
විලෝ ගසකට
හැකිනම්
වැළපෙන්න
ඔබට ඇයි බැරි?
විලාපයකට
හැකි නම්
සැනසෙන්න
ඔබට ඇයි බැරි?
කදෝකිමියෙකු
ඉගිලෙයි
ඔබේ මැදුරේ
දුගී කවියකු
මියයයි
මගේ පැදුරේ
අනාගතයට
නමක් දුටුවා
කවියක
මගේ උණ්ඩය
මටම මානන
අවියක
විලෝ ගසකට
හැකිනම්
වැළපෙන්න
ඔබට බැරි ඇයි?
විළෝපියකුට
හැකි නම්
හිනැහෙන්න
ඔබට බැරි ඇයි?
බය නැතුව
අරගන්න
තීන්ත කැටිගැහුණ
මේ පෑන
ඔය අතට
දැනෙනවද
ඉන් තවම
ගලන් එන හීන
එකදු පාරක් නැද්ද
කිසිදු කවියකු
මඟට නේන
මෙ හදවත වළලන්න
එච්චරයි
මට තවම ඕන
විලෝ ගසකට
හැකිනම්
වැළපෙන්න
ඔබට ඇයි බැරි?
අතීතයකට
හැකිනම්
වැළලෙන්න
ඔබට ඇයි බැරි ?
2012 මැයි 19