Shadows of Silence | කෙටි චිත්‍රපටයක දිගු වේදනාව

Kishna Subramaniya- Main charactor

අන්තර්භාෂණයම සංවාදය වූ කල කටහඬ නිෂ්ප්‍රභා වී රූපය ප්‍රභාමත් වී ආලෝලනය වෙයි. ඒ ප්‍රභාමත් බව තුළ ඇත්තේ නින්නාද නැඟෙන ගණ අන්ධකාරයයි. අන්ධකාරය තුළ සෙවනැලි නො නැඟෙන්නේ යැයි ඔබට තර්ක හැකිය. එබැවින් නිහැඬියාව තුළ හඬක් නොවෙතැයි සිතීමට ද ඔබට බාධාවක් නැත.

සියලු මානව හිමිකම් සුණුවිසුණු කරන ලද්දේ වුව පරපුරෙන් පරපුරට අඛන්ඩව නො නසා රැක ගත් සාමූහික ජීවිතය උපන් දිනයක රාමුගත කළ නිෂ්චල ඡායාරූපයක් පමණක් බවට පත් කරනු ලැබ ඇත. එවිට ස්වයං හුදෙකලාව මරණීය තුවාල ලත් සුව කළ නො හෙන හදවතක පරම විමුක්තිය බවට නිරායාසයෙන් පත් වේ. සිහිනය යථාර්තය බවට පත්වීමත්, යථාර්තය සිහිනය බවට පත් වීමත් අතර ඇති අන්තරය ශුන්‍යය වනුයේ අන්තර්භාෂණයේ ඓක්‍යය ලෙසය. බහුතරය නම්වන මහ ජාතිකත්වයේ අනුකම්පා විරහිත සුවිසල් බැකෝ යන්ත්‍රයෙන්-

-බලහත්කාරයෙන් මුලිනුදුරා උපන් භූමියෙන් තලා පිටමං කොට ආත්මීයව අනන්‍ය විය නො හෙන භූමියක ඉන්දන්නට තැත් කරන වෘක්ෂයක් මුදුන් මුල සොයා ගත නො හැකිව වේදනාවෙන් ඇඹරෙයි.

ඉදින් ප්‍රොයිඩියානු විෂ්ලේෂණයට අනුකූල විභව ආසය මඟහැර විමුක්තිය අත්පත් කර ගැනීමට නො හැකි යැයි සිතෙනා තරමටම ජීවිතය ව්‍යාකූල වෙයි. දෙපයේ මාපටැඟිලි එක්කර බඳින ලද මිනිසෙකුට ඩැක්කි සපත්තු යුගලක යථාර්තය සඟවා ඉබාගාතේ ඇවිද යා හැකිද?

රවීන්ද්‍රන් ප්‍රදීපන්ගේ ”නිහැඬියාවේ සෙවනැලි” (Shadows of Silence) – මහත් සේ හඬනඟමින් පුපුරා යන රූපාවලියකි. සවන් ගුගුරුවන ඒ විසල් නිහැඬියාව තුළ මතු වන සංවාදයේ විසංවාදයත්, විසංවාදයේ සංවාදයත් පාර භෞතික ”සීතල සිහිනයන්ට” භෞතික දෑසක් පළඳවයි. ප්‍රදීපන් සිය පරිකල්පනයේ තෙලිතුඩ ඉසියුම්ව හසුරුවමින් ඔහු අබියස ඇති සමාජ කැන්වසය මත නිමවන මානව සමීප රූපය හැඟීම් විරහිත වන්නේ වෙයි. ඒත් එකී පැතලි මුහුණේ ගැඹුරුතර පත්ලින් විනිවිද නැඟෙන්නේ මිදී ගිය අසංඛේය හැඟුම් සමුදායයකි. ජිවිතයෙන් අත්මිදෙන්නට වෑයම් කරන මිනිසකුට නාඳුනන සමාජ පරිසරය විසින් ජීවත් වන්නට අණ කරනු ලබන විට ඔහුගේ මානසික ඉරණම හෙවත් භෞතිකය වඩාත් සංකීර්ණ වන බව ප්‍රදීපන් කලාත්මක සන්දර්භයක ගොණු කරයි. මෙකී අණ නැඟෙනුයේ ජීවන පංගුකාරයන්ගේ ආදරණීය කටහඬින් වන විට වේදනාව කෙතරම් දරුණු වනු ඇද්ද?

ඉතා උස්ව නැඟුණු ගොඩනැගිල්ලක ඉහළ මාලයක වන පටු බැල්කනි තීරුවට වී අසීමිත ආතතියෙන් මිදෙනු වස් වේගයෙන් දුම්වැටියක් උරන මිනිසෙකුට පහළ සුසුදු හිම තලාවක රුහිරු ලපයක් මැද පතබෑවී සිටින ඔහුගේම මළකඳ පෙනෙන විට සැතපුම් සිය ගණනක් දිග දුම් වැටියක් උගුරට දෙකට බී හමාර කළ නො හැකිද? අතරමඟදී තමන්ගේම මෘත ශරීරය හමුවන මිනිසෙකුට තම රුධිරය ගලා ගිය මඟ ඔස්සේ රැකියාවකට යා හැකිද? ජීවිතය කෙතරම් වේගයෙන් ගෙවී යන්නේ වුවද මතකය දිය වී නොයන සංසිද්ධියකි. නිෂ්චිතව පවතින පරම බලවේගය අවිනිෂ්චිතභාවයම පමණි.

මරණය ලුහුබැඳ යන මිනිසෙකු පසුපස ජීවිතය ලුහුබැඳ පැමිණෙයි. මූකලන් ගැන්වුණු මුහුණක් හෙළිපෙහෙළි කළ විට කැටපත තුළින් අතීත ජීවිතය හමුවී සමස්ථ ආත්මය යළිදු මූකළන් ගත වේ. ශාරිරිකව අවතැන් කරන ලද මිනිසුන්ගේ මානසික අවතැන් වීම ප්‍රදීපන්ගේ රූප සෞන්දර්යය තුළ ගිලිහී නොයන කඳුළක් ලෙස මිදී පවතී. එය මිදී පවතින කඳුළක් බැවින් කිසිවෙකුටත් ඉන් මිදීමට නො හැකිය. බලහත්කාරයෙන් සිරගත කරන ලද දේශ දේශාන්තර සීතල සිහින ජීවිතය සර්පයකුගේ කිලිපොළා යන සුසුදු බඩවත සේ පෙනුනද පිටත පෘෂ්ඨය මත කැටයම් කපන ලද කළු කාෂ්ටකභාවයේ හංවඩුව විෂ ශරීරගත කොට ක්ෂණික මරණයක් ලබා නො දුන්නද ජීවිතය පුරා වෙලෙමින් ආත්මයේ දරණ ලා හිඳී.

