සීත සුළඟට අකැපද
කවක කිසිවිට නොරඳියි
ආදරය නම් එළැඹුම
ඉන්ද්‍රජාලික ඇස්සැති
හිමාලෙන් බැසි මියුලැසි
සිලිටි මුකුටය කව්ලැකි
අසිරිමත් කව් මැව්වැකි.
*තීත්රෙක = ශිර්ෂ පාඨය/හෙඩිම