මධු බැරල් අපිට තියා – අපෙ ඩොනල් මාම ගියා. එන්න, මේ කම්පනය විඳගන්න .

The Banjo Lesson by Henry Ossawa Tanner

අකුරු නම් බොහෝ තිබේ. ඒ අකුරු මුද්‍රිත වී නන්විධ ලෙස පෙළගැසී සිටිනු දුටිමි. ඒත් ලක්ෂයක් අකුරු අතර අප කම්පනය කරන අකුරු ඇත්තේ කීයෙන් කීයද? එවන් අකුරු පෙළක් දුටුමතින් කිසිවක් සටහන් කළ යුතු යැයි සිතමි. පසුගිය රාවයක පළ වී තිබුණු මංජුල වෙඩිවර්ධනගේ කවියක් මේ පූර්විකාවේ නිමිත්තයි. “මධුවිත තනිකර නික්මගිය නාගරික ජනකවියෙකු වූ ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය” යනු ඒ කවියේ නමයි.

ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමා කවුදැයි අපි නොදනිමු. ඇත්තවශයෙන්ම, ඩොනල්ඩ් මාමා සැබැවින්ම ජීවත් වූ අයෙක්දැයි හෝ මංජුලගේ මනසේම ඉපදී මනසේම නික්මගිය රසවතෙක්දැයි අපි නොදනිමු. එහෙත් මේ කවියෙන් පසු අපි ඩොනල්ඩ් මාමා හඳුනන්නෙමු. මේ කවියෙන් පසු ඩොනල්ඩ් මාමා ජීවතුන් අතර සිටියේය. ඉනික්බිති නික්ම ගියේය. එය කෙතරම් ඇත්තක් වී ද යත්, ඩොනල්ඩ් මාමා ළඟින් නික්ම එන මධුවිත සුවඳ පවා අපට දැනේ. එය අපට අපුලක් නොවේ. මන්ද ඒ ඔහුගේ ජීවිතයේ සුවඳය. ඉතින් මේ අසිරිමත් නාගරිකයාගේ විස්මය කුමක්ද? ඔහු හිටිවනම කියන වාද බයිලාවේ කප් ගැසුවෙකු වීමයි. ඩොනල්ඩ් මාමා මධුවිත ඉන්ධනය කර ගනිමින් ධාවනය වූ චමත්කාර දුම්රියක් නම්, ඩොනල්ඩ් මාමාගේ රේල්පාර දිගේම ඔහු ගැන කියන්නට මංජුල එන අයුරු අපූරු ය.

බැස්ටියන් ඩොනා – හිටියම
කස්ටියක් මෙනා
ගුරු මුස්ටියත් උනා දී
සන්තුස්ටියක් වුණා

ඉල්ලූ ගමන් පද ලැබෙන
කල්ප වෘක්ෂෙ වැඳ, කවි
මල්ල ලිහමි අද, බලනු
එල්ල හැලෙන නද

අටකොණ පද මායාකාරී ලෙස පෙළගස්වන මංජුල මේ අපට කියන්නේ කවියෙන් යා හැකි දුර අවසන් නැත කියාද?

ඩොනල්ඩ් මාමාගේ නික්මයාමේ කම්පනය අපගේ හදවත තුළ අවුළුවාලන්නට, මංජුල හා “ඩොනා” අතර වාදය පූර්විකාවක් වෙයි. මිත්‍රවරුනි, එය නම් සැබෑ වාදයකි. මනුෂ්‍යත්වයේ තොටිල්ලක දෝලනය වන සොඳුරු වාදයකි. මෙතැනදී “මම” යනු මංජුලය. “ඔහු” යනු ඩොනාය.