මිනිසකුගේ ප්‍රශ්වාසී ළයමානය අවසන් මොහොත තෙක් සමස්ථ රූපාවලිය පුරා සංධ්වනියක් සේ දිගහැරෙන විට දුම්රියක හඬ නිෂ්චිත අරුත් නො නඟන පද මාලාවක් සහිත සරල ගීතයක් බවට පත් වේ. විසිර ගිය රුධිරය මත වැතිර සිටිනා ප්‍රාණ නිරුද්ධ මිනිසකුගේ සමීප රූපය තෙරක් නො පෙනෙන හිම තලාවක දුර රූපයක් බවට පත් වන විට වක්‍රෝත්තිය තුළ දුර රූපයක ඇති ඉන්දියන් සයුරේ මුතු ඇටය ඉරිතැලී ගිය සමීප රූපයක් බවට පත් වේ.

ඔබේ ජංගම දුරකථනය අඛන්ඩව නාද නැඟී ඇස ඇරෙන විට ඔබ දකිමින් සිටි සිහිනයේ හිම තලාවක වැතිර සිටින මිනිසකු සිටිය හැකිය. ඒ මරණය යැයි නො සිතන්න. ඒ අවතැන් කරන ලද ජීවිතයයි. ඉදින් ”නිහැඬියාවේ සෙවනැලි” අතරින් පැන නැඟෙන කටහඬ නිහැඬියාවම බව කීමට ඔබට පිළිවන්ද?

Advertisements

යාපනයේ ජීවිත…

jaffna-waiting

‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි.
‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු.
‛නම්බර්ස් දියල්ලා. මං කෝල් කරන්නම්’ අපේ දුරකථන අංක සිය ජංගම දුරකථනයේ සටහන් කර ගන්නා මිත්‍ර මේජර්වරයා නික්ම යයි. ඔහු යන්නේද යාපනය වෙත ය. ඔහුට අංක දුන් අපේ දුරකථන විසංධි කොට හමුදා බාරයට ගැනේ.
‛මුරුක්කණ්ඩි වලදි හම්බවෙයි’ ගුවන් හමුදා නිලධාරිනිය මඳහසින් යුතුව පවසයි.
පෙරවරු 7.30ට රත්මලානට ආ අප පලාලියට පැමිණෙන්නේ පස්වරු 2.00ට ය. පැයක ගුවන් ගමනක් නමුදු පැය 6.30ක රස්තියාදුවකි. ගුවනේ පැයකි. ඉතිරි කාලය ඉතිරි වැඩවලටය.
පලාලි හීදී ගුවනින් බට තැන ගැහැණු පිරිමි පෝලීම් දෙකකි. සේයා රූ සටහන් කර ගැනීටමත්, ආ තැන – යන තැන සටහන් කරගැනීමටත් ය. තරුණ ගුවන් හමුදා නිලධරයෝ දෙදෙනා මාරුවෙන් මාරුවට ඩිජිටල් කැමරාවකින් සේයා රූ ගනිති. දෙමළින් කියන විස්තර පෝරම ගත කෙරෙන්නේ සිංහලෙනි.
එතැන් සිට මුරුක්කණ්ඩි දක්වා මගීන් රැගෙන යන්නේ හමුදා බස් රියකිනි. එහි සියලු ජනෙල් කවුළු වසා තිර රෙද්දෙන් ආවරණය කර ඇත. තිර රෙද්දක් යන්තමින් හෝ ඇර අධි ආරක්‍ෂක අවකාශය දෙස බලන කවරෙකුට වුව කළු කණ්ණාඩිය දමා ගත් ‛එක්ස්පෝ’ සේවකයාගෙන් කුණු බැණුම් අසන්නට සිදුවේ.
මුරුක්කණ්ඩියේ සිට යාපනය නගරයට අප රැගෙන යාමට පැමිණි ‛එක්ස්පෝ’ බස්රථ පසෙක ගාල් කර ඇත. කලෙකින් ගමට පැමිණි හූදී ජනයෝ එයට නගිනායුරු අපි පසෙකට වී බලා සිටිමු.
යාපනය නගරය දහවලට වෙනදා මෙන්ම කඩිසරය. දහවල ඉක්ම යමින් පවතිද්දී වෙනදාටත් වඩා කඩිසරය. සන්ධ්‍යාවේ පූර්ව අවධිය එළැඹෙද්දීම පොදු වෙළඳ පොළ මෙන්ම නගරයේ කඩ සාප්පු වීදි ද ඉබි යතුරු ලෑම අරඹයි. සවස 3.00 වන විට කඩිගුලක් මෙන් කැළඹෙන නගර මධ්‍යයේ වන මධ්‍යම බස් නැවතුම් පළ 4.00 වන විට හිස් ලූ ලූ අත දුවන ජනතාවගෙන් හිස් වී ශාන්ත ස්වභාවයක් උසුලයි. 5.00 පමණ වන විට මුළු නගරයම උපශාන්තය. ඉඳහිට යනෙන ත්‍රී රෝද රථයක් යතුරු පැදියක්, පාපැදියක් මිස අන් කිසිවකුත් නැති නගරය අරක්ගෙන සිටින්නේ හමුදා සොල්දාදුවන්ම පමණි.
මේ සියල්ලේ පදනම් හේතුව දෛනිකව සවස 7.00ට පැනවෙන ඇඳිරි නීතියයි. ඒ සමඟ උදාවන්නේ අවතාර සැරියරන භීතියේ රාත්‍රීන්ගෙන් එකකි.

