අවසාන කවිය

last Poem

අවසාන හුස්ම පොද
වා ගැබට මුහුවෙලා යන්ට පෙර
අපේ කටහඬ ලොවට කියන්නට වෙර දැරෙන
හද ගැඹුරු පත්ලෙන් ම මතුව එන
හැඟුම්බර අවසාන කවිය මෙය.

බලව් සකියනි අපේ හිස මතට
තබා ඇති සුවිශාල කුළුගෙඩිය
එය සෙමින් බිඳින්නට
හිත හැදෙන
දිරි වැඩෙන
අප ගැන ම කියවෙනා කවිය මෙය.

දිරිය සිතිවිලි වලින් කැටි ගැසුන
සකියනේ අපේ සිත් කඳුවැටිය
බොහෝ කම්පාවලට පවා වුව
බිඳ දැමිය නො හැකිකම සතුටක් ය.

වෑයමින් කෙසඟ දකුණත දිගැර
මැදැඟිල්ල කපාගෙන පිහි තුඩින
දහිරියේ රුහිරු බිඳු
පන්හිඳට එකතු කර
ගැට ගැසූ අවසාන කවිය මෙය.

1995

Advertisements