මම :-
මස් මාළුම කැව්වෙ
හැබැයි රස්සාවට බිව්වෙ
මම දුස්රාවකි එව්වෙ, කොහෙද
ඇස්වහගෙන දිව්වෙ

ඔහු :-
ඩොනා එවන පද – දැකල
අනාගෙනද අද
අපෙ සනා පිටිය මැද – වැටුණෙ
කනා මුට්ටි බිඳ

මම :-
දාඩිය ගඳ යසයි
තිත්ත කාඩිය වුව රසයි
කවි ජාඩිය හරි උසයි නමුත්
මූඩිය හෙණ වසයි

ඔහු :-
දාස් ගණන් පද ගලන
සාස්තරය ලද
අපෙ රාස් කියනවද
පොඩි රෝස් පාන් මැද

මම :-
ගිරා මොටකු කට අරියි
සිරා කවියෙකුට
සුරා සොඬකු හට බැරිය
ගුරා කියනු මට

ඔහු :-
දාලා දෙක ඉතා රසට
මෝලා ඇඹරෙතා
අර නාලාගිරි ඇතා වගෙයි
බීලා නැති පුතා

එතැනින් පසු කවියේ කවි බස අතර මැද නවතින මංජුල කවිය තුළ ඇති දෙවැනි ගද්‍ය කොටසට මුල පුරයි. එය මෙසේය.

“ඔහුගේ මඳහසෙහි ඇත්තේ සදය උපහාසයකි. උත්ප‍්‍රාසයෙන් මා දෙස බලා ඔහු යළි ඇස් පියයි. මම වේදනාවෙන් සසැළෙමි. ඔහු වෙනුවෙන් ලිවිය යුතු දෑ බොහෝ ය. මෙම නිහඬ නාගරික ජන කවියා වණන්නට පියවි ලෝකය බාධාවකි. එහෙයින් මේ නිමේෂයේ මම, මධුවිතක් පිණිස හිත හදා ගනිමි.”

එසේ සටහන් කිරීමෙන් පසු කවි අවි ගබඩාව හැර ඩොනාගෙන් ලද අටකොණ මුනිස්සම් වැලක් එළියට ගන්නා මංජුල ඒවායින් අපගේ හද මත සිදුරු පොකුරක් නිර්මාණය කරයි. ඒ සිදුරු මතින් රුධිරය පමණක් නොව කඳුළු ද දහදිය ද වැගිරෙයි. සියලු බේබද්දන්ට සමා වුව මැනවි, මිත්‍රවරුනි, ඒ හෘදය සිදුරෙන් මනුස්සකම් රැඳි ඇඟිලි තුඩගින් සව්දිය පුරා මුවග තෙත්කළ මධුවිත ද සෙමින් සෙමින් ගලා එයි. මන්ද, ඒ මධු ද රුධිරය හා වර්ණයෙන් ද ගුණයෙන් ද දැනටමත් එක්ව ඇති බැවිනි. සැබැවින්ම, ඩොනාගේ මධුවිත සුවඳ ඔහු වැනි මනුෂ්‍යයන්ගේ හෘදය රුධිරයේ සුවඳ වන්නේ එහෙයිනි. මංජුලගේ අටකොණ වෙඩි හඩ රැව්දෙන හඬ යළිත් අසන්නට ඔබ කැමතිද?

සුවර්ගෙ යන දින මොටද
සුවර් ඔබගෙ තැන – ඔය
ලිවර් එකට පණ පොවල
කවර් කරමි දෙණ

ඔබෙ කට ගෙන බුදුවෙන්ට හදපු
රට සට කපටින්ට
අර අට කොණ ගෙන එන්ට කියමු
බටකොළ වළඳන්ට

අර මැරෑටියකු වෙන්න හදපු
මට මඟ පෙන්නා
කවි කරාටි පද පුහුණු කරල
කලු පටි දුන්නා

ඩොනාගේ මනුෂ්‍යත්වය මෙන්ම අවිධිමත් නාගරික ගුරුවරයාගේ භූමිකාව තුළ ඇති ශ්‍රේෂ්ඨත්වය ද පිළිබඳව ඒ පද සාක්ෂි නොවන්නේද? එතෙකින් නොනවතින මංජුල, ඩොනල්ඩ් මාමාගේ මධු ප්‍රේමය ගැනද අසිරිමත් විවරණයක් දෙයි.