jaffna-empty-road

අප රාත්‍රීය ගතකිරීම පිණිස තෝරාගෙන සිටින්නේ නල්ලූර් කෝවිලට යාබද තිනක්කුරල් රෙස්ට්, හෝටලයයි. ඉකුත් පස් මසක කාලය තුළ මෙහි පැමිණ ඇත්තේ අමුත්තන් දෙදෙනෙකු පමණි. වායු සමනය කළ කාමරද ඇතුළුව කාමර 12ක් එහි ඇත. එහෙත් බොහෝ රාත්‍රී වල එහි සිටිනුයේ කෝකිවරයාත්, හෝටල රැකවලාත් පමණි.
‛ඒ නයින් මාර්ගය වහල දැම්මට පස්සේ අමුත්තො මෙහෙ එන එක නැවතුණා. හෝටල් කර්මාන්තය 90% කින් විතර බිඳ වැටුණා. දැන් ඉතින් කලාතුරකින් තමයි එන්.ජි.ඕ. වල වැඩකරන අය පවා එන්නේ.’
තිනක්කුරල් රෙස්ට්හි කළමනාකාර එල්.සී. බෙන්ජමින් පවසයි. තිනක්කුරල් රෙස්ට් හි පැවති සශ්‍රීක අවන්හල වැසී ගොස් වසරකුත් ඉක්මවා ඇත.
එහි පසෙක හකුලා ගොඩ ගසා තිබූ යකඩ මේසයක් දිග හැරීමට අප සිවු දෙනෙකු දැරු තැන ව්‍යර්ථ විය. එතරම්ම මළබැඳී ඇති හෙයිනි.
මේ සන්තෑසිය තිනක්කුරල් හෝටලයට පමණක් සීමා වුවක් නොවේ. යාල් බීච්, තීක්කම් ගෙස්ට් හවුස්, ග්‍රීන් ගාඩ්න්ස්, බැස්ටියන් පිල්ලෙයාර් ඇතුළු හෝටල් සියල්ලටම උරුම වූවකි. දෙවසරකට පෙර සේවය කළ සේවකයන්ගෙන් 75%ක් පමණ අඩු කිරීමට සෑම හෝටලයක්, නවතැන්පලක්ම තීන්දු කොට ඇත.
යාපනයට හිරු උදාවන්නේ මෝටාර් හෝ කලාතුවක්කු හඬක් සමඟිනි. නින්දෙන් තිගැස්සි අවදිවුණු අපට දොර කවුළු හැර පිටත බලද්දී දක්නට ලැබුනේ අසල් වැසි නිවසක් ඉදිරිපිට මිදුල අමදිමින් සිටිනා කාන්තාවකි. මෙබඳු හඬවල් යාපනයේ ජීවිත තුළ සාමාන්‍යකරණය වී ඇති සෙයකි.
උදෑසන වුව නගරයේ කඩිමුඩියක් නැත. කඩසාප්පු ඇරෙන්නේ හිමිහිට ය. අපි පොදු වෙළෙඳ පොල වෙත යමින් සිටිමු.
‛දෙන්නෙක් තුන්දෙනෙකු ඉන්න පවුලකට වුණත් දවසකට රුපියල් 1000/- විතර වියදමක් යනවා. මෙහි බඩු ගාණ වැඩියි. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්.’
දවසට අවශ්‍ය කළමණා රැගෙන යන්න උදේ පාන්දරින්ම යාපනය ප්‍රධාන වෙළෙඳපොල වෙත පැමිණි ටී. තංගමනී ගෘහණියකි. යාපනය නගරයේම ඇය පදිංචිව සිටින්නේ සිය විශ්‍රාමික සැමියාත් සමඟයි. ඔවුන්ගේ දුවා දරුවන් සියලු දෙනාම යාපනය හැර ගොසිනි. ඒ යුරෝපා කරයටය. යාපනයේ ජන ජීවිතය පිළිබඳ යථාර්ථය හෙළිදරව් කිරීමක් වැනිය.
‛දුප්පත් මිනිස්සුන්ට නම් මෙහේ ජීවත් වෙන එක අමාරුයි. දැන් බලන්න මේ වම්බටු කිලෝවක් රුපිල් 100/-ක්. අර්තාපල් කිලෝවක් රුපියල් 160/-ක් වෙනවා.’
ඇය වෙලෙන්දා ඉදිරියේ ඇති එලවළු වර්ග පෙන්වමින් අපිට පවසයි.
‛මේ එලවළු ගේන්නේ තින්නවේලි ඉඳන්, චෙක් පොයින්ට් පහු කරගෙන තමයි මේවා ගේන්නේ. ට්‍රාන්ස්පෝර්ට් වලටම යනවා රුපියල් 200ක් විතර.’
වසර 15කට වැඩි කාලයක සිට යාපන පොදු වෙළඳපොළේ වෙළඳාම් කරන ජෙයචන්ද්‍රන් සෙල්වරාජ් සිය දුෂ්කරතාවයන් පෙන්වා දෙයි.
‛හතර වෙනකම් විතරයි බිස්නස් කරන්නේ, ඒත් වැඩිදෙනෙක් දැන් මාර්කට් එකේ බිස්නස් වලට එන්නේ නැහැ. ඈත ඉන්න අයත් ඉක්මනට යනවා මොකද හවසට ඇදිරි නීතිය දානවා.’ සෙල්වරාජ් වැඩි දුරටත් පවසයි.
‛මිනිස්සු ළඟ සල්ලි තියෙනවා. ඒත් පාරට බහින්නේ නැහැ හැම තිස්සෙම චෙකින් නිසා. ඒක මිනිස්සුන්ට කරදරයක් වෙලා.’
සිංහල මහා විද්‍යාලය අසලදී අපට හමුවු බී. නික්සන් ත්‍රිරෝද රථ රියදුරකි. යාපනයේ සිය පියාගේ ගම වුවද මව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. කෙතරම් දුෂ්කරතාවයක් තිබුණද නික්සන් යාපනය අතහැර යාමට එතරම් කැමැත්තක් නැත.
‛අපි මෙතන ඉඳලා ටවුන් එකට පස්වතාවක් ගියොත් ඒ පස්වතාවම චෙක් කරනවා.’
නික්සන් කියයි.
රත්මලාන බලා ගුවනින් යාමට බලාපොරොත්තු වන මගින් එක් රැස්වන්නේ සිංහල මහා විද්‍යාලය අසලටයි. නික්සන් ඒ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන්නේ සිය ත්‍රී්‍රිරෝද රැකියාවෙන් ද එපිටට ගොසිනි.
