මකුළු දැල් කඩන්නේ කවියෙන්
නො වියත් බසක සවියෙන්
ළය දැදුරු වෙයි
ඔබේ හසකැන් අවියෙන්
කවි පද නැගී එන
සිත් අරන්නේ
අඳුරු ගිරි ලෙන
අවි තුඩ වැදී වණ වුණ
මකුළු දැල් කඩන්නේ අවියෙන්
හසකැන් නැගෙන්නේ කවියෙන්
මකුළු දැල් කඩන්නේ කවියෙන්
නො වියත් බසක සවියෙන්
ළය දැදුරු වෙයි
ඔබේ හසකැන් අවියෙන්
කවි පද නැගී එන
සිත් අරන්නේ
අඳුරු ගිරි ලෙන
අවි තුඩ වැදී වණ වුණ
මකුළු දැල් කඩන්නේ අවියෙන්
හසකැන් නැගෙන්නේ කවියෙන්
සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා
සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙ අදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා
සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා
පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා
පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා
ගායනයඃ කුෂානි සඳරේඛා සමඟ කසුන් කල්හාර
සංගීතයඃ කසුන් කල්හාර
දුටුවාද
පියාඹන කුකුළා
ඔන්න ඌ සුදු වලාකුළු පොකුරු තුළින් පියඹනවා
මෙන්න ඒ වළාකුළු එකපාර රතුපාට වෙනවා
සිතන්නත් වෙලාවක් නැතුවා
නිදන්නත් වෙලාවක් නැතුවා
දුටුවාද පියාඹන කුකුළා
හැමදාම ඌ පියාඹනවා
එලාමය තියා හිමිදිර වදින්නට
වෙලාවට අරී නෙතු මදටිය දෙ ඇට
සලා තටු සඟල එබිලා කැටපතට
විලාපය නගයි පාදා උගුර කට
බලනු හිස මත
පිපෙනු කරමල
රුසිරු කෝමල
සොඳුරු කරමල
හැමදාම දකින කරමල වුණත්
හැමදාම අලුත්
පියාඹනු
දුටුවාද
කුකුළා..
උගෙ හොට තමයි හොට..
කෙකර ගාන්නෙත්
අහුලන් කන්නෙත්
හොටෙන්…
ඇයි, ප්‍රශ්න අහන්නෙත් ?
උත්තර දෙන්නෙත් ?
තව….
හුස්ම ගන්න
හුස්ම ලන්න
වස් වදින්න
දෙස් කියන්න
හොට!
බෝ ගසේ පැද්දෙනා වවුලා
කපුටු කූඩුචේ ලගින කොවුලා
කුකුළන්ට හිනැහෙනා සිවලා
දුටුවාද පියාඹන කුකුළා..?
පිළිහුඩුවී -2002-
ඇත්ත ම යි
ඔය දෙ නෙත ස්වේතකී
නෙත් අතර දෙපිය මැන
සැඟව ගිය සිහිනෙකී
සකුණ ගී මියැසියක් සේ ම ය
අතීතය පිස හමන පේ‍්‍රමය
මද්යහ්නයේ දකින හීනය
මගෙ සිතින් මා විතැන් වී ම ය
කල්පයක් ඉකුත් වෙන මොහොතක
කල්පනා ඉසිඹුලන මුහුණක
කැල්මෙනා සිත මැවෙන දහනක
මුල් ඇදුණ ස්නේහයකි සිහිනෙක
පරිකල්පනාවක් ය වසන්තය
කිරිල්ලකි සිහිනයක තටු නැතිව ඉගිල්ලෙන
ගිරි හිසක මීදුමට වහන්වන
හරි ඈත කැදැල්ලක තටු සඟල පුරුද්දන
පටු පුංචි කැදැල්ලක
කොටු වෙලා හිඳින විට
ඉටු නොවන කන්දරාවක් හීන
දුටු මතින් කවුළුවෙන්
හිස පොවන විට ඉතින්
දුක තමයි ස්වේතකී
මට දැනෙන මගෙ හීන
ඔබට සංසාරෙකී
නිල නොවන පෙම් කවක අසිරිය
නිල වෙබ් අඩවි අඳුරු කුටියක
පළ වෙලා තිබි නිසල පිටුවට
නිල කඳුළු මුහු වුණේ කෙලෙස ද
කොයි කව්රු නෙතේ හැපෙතැයි නොදැන
සයිබර් අවකාශයේ සැරිසරන
මයිනෙකුට පවා ඇති කටහඬින
කයි නමින් අසෙනි වැහි ඇද හැළෙන
අත්අඩංගුවට පත් සිතුවිල්ල
නෙත් කෙවෙනි බිඳ ගලන සැනසිල්ල
සිත් පුරා දිග හැරෙන ඇතිරිල්ල
සිත්තමට නගන්නද දැඟලිල්ල
දාහයට සිසිල් පැන් දෙන කවිය
සීතලට තේ කහට රස සරිය
මීවිතක් පුරන්නට නැති දිරිය
කාටවත් බෙදන්නට මට බැරිය
කෙළසුවහසක් වචන ඔබ ගන්න
නිළ නොවන මගෙ කවිය මට දෙන්න
සැලෙන සිතුවිලි සමඟ තනි වෙන්න
මළ බැඳුණු හදවතට ඉඩ දෙන්න