තනි අතින් කවපු පිට්ටු
වලට ලතින් පවා මට්ටු
මධු විතින් අපට කිට්ටු
කරපු ඇතුන් සදා කෙට්ටු

පොඩි කුරුල්ලකුව සොයා
කවි කරල් කවපු පියා
මධු බැරල් අපිට තියා
අපෙ ඩොනල් මාම ගියා

මේ කවි පෙළ විචාරය කරන්නට මා නොතරම්ය. මේ සටහන කිසියම් අදහසක් ලෙස සැලකුව මනාය. ඉතා දීර්ඝ විචාරයක් විශ්ලේෂණාත්මකව ලියැවිය යුතු මේ කවිය පිළිබඳ කටු සටහනක් තැබීම වරදක් නම්, මිත්‍රවරුනි සමාවන්න. මා ඒ කම්පනය ඔබත් සමග බෙදානොගෙන සිටින්නේ කෙසේදැයි මම නොදනිමි. මා සිතන අන්දමට එය මංජුල ද නොදනී. ඔහු අවසන මෙසේ ලියන්නේ එනිසා විය යුතුය.

ඔය සදාතනික මූණෙ
රැස් නිදා වැටෙනු නෑනෙ
අත් මුදාහැරෙන මානෙ
අපි බෙදා ගනිමු හීනෙ

– විමල් කැටිපෙආරච්චි

(ජනරළ)

ආදරණීය අල්බෙයාතා

© John William Waterhouse
© John William Waterhouse

ජීවිතය ලුහුබඳින මැදියම
මැදිකරන් නිදිවරන සිහිනෙට
ඇදහැලෙන සඳ නයගරා
ශුද්ධවර එළියාස් ගිරි කුළු
මුකූටය මත රැවුල අතුරන
දිවැසිවරයෙකි සඳසරා

ශුද්ධවර ක්ලෙයරා නදී දිය
ඉකිබිඳින විට හදවතේ
නීල දිය පාලම ඉහත්තෙන්
පියහඹා යමි හිතුමතේ

විසල් මේපල් තුරු කිනිත්තක
සිසිරයට අමතක වෙලා
රැඳුණ පඬුවන් පතෙක සුසුමට
නිහඬ පවන ද කැළඹිලා

වහල් ගඟ නිවහල්ව බැස යන
අල්බෙයාතා නිම්නයේ
තන්ද්‍ර තිසරුන් මන්ද්‍ර ස්වරයෙන්
කව් මුදාළන තැන් තියේ

මූකලන් සෙව්වන්දි කුසුමෙක
සුරතාන්තය නිනද දී
නූස් තමරක් රිකිලි අතරින්
නැගී සිහිනයෙ අතු බිඳී

නිර්වාණ ගිරි මස්තකේ හිඳ
හමන කවියක රැල් ලිහී
නීල මින් බෙයදෙහි පමා වෙයි
කන්ද මුදුනට යා නොහී

පපුතුරෙහි තුරුපත් දරාගෙන
ක්ෂුද්‍ර දුම් ගඟ පසු බසී
හිම පියල්ලක කව් කැරැල්ලකි
අතීතය දෙනුවන් පිසී

සෙත් සාන්තිය ගලන දෙනෙතක
කාන්තිය අඳුරෙහි වෙලේ
අත්ලාන්තික සයුරු පතුළට
ආන්තික කඳුළක් සැළේ

**පා සටහන: (සිංහලට නන ලද වදන්හි වැරැද්ද හෝ නිවැරැද්ද රචකයා සතු ය.)

නයගරා: The Niagara Falls: නයගරාව හෙවත් නයගරා දිය ඇල්ල යනුවෙන් පර ය කටව පවතින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර වන ජාත්යදන්තර දේශසීමාවේ සළකුණ ලෙසිණි. ඇමෙරිකාව දෙසින් නිව් යෝර්ක් (New YorK)පරාහ න්තයත්, කැනඩාව දෙසින් ඔන්ටාරියෝ(Ontario) පළාතත් නියෝජනය කරන මෙම අතිශයින් රමනීය දිය ඇල්ල මේෂ කොදෙව්වෙන් (Goat Island) දෙකඩව පවතින අතර කැනේඩියානු දිය දහර අස්කුර ඇල්ල(Horseshoe Falls)ලෙසින් ද, ඇමෙරිකානු අයිතිය ඇමෙරිකානු ඇල්ල (American Falls)ලෙසින් ද, වෙන් වෙන් ව ද හැඳින්වෙයි.