කෙසේ වුවද යාපන අර්ධද්වීපය තුළ ත්‍රීරෝද ගමන් කිරීමේ අවම ගාස්තු වන්නේ රුපියල් 100කි. ටික දුරක් යන මගියකුට බොහෝ මිලක් ගෙවන්නට සිදුවේ. එබැවින් බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ගමන් දෙකකින් තුනකින් පමණ දිනකට සරිලන මුදල සොයා ගනී.
‛තෙල් ගණන් වැඩියි. ලීටරය රුපියල් 122ක් වෙනවා. ටූටී ඔයිල් කාලක් ඉස්සර රුපියල් 30යි. එත් දැන් රුපියල් අනුවක් වෙනවා.’ නික්සන් ත්‍රිරෝද ගාස්තු වැඩි වීමට හේතු දක්වයි.
‛අද මෙහේ හැම දෙයක්ම 100%කින් පහත වැටිලා තියෙන්නේ. ඒ නයින් පාර ඇරිය නම් අපේ වගාවලට හොඳ ආදායමක් තියෙනවා.’
සිරිප්පිඩි වලදී අපට හමුවන හැට එක් හැවිරිදි ටී. සුබ්‍රමනියම් පවසයි. ඔහු අක්කර 4ක සරුසාර කෙසෙල් වගා බිමකට හිමිකම් කියයි. ඒ ගැන ඔහු කථා කරනුයේ ඉතාමත් ආඩම්බරයෙනි. යාපනයේ සෑම ගොවියෙකුගේම මේ ප්‍රෞඩත්වය දැකිය හැකිය.
‛මේවාට කිසිම පොහොරක් යොදන්නේ නැහැ. මේ පොලව සාරවත්. ඒ හින්ඳා තමයි අපිට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ’
සුබ්‍රමනියම් එසේ කීවද එම අස්වැන්න විකුණාගත නොහැකි වීම ගැනනම් ඔහුට ඇත්තේ කණස්සල්ලකි.
‛නිර්වේලි, අච්චුවේලි, තින්නවේලි කොයි මාර්කට් එකකට අරන් ගියත් ලැබෙන්නේ බොහොම අඩු ගාණක්. ට්‍රාන්ස්පෝර්ට් වියදම් ගියාම අතට ලැබෙන ගාන මදි. ඒ නයින් පාර ඇරලා තිබ්බ කාලේ නම් අපිට හොඳ මාර්කට් එකක් තිබුණා.’
වෙළෙඳ පොළ ප්‍රශ්නය සේම ඔහුට භුමිතෙල් මිළ, කම්කරු කුලිය ද බලපා ඇත.
ගොවින්ට සේම ධීවරයන්ට ද යාපනයේ සිය රැකියාව කරගෙන යාමට ඉස්පාසුවක් නැත. නගරය යාබද ගුරුනගර් ධීවර ගම්මානයේ සිටින ධීවරයන් ගණන 3000කට ආසන්නය. ඔවුන් රැකියාව කරන්නේ හමුදාව විසින් සකස් කරන ලද අපුරු විෂම චක්‍රයකට අනුවය.
එක් දිනකට රැකියාවට යාමට අවසර ලැබෙන්නේ ධීවරයන් 700ක උපරිමයකටය. එයත් පෙරවරු 11.00 සිට පස්වරු 2.00 දක්වා වන පැය තුනක කාල පරාසයකට ය. එයත් අඩි 2ක් පමණ වන නොගැඹුරු කළපු දියෙහිය. එක් ධීවරයෙකුට රැකියාව පිණිස වන අවස්ථාව ලැබෙන්නේ දින 4කට එක් වරක්.
‛අපේ ධීවරයෙකුට සාමාන්‍යයෙන් දින 4කට උපයන්න ලැබෙන්නේ රු. 147 ක මුදලක්. යාපනේ හාල් කිලෝ එකක් රු. 110/-ක් 120/-ක් වෙනවා. මෙහෙම කොහොමද අපි ජීවත් වෙන්නෙ.’
ගුරුනගර් ධීවර සමිතියේ සභාපති එස්. තවරත්නම් පවසයි.
යාපනයේ පොදු ජනජීවිතය මෙසේ ගෙවෙමින් පවතී. සියලු ජනතාව තුළ නිශ්චිතව පවතින එකම දේ අවිනිශ්චිතභාවය පමණි.
කෙටි සැරිසැරීමක අවසන අපි ආපසු හැරී එමින් සිටිමු. ආ මඟ ඔස්සේ ම ය. ‛එක්ස්පෝ’ බස් රථයේ අසුන් සියල්ලම පිරී ගොසිනි. එන විට දුටු මුහුණු වෙනුවට වෙනත් මුහුණු සමූහයකි.
මුරුක්කණ්ඩි මුරපොලේ හැඳුනුම්පත් පිරික්සෙයි. අප ඉදිරියෙන් සිටින කාන්තාව සමඟ සෙබළ සංවාදයකි.
‛කොහෙද ගම’
‛ග්‍රූන්ඩ්පාස්’ ඇය සිංහලය චතුර ලෙස උසුරුවයි.’
‛දෙමළ ද’
‛නෑ සිංහල’
‛මේ කොහෙද ගියේ’
‛යාපනේ’
‛මොකටඳ
‛මහත්තයා එහේ’
‛මහත්තයා දෙමළ ද’
‛ඔව්’
‛ඇයි දෙමළ මිනිහෙක් බැන්ඳේ’
ඇය අසරණව මුහුණ රතු කර ගන්නීය. අපි අනවසරයෙන් සංවාදය මැද්දට පනිමු.
‛එගොල්ලෝ බැඳලා තියෙන්නෙ, ප්‍රේමය නිසා’
සොල්දාදුවා අප දෙස ඔරවා හැඳුනුම්පත ඇය අතට ලබා දෙයි. ඇය යන්නට හැරේ.
‛ලබන ආත්මෙවත් සිංහලයෙක් බඳිනවා’
හැරී යන ඇය වෙත සොල්දාදුවා වචනයෙන් වෙඩි තියයි.
අපි හමුදා බස් රථයකට ගොඩ වෙමු. එහි ජනෙල් ද පෙර සේම කළු තිර රෙදි වලින් ආවරණය කර ඇත. පලාලියට පිවිසෙන මා ඉමේ සිටුවා ඇති කණු දෙකක සවි කළ පුවරුවක මෙසේ සටහන් ව ඇත.

