මළ මම සහ මල ඔබ

 

by Valery Rybakow

මියගිය හදවතක
පාංශුකූලයට වඩින
කඳුළක
අතීතයේ මග දිගට පිපුණු මල්මත
පා තබා ආ ලකුණු ඇත.

දැන් ඉතිං
මග තොටේ වැනි වැනී එසවෙන දෙපයකි
හැඟුම් විරහිත.

මඳ සුළඟට පවා සසැළෙන
ඒ දෙපා ළඟ නවතින
සුසුමකි
චිතකය මත තැබූ
හදවතට ගිනි තැබූ.

පා පැකිළ බිම ඇද වැටෙන තැන
මලකි
අතීතය මග හැරුණ
අනාගතයට පෙනෙන.