ශුද්ධවර එළියාස් ගිරි කුළු: The Saint Elias Mountains: ඇමෙරිකාවේ සුවිශාලම පරාෙන න්තය වන ඇලස්කාවට (Alaska)
ගිණිකොණදිගින්ද, කැනඩාවේ යුකොන් (Yukon) පළාතට නිරිතදිගින්ද, එහි ම බිරවන ටිෂීය කොලොම්බියානු (British Colombia) පළාතට වයඹදිගින් ද මායිම්ව පිහිටි සුවිශේෂ කඳු වැටියකි.

ශුද්ධවර ක්ලෙයරා නදී: The St. Clair River: උතුරු ඇමෙරිකානු පංච මහා විල් (Great Lakes) අතුරින් එකක් වන හ්යුTරොන් විලෙන් (Lake Huron)පැන නැඟී, කැනඩාවේ ශාන්ත ක්ලෙයාර් වැවෙන් (Lake St Clair) ගමන් මහන්සිය හමාර කරන ගංගාවයි. එ මෙන් ම, ඇමෙරිකාවේ මිචිගන් (Michigan) පරා න්තය හා කැනඩාවේ ඔන්ටාරියෝ පළාත අතර වන දේශ සීමා මායිමයි.

නීල දිය පාළම: The Blue Water Bridge: උතුරු ඇමරිකාවේ පෝර්ට් හ්යුිරොන් (Port Huron) නගරය සහ කැනඩාවේ සර්නියා (Sarnia) නගරය සම්බන්ධ කරමින් නිවුන්ව පරායතනය වූ විශ්මිත ජාත්යසන්තර පාළමයි.

මේපල් පත: The maple leaf: වනාන්තරයට අගරන්ධ වූ මේපල් වෘක්ෂයේ පතරාත්ය යි. රුක් පතරනගර හැඩතල අතර සිය අනන්‍යතාව පරle කට කරයි. පරංි ශ – කැනේඩියානු ඉතිහාසය තුළ ශාන්ත ලෝරන්ස් ගං නිම්නය ඔස්සේ අනුවර්ථනය වූ මේපල් පත, අවසානයේ කැනේඩියානු ජාතික ධජය අරා ද වැජඹෙමින් එහි ජාතික සංඛේතය බවට පත් විය.

වහල් ගඟ: The Slave River: ඊශානදිග අල්බෙයාතාවේ , ඇතබැස්කා වැවෙන් (Lake Athabasca) උසුලාගෙන එන සියලු බර වයඹදිග ටෙරිටොරස්හි(Territories) මහා වහල් වැවට(Great slave Lake) මුදා හැර නිවහල් වන්නා වූ කැනේඩියානු ගංගාවයි.

අල්බෙයාතා: Alberta: බටහිර කැනේඩියානු පළාතකි. බිර් වතාන්යs රාජකීය පෙළපතට අයත් වූ ලූයීස් කැරොලින් ඇල්බෙටාගේ නාමය උපුටනය කෙරේ. ඇය වික්ටෝරියා රැජිනගේ සහ ඇල්බට් කුමරාගේ සයවැනි දරුවා සේ ම සිව්වැන් දෝණියැන්දා ය. කැනඩාවේ සිව්වැනි අගරාඇල්ණ්ඩුකාරධූරයට පත්, බටහිර ස්කොට්ලන්තයේ අර්ගේල්හි (Argyll) නවවැනි ආදිපාද වූත්, ලෝර්න්හි(Lorne) වංශාධිපතියා ලෙසින් පර ස්කට වූත්, ශීර . මත් ජෝන් එඞ්වර්ඞ් හෙන්රි ඩග්ලස් සදර්ලන්ඞ් කැම්බල් හා විවාහ වූවා ය. ලූයීස් වැව, කැරොලිනා ගම්මානය සහ ඇලිබෙටා ගිර ඇයට ගෞරව පිණිස නම් කරනු ලැබ ඇත. අල්බෙයාතා යනු ඇගේ නාමයේ පරංිනාශ උච්චාරණය යි.