WELCOME

අධි ආරක්‍ෂක කලාපය.

මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය

‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද ඇතුළත්ව මාධ්‍ය සේවකයන් 7 දෙනෙකු අවම වශයෙන් ඝාතනය වී තිබේ. එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී ඇති අතර අවම වශයෙන් පුවත්පත් අලෙවි කරන ස්ථාන 3ක් ප‍්‍රහාරයට ලක්ව තිබේ. මාධ්‍යවේදීන් සැළකිය යුතු ගණනක් ප‍්‍රදේශය හැර ගොස් හෝ තම වෘත්තීය හැර ගොස් හෝ තිබේ. රජය පොරොන්දු වී තිබියදී සහ සැකකරුවන් නම් කර තිබියදීත් ෙමි කිසිදු සිදුවීමක් පිළිබඳව බලවත් පරීක්‍ෂණයක් සිදුවී නොමැත.’’

ශී‍්‍ර ලංකාෙවි මාධ්‍ය නිදහස පිළිබඳ සොයාබැලීමට පැමිණි ජාත්‍යන්තර ¥ත මණ්ඩලයේ කොටස් කරුවන් වූ දේශසීමා නැති මාධ්‍යෙවිදියෝ (RSF සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (IMS නියෝජිතයෝ ඒකාබද්ධව නිකුත් කළ නිරීක්ෂණ වාර්තාවේ එසේ සඳහන්වේ. ශී‍්‍ර ලංකාව නම් වනිඒකීය’ රාජ්‍යයෙන් හුදෙකලා කොට දමා ඇති අනතුරුදායක උතුරේ ජනමාධ්‍යවේදීන් පිළිබඳ සොයා බැලීමේ වගකීමෙන් නො මිදීමට අප තීරණය කළේ එම වාර්තාව නිකුත්කිරීමටත් බොහෝ කලකට ඉහතදීය.

වින්සන්ට් ජෙයන් අප මිත‍්‍රවරයෙකි. මිත‍්‍ර මාධ්‍යවේදියෙකි. මාධ්‍යවේදියෙකු සතු ව්ය යුතු ගවේෂණශීලි දෑසක් ඔහු සතු විය. ඔහු එම අංශයෙන් ඉදිරියට එන මාධ්‍යවේදියෙකු වෙමින් සිටියේය. විශේෂ තත්වයන් යටතේ වාර්තා කිරීම වෙනුවෙන් වන කර්තෘ සංසද සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබූයේ එබැවිනි. 2004 අග භාගයේ යාපනයේ දී ඔහු හමුවූ විටෙක ඔහු කී දෙයක් මතකයට නැගේ.

‘‘මං කැමතියි සිංහල කෙල්ලෙක් බඳින්න. ටීචර් කෙනෙක් නමි වැඩිය හොඳයි.’’

‘‘ඒ ඇයි?’’ අපි ඇසීමු.

‘‘එතකොට සිංහලත් හොඳට ඉගෙන ගන්න පුලූවන්.’’

ඔහු ජාතීන් අතර සහෝදරත්වය වෙනුවෙන් සිහින මැවූවෙකි. එය සැබෑකරලීම වෙනුවෙන් දායක වීමට අපට නොහැකි විය. මෑතක දී ඔහු දෙමළ තරුණියක් නිවෙසට කැන්දාගෙනවිත් තිබුණි. එහෙත් අනතුරුදායක නගරයේ වැඩිකලක් විවාහයේ පේ‍්‍රමය භූක්ති විඳිය නොහැකි විය. ඔහු මෑතකදී අපට කෙළඹ දී මුණ ගැසුණි.

‘‘නිවුස් එකක් හොයා ගන්න බැරියර් සීයක් විතර පහු කරන්න ඕනා. බැරියර් පහු කරන්න ව්‍යාජ කුලූපගබවක් හරි මවා ගන්න සිද්ධවෙනවා. බොරුවට හරි හිනාවෙන්න සිද්ද වෙනවා. එහෙම කළාම අනිත් පැත්තට සැකයි. එතකොට ඇලවෙන්නේ වෙන ලේබලයක්. අපි මේ දෙපැත්තෙන්ම තැලෙනවා.’’

ජෙයන්ගේ මාධ්‍ය ජීවිතය දැන් තාවකාලිකව විසන්ධි වී ඇත. එපමණක් නොව නිමලරාජන්ගෙන් පසු ඔහුගේ අවකාශය පිරවීමට උත්සාහ ගත් කිසිදු ගවේෂණශීලී මාධ්‍යවෙදියෙකු යාපනය අර්ධද්වීපයේ නැත. මහේෂ්වරන්ල ජෙනගේෂ්වරන්ල තවසෙල්වම්ල දයාබරන් ඇතුළු කිසිවෙකු යාපනය තුළ නොවේ. එබැව්න් ගවේෂණශීලි මාධ්‍යවේදයක්ද එහි නැත.

වේලූතන්ජන් විකල්ප මතධාරියෙකි. පුවත්පත් කිහිපයක සේවය කළ ඔහු අද නිදහස් මාධ්‍යවේදියෙකි. මාධ්‍යවේදීන් යාපනය හැරයාම හෙළා දකින ඔහුට ඒ පිළිබඳ විවේචනයක් ද තිබේ.

‘‘දැන් ඉන්නේ මාධ්‍යවේදීන් නෙමෙයි නලූවෝ. ව්‍යාජ මාධ්‍ය රඟපෑමක නිරත වෙලා ඉන්නේ වෙන වෙන හේතු එක්ක. ඒ හේතු මතම පදනම් වෙලා කොළඹ යනවා ඊට පස්සෙ රට යන්න හදා ගන්නවා. අපේ දරු පවුල් දෙමව්පියො ඉන්නෙ මෙහෙ. අපිට යාපනෙන් යන්න බොරු හේතු හදාගන්න ඕනෙනෑ.’’

වේලූකන්පන්ගේ විවේචනය කෙබඳු වුවත් යාපනය භීතියේ නගරයක් වීම සොයා බැලිය යුතු වගකීමකි. යාපනයේ පළවන ප‍්‍රමුඛ පුවත්පත වන ‘‘උදයන්’’ හි ප‍්‍රධාන සංස්කාරක එම්.වී. කානමයිල්නාදන්ට ඇහුන්කන් දීම යුතුකමක් වන්නේ එබැවිනි.

‘‘තරුණ පරම්පරාව ජනමාධ්‍යයට එන්නෙ නෑ. බයයි. ඒක සාධාරණ බයක්. හැමෝම වෙන රස්සාවල් හොයාගන්නවා. හැම කෙනෙක්ම බලන්නෙ යාපනෙන් පිටවෙන්න පාර හොයාගන්නෙ කොහොමද කියලා. ඒ තරමට මෙහෙ ජීවත්වෙන එක දුෂ්කර වෙලා තියෙන්නේ.’’

උදයන් සංස්කාරවරයා 2001 වසරේ ජුනි 23 දා හඳුනා නොගත් අතුරු හමුදා ප‍්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි. එහෙත් අද වන තුරුත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ‘‘උදයන්’’ පුවත්පත මුද්‍රණය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔහුට හැකියාව ලැබී ඇත.

2001 මැයි 06 දා උදයන් කළමණාකරු කේ නන්දකුමාර් ඝාතනය කෙරුණි. 2006 ජනවාරි 24 දා උදයන් තී‍්‍ර”මලේ වාර්තාකරු එස් සුබීර්දරාජන් ඝාතනය කෙරුණි. 2006 මැයි 03 දා රජය කෙළඹ දී නිදහස් මාධ්‍ය දිනය සමරමින් සිටියදී යාපනය උදයන් කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවිණි. ඉන් අලෙවි කළමණාකරු බැස්ටියන් ජෝර්ජ් (සුරේෂ්* සහ රංජිත් කුමාර් රාජරත්නම් නම් වූ බෙදාහැරීම් අංශයේ සේවකයා ඝාතනයට ලක් විණි. පරිඝනක අංශයේ සියලූ පරිඝනක විනාශ කර දැමීමට ද ඝාතකයෝ අමතක නොකළහ.

යළිත් 2006 ජුනි 23 දා එහි පුවත්පත් සංස්කාරක කේ කුමාරදාස් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැණුනි. 2006 අගෝස්තු 15 දා උදයන් නිත්‍ය රියැදුරු එස් බාස්කරන් ඝාතනය කෙරුණු අතර 18 දි කෝපායි රාස් වීදියේ පිහිටි අමුද්‍රව්‍ය ගබඩාවට ගිනි තබා විනාශ කෙරුණි.

උදයන් පුවත්පතට එල්ල වූ අනේක විධ ප‍්‍රහාරයන් ගේ ආසන්නතම සිද්ධිය ඉකුත් අපේ‍්‍රල් 30 දා පෙරවරු 10.00 ට පමණ යාපනය නාවලර් මංසන්ධියේ දී යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් උදයන් මාධ්‍යවේදී සෙල්වරාජා රජීවර්මන් ඝාතනය කිරීමයි.

‘‘අද ඉතින් නිවුස් එඩිටරුයිල සබ් එඩිටර්ලයි ඔක්කොම මං තමයි. අපේ එඩිටරුයි මායි පහුගිය අවුරුද්දෙ මාර්තු මාසෙ ඉඳන් එක දවසක්වත් ගෙදර ගිහින් නෑ’’

උදයන් පුවත්පතේ ප‍්‍රවෘත්ති සංස්කාරක එස් කුගනාදන් පවසයි. උප සංස්කාරකවරු සිව් දෙනෙකු සහ මාණ්ඩලික වාර්තාකරුවන් අට දෙනෙකු සිටි උදයන් පුවත්පතේ අද සේවය කරන පුර්ණ කාලීන මාධ්‍යවේදින් දෙදෙනා ඔවුන් පමණකි.

අද අපට සිද්ධවෙලා තියෙන්නේ කාර්යාලයට ලැබෙන ලිපි, නිවේදන, දුරකථන ඔස්සේ ලැබෙන දේවල් වලට විතරක් සීමා වෙලා ඉන්න. දැන්වීම් වලින් පිටු පුරවන්න. ආරක්ෂක හේතු නිසා ප‍්‍රාදේශිය වාර්තාකරුවන් පවා අඩුවෙලා. ඒ ඔවුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන්‘ කුගනාදන් වැඩි දුරටත් සඳහන් කරයි.

මෙබඳු අඛණ්ඩ පිඩාකිරීම් හේතුවෙන් යාපනයේ පළවූ ප‍්‍රකට පුවත්පතක් වූ ‘‘නමුදු ඊළනාඩු’’ වැසී ගොසිනි. එහි කළමණාකරණ අධ්‍යක්‍ෂ සින්නතම්බි මහසිවරාජා ඝාතනය කෙරුණේ තෙල්ලිප්පෙලෙ හි පිහිටි ඔහුගේ නිවසේදී ම ය. පුවත්පත වැසී ගියේ ඉන් අනතුරුවය.

වර්තමානයේ යාපනයේ උදයන් පුවත්පතට අමතරව පළවනුයේ ‘‘යාල් තිනක්කුරල්’’ හා ‘‘වාලම්පූරි’’ යන පුවත්පත් දෙක පමණි. උදයන් සන්තෑසියම එම පුවත්පත් හි ද මහා පොදු සාධකය බවට පත්ව ඇත. 70ක් 80ක් පමණ වූ වාලම්පූරි හි ප‍්‍රාදේශිය වාර්තාකරුවන් ගණන මේ වනවිට 10 ටත් වඩා අඩු පිරිසක් බවට පත්ව තිබේ. මේ වනවිට එහි කිසිදු ප‍්‍රාදේශිය ප‍්‍රවෘත්තියක් පළ නොවන තත්වයක් දක්නට ලැබෙන අතර ජාතික මට්ටමේ පොදු ජනප‍්‍රිය ප‍්‍රවෘත්ති සහ විදෙස් ප‍්‍රවෘත්ති සඳහා පමණක් අවධානය යොමු කරමින් තිබේ.

‘‘ප‍්‍රවෘත්තියකට වඩා ජීවිතය වටිනවා’’ වාලම්පූරි තරුණ මාධ්‍යවේදියෙකු පැවසීය. ‘‘මාධ්‍ය හැඳුනුම්පත කියන්නෙ මරණ වරෙන්තුවක්. කිසිම සාධාරණ පිළිගැනීමක් නෑ. චෙක් පොයින්ට් වලදී හමාුදාව මාධ්‍යවේදීන් දිහා බලන්නේ කොටියෙක් දිහා බලන්න වගේ ’’

යාපනයේ තත්වය මෙබඳුය. එයියාල් තිනක්කුරල්’ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක එස් වාමදේවන් ගේ හඩින් ම නම් මෙබඳුය.

‘‘අපි පස්සේ මෝටර් සයිකල් වයිට් වෑන් පන්නනවා. තර්ජනය කරලා එස් එම් එස් ටෙලිෆෝන් කෝල් එනවා. සෝදිසි කරනවා. අපේ ඔෆිස් එකේ විතරක් 6 වතාවක් රවුන්ඞ් අප් කරලා තියෙනවා. ’’

පුවත්පතක ප‍්‍රධාන සංස්කාරකවරයෙක් වුව ද වාමදේවන් තවම පැද යන්නේ පාපැදියයි. ඒ ඔවුන්ගේ සරල දිවි පෙවෙතේ ලක්‍ෂණයකි. මෝටර් බයික් හෝ වයිට් වෑන් වලින් මඟ හැර යන්නට නිරායුධ පාපැදි මාධ්‍යවේදීන්ට හැකිෙවිද ?

‘‘ආරක්‍ෂක අංශවල අවසරයකින් තොරව කිසිම දෙයක් කරන්න බෑ. නිවුස් ෆොටෝග‍්‍රාෆ් එකක්වත් නිදහසේ ගන්න බෑ. හැම පැත්තෙන් ම අදහස් විමසලා බැලන්ස් නිවුස් එකක් ලියන්න මෙහෙ අමාරුයි. කොයි පැත්තෙන් හරි බලපෑම් එනවා. ’’

‘‘යාල් තිනක්කුරල්’ හි සේවය කරනුයේ ද පූර්ණ කාලීනයන් සිව් දෙනෙකු පමණි. ඔවුන්ගේ ප‍්‍රධාන වාර්තාකරුවකු වූ සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් වඩමාරච්චියේදී අතුරුදහන් වූයේ ය. ඉන් අනතුරුව එම පුවත්පතට ප‍්‍රවෘත්ති සැපයූ සෙස්සන්ගේ ද මාධ්‍ය කලාවට කණකොකා හැඬලීය.

පොදුවේ යාපනයේ පුවත්පත් සඳහා වන තවත් මුඛ්‍ය මර්දනයක් වනුයේ මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ගෙන ඒම තහනම් කිරීමයි’ මුලින් සිදුවූයේ ගෙන එ්ම තහනම් කිරීමයි’ එහෙත් පිටු දෙකකින් හෝ තම මාධ්‍යකාර්යය කරගෙන යාමට තරම් යාපනය මාධ්‍යවේදීන් ධෛර්යයසම්පන්න වී තිබුණි’

‘‘ දැන්නම් ප‍්‍රින්ටින් පේපර්ස් එනවා’ ඒත් ඒවා මදියි’ ඒ හින්දා අපි පත්තර අච්චු ගහන්නේ කොළත් අඩුවෙන්’ පත්තරත් අඩුවෙන්’’’

‘‘උදයන්’’ සංස්කාරක කානමයිල්නාදන් පවසයි’ වෙනදා පිටු 16කින් හෝ 20කින් යුත්ක වූ ‘‘උදයන්’’ අද පිටු 8 සිට 10 දක්වා සීමාවී තිබේ’ වෙනදාට පිටු 16 සිට 14 දක්වා වූ ‘‘යාල් තිනක්කුරල්’’ අද පිටු 6 සිට 8 දක්වා වන සීමාවේ ?ඳී ඇත.

‘‘යාපනයේ මිනිස්සුන්ට තියෙන්නේ තමන් නොසලකා හරින ලද පිරිසක් බව කියන හැඟිම’ ඔවුන් කල්පනා කරන්නේ තමන් අත්හැර දමන ලද පිරිසක් බවයි’’ මේක මාධ්‍යවේදීන්ටත් පොදුයි’’ උදයන් සංස්කාරක පවසයි

‘‘කිසිකෙනෙක් දන්නේ නෑ ඊළඟ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා. ඒත් අපට ජනතාව එක්ක ඉන්න වෙනවා. අපිට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.’’

මේ සියලූ ප‍්‍රශ්න පිළිබඳව උතුරු ලංකා ජනමාධ්‍යවේදින්ගේ සංගමය යාපනය යුද හමුදා ආඥාපති සමඟ සාකච්ඡුා කර ඇත. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය හැඳුනුම්පත පවා පිළිගන්නා ලෙස සිය නිලධාරීන් වෙත දැනුම් දෙන බවයි. එහෙත් හමුදාව වෙතින් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් මේ ප‍්‍රශ්න වෙත ලැබී නැතැයි යාපනය මාධ්‍යවේදීහු චෝදනා කරති.

එම් කදිරගාමර්තම්බි ‘‘යාල් තිනක්කුරල්’’ පුවත්පතේ නියෝජ්‍ය සංස්කාරක මෙන් ම උතුරු ලංකා ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. 1962 දී ලේක්හවුස් ඬේලි නිවුස් පුවත්පතින් ඇරඹු මාධ්‍ය ජීවිතයට 45 වසරකට ආසන්නය. එවන් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකුට පවා තවමත් නිදහසේ වෘත්තියේ නියැලීමට අවකාශයක් නැත.

‘‘ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරාගේ මූලිතක්වයෙන් සටන් විරාම ගිවිසුම කාලේ අපි අරම්භ කළා උතුර දකූණු මාධ්‍යවේදීන්ගේ සංගමය. එහි සභාපතිවරයා වුණේ සුටැන්ලි සමරසිංහ. මම ලේකම්. අපි හිතුවා ඒ තූළින්වත් උතුරු දකුණු මාධ්‍යවේදීන් අතර සහෝදරත්වයක් ගොඩනැගෙයි කියලා. ඒත් ඒක හිනයක්.’’ කදිරගාමර්තම්බි පවසයි. ‘‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විතරයි අපි ගැන හොයලා බැලූවේ. රැුකියා නැතිවෙච්ච අපේ මාධ්‍යවේදීන්ට දීමනාවක් දෙන්නත් ඒ ගොල්ලෝ කටයුතු කළා.’’

ඔහු වැඩි දුරටත් දකුණේ මාධ්‍යවේදීන්ගෙන් මෙසේ ඉල්ලීමක් කරයි.

‘‘ අපි ඉතා කාරුණිකව දකුණේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ප‍්‍රශ්න ගැන හොයලා බලන්න. අපි මේ ශ‍්‍රී ලංකාවෙ ම මාධ්‍යවේදීන්. අපිව කොන් කරන්න එපා. ’’

එබඳු වේදනාත්මක ඉල්ලීම් තිබියදී වුව ඝාතනයකට වුව ප‍්‍රතිචාර නොදැක්වීමට තරම් දකණේ මාධ්‍ය සංස්කෘතිය අගතිගාමී වී ඇත. යාපනය සරසවියට අනුබද්ධ ජනමාධ්‍ය පර්යේෂණ හා තාක්‍ෂණික මධ්‍යස්ථානයේ :ඵඍඔක්‍* ශීෂ්‍යයෙකු වූ සහදේවන් නිලක්‍ෂන් ඉකුත් ජුලි මස දී ඝාතනය කෙරුණු විට දකූණේ ඇතැම් මාධ්‍යවේදීන් ප‍්‍රකාශ කළේ ඔහු මාධ්‍යවේදියෙකු නොවන බව පමණි. එහෙත් ඔහු යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයට සම්බන්ධ ප‍්‍රකාශනයක් වූ ‘‘සාරලම්’’ හි සංස්කාරක බව බොහෝ දෙනෙක් මඟ හැර ගියහ.

මේ හුදෙකලා කිරීම යාපනය තුළ යථාර්තයක් බවට පත්ව තිබේ. මාධ්‍යකරණය ගැන උනන්දුවක් ඇල්මක් හා පිපාසාවක් ඇති කිසිදු තරුණයෙක් ඒ හා ඍජුව සම්බන්ධ වන්නේ නැත. ජනමාධ්‍ය හදාරන ශිෂ්‍යයෙකුගෙන් අපි ඒ ගැන විමසුවෙමි.

‘‘ඔබ කොහෙටද වැඩ කරන්න හිතන් ඉන්නේ’’

‘‘ආසාවට ඉගෙන ගන්නේ. වැඩකරන්න අදහසක් නෑ.’’

‘‘එහෙනම් මොනවද කරන්නේ ’’

‘‘මං ගොවිතැන් කරනවා.’’

අපි ඔහුගෙන් ඊට හේතු විමසුවෙමු. කෙටි පිළිතුර විසින් අප නිරුත්තර කරන ලදි.

‘‘පොළොවෙ වගා කරන දේවල් වලින් දවසක් දෙකක් හරි ජීවත් වෙන්න පුලූවන්. පත්තර වල වගා කරන දෙයින් දවසින් දෙකින් මැරුම් කන්න පුලූවන්.’’

මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ

මුල් උදුරා වහල්ලු කොට වැඩ ගැනීමේ පෙර නිමිති

soldier_&_refugees

(මෙම සංවාදමය සටහන 2007, ජූලිමස රාවය පුවත්පතේ පළවූවකි. එහි අවසානය විසින් මතුකරන අර්ථය නැවත කියවා බැලිය යුතුය.)

“උතුර නැගෙනහිර දකුණ ද බටහිර එක කොඩියේ සෙවනේ “යැයි සුනිල් ශාන්තයෝ ගැයූහ.ගීතයක් තුළ පවා උතුර සහ නැගෙනහිර එක්ව සිටීම නොරිස්සුවෝ එය “දකුණ නැගෙනහිර උතුර ද බටහිර ” සේ ඈත්ව තැබීමට උත්සුක වූහ.

මාවිල්ආරු ක‍්‍රියාන්විතය තුළ දකුණට සන්නිවෙදනය කළ ප‍්‍රතිප‍්‍රහාර දැක්වීමේ ක‍්‍රම වේදය පසෙකින් තබා ඍජුව ම නැගෙනහිර මුදවා ගැනීම අභිප‍්‍රාය කොට ගත් යුද මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට ත‍්‍රිවිධ හමුදාවෝ මේ මොහොතේ දී ත් පේ වී සිටිති.එය ආණ්ඩුවේ මිලිටරිමය ප‍්‍රකාශනය මිස අනෙකක් විය නොහැකිය.”අපි වෙනුවෙන් අපි”ප්‍රොපගැන්ඩා යාන්ත‍්‍රනය හරහා දකුණේ උත්කර්ෂයට නැංවූ ත‍්‍රිවිධ හමුදාවන්ගේ පරෝපකාරී ජාති හිතෛෂීභාවය මෙම යුද මෙහෙයුම් තුළ යතාර්ථයක් ද යන්න විමසා බැලිය යුතු අතිශයින් සංකීර්ණ ගැටළු සමුදායයකි.

නැගෙනහිර වත්මන් යුද මෙහෙයුම් පිළිබඳ දකුණේ මතවාදී