මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ……….
බෙතඩින් ය – ඔව් ඒ සුවඳ පමණි ය
ගත වෙලෙන ස්නේහය ම.
නිකොටින් ය සිහිනයෙ ම.
සේලයින්
පමණෙකි ය
ඔන් ලයින්.
වේදනාවේ
සැනසුම
දුම් උගුරක් ය
මතකෙට.
මාපකේ උණුහුම
ගල් උගුරක් ය
සිසිලට.
රුධිර පීඩන යන්ත්‍රය
මතුරන රුදුරු මන්ත්‍රය
පංච තන්ත්‍ර ය.
ගල් බාගයක
මූඩියක් කැරකේ ය
කන ගාව.
සිහිය ඒ – අවසන් ය මුර්ජාව.
මග්දලේනා හඬෙකි…..
ජනිත වූ හදවතේ පිළිරාව.
ජනිත වූයේ එ හඬ
ගල් ගසන
මිනිස්සුන්
හට දාව
දෑසින් සැලෙයි
නන්නාඳුනන හෝඩිය….
නො තේරෙන කවි
පේලි ගන්වයි
පත් ඉරුවක් ව
කොට්ටය….
නිහඬතාව
සෙත් කවියක් ය
නින්දට.
මිලිග්‍රෑම් දහසක
ඩොලිප්‍රෑන් පෙත්තකි
හඳ…….
lassanai සහෝ!