තන්ද්රව තිසරුන්: Tundra Swans: පූර්ණ සුසුදු තන්ද්රායවා, කළු දෙ පයින් හා තුඩකින් ද, හකු පාවාඩය මත කසාවන් කුඩා පුල්ලියක් ද දරනා චිත්තාකර්ෂණීය පක්ෂියෙකි. අතිශයින් මෘදු, කර්ණ රසායන හා භාවමය හඬක් අත්පාද කරන්නා වූ බැවින් උන්, සිවුරු සන් හංසයන් (Whistling Swans) ලෙස ද හඳුන්වනු ලැබේ. රෑනක්ව ලැසි, ලැසිව, ජවාධිකව තටු ළෙලවමින් පියාසර කරන කල්හි රෑනේ නියමුවා විසින් උච්ච සවරයෙන් නිතුත් කරනු ලබන්නාවූ ‘හු….හු….හූ….’ නාදය අනුකරලන මයෙන් සෙස්සන් කෙරෙන් ද විහිද යයි. අවසන එය මහත් වූ වර්ණවත් ගීතමය තානයක් බවට පෙරැලේ. ඇලස්කාවට බටහිරින් වන උතුරු කැනේඩියනු හඞ්සන් බොක්ක (Hudson Bay) තන්ද්රේ තිසාරාගේ අභිජනනීය කේන්ද්ර ස්ථානයයි.

මූකලන් සෙව්වන්දි: Wild Rose: තුණ්ඩිල රෝස (Prickly Rose) ලෙසින්ද හැඳින්වෙන මෙම කුසුම කැනේඩියානු අල්බෙයාතාවට අනුගත කරනු ලදුව 1930 සිට එහි නිල කුසුම් සංඛේතය බවට පත්විය. මැයි නිමාවේ සිට අගෝස්තුව ඇරඹෙනා තෙක් අල්බෙයාතාව පුරා විකසිකව පවතින, දිදුළන රෝස පෑ, මූකලන් සෙව්වන්දිය ඊට ම අනන්යි වූ සුවඳින්ද අනූන ය.

තමරක්: Tamarack: මේ වනාහී නූස්, මධ්ය‍ම පරිමාන පතනශීල කේතුධර ගසකි. සැව්ව, රෝස පෑ, පෙති හැඩැති ය. ඇතුළත පොත්ත රත් පැහැයෙන් පෙනී සිටී. ඉතා කෙටි, ඉඳිකටු බඳු පතර ර ළා හරිත පෑ ගන්නා අතර සරත් කල්හි ගිලිහී යාමට මත්තනේ රන් පැහැයට හැරේ.

නිර්වාණ ගිරි: Mount Nirvana: වයඹදිග කැනඩාවේ ඉහළ ම කඳු මුදුනේ නො නිල නාමය යි. ඉතා මෑතක් වන තුරු කැනේඩියානු රාජ්යN ව්යැවහාර නාමය වූ යේ ‘නො නමි ගිරග’ (Unnamed Peak) යි. එහෙත් ඇල්පයිනයීය සාහිත්ය ය හෙවත් කඳුකර සාහිත්යවයේ බහුලව භාවිත වූ යේ නිර්වාණ ගිරි යන්නයි.

නීල මින් බෙයද: Bluefish Caves: කැනඩාවේ පිහිටි, පුරාණතම හා නිරවුල් පුරාවිද්යාිත්මක සාක්ෂි රැගත් අඩවිය යි. යුකොන්හි, කීලෙ කඳුකර අවකාශයේ නීල මින් නදිය(Bluef ish River) ගලා යන කුහර තුනකින් සමන්විත සුවිශේෂ හිරිගල් වැටියක මෙම ඓතිහාසික සාක්ෂි සළකුණු සටහන්ව ඇත.

ක්ෂුද්රන දුම් ගඟ: Little Smoky River: අල්බෙයාතාවේ, මධ්ය -බටහිරින් ගලා යයි. එය ධූම ගංගාවේ (Smoky River) අත්තකි. කැනේඩියානු රොකී(Canadian Rockies) කඳු සෙවනැල්ලේ වන පහත්තෑ කුදු කඳු (Foothills) හා ගරෑtt න්ඞ් කැෂේ වැව් (Grande Cache Lake) තීරයෙන් පැන නගී. වැලිවීව් සහ ස්මෝල් ස්මෝකි නියම්ගම් ස්ථානගතව ඇත්තේ මෙම ක්ෂුද්රු දුම් ගං ද්රෝsණියේ ය.

[-ඇහැළ ඇමතුමකට ඇහැරෙමි -2011]