කල්පයක් තරම් වන මොහොතක

loneliness

ඇස් වලින් සුසුම් හෙළ හෙළ
හිස් අතින් පලා යමි මම
විශ්වයක් අතර මැද තනි වුණ
නිස්කලංකයි දැන් හදවත.

කල්පයක් තරම් වන මොහොතක
මල් මතත් පිනි ඉසෙයි යායට
අල්පයක් හැඟුම් නැති සේ ම ය
මෙච්චරක් නපුරු ඇයි ප්‍රේමය.

Advertisements