සව්දිය නො පුරනා
සව්සිරි රැඳුණු දෙරණා
සව්සත සනහනා
සවුදියෙ සොඳුරු වරුණා
කැණිමඬල හෙල්ලී
පොල් අතු ඉගිල්ලී
මූකලන් සල්ලී
සොයා ඉගිළුණ මුතු කිරිල්ලී
මුත්තූර් මිණි මුතු
වූවා පමණි දැනමුතු
තෙමා ගත්තී නෙතු
පොහොණි කරනට මතු
ජීවිතේ පිරිපත
විදා අත්හළ හදවත
බලන් දෙවිඳුනි කැටපත
කා අතද ඒ මුවහත
හැඟුම් හරි පරණ ය
කිරි බිඳු පවා උරණ ය
ඉදින් අසිපත සරණ ය
අත්වැරැද්දකි සොඳුරු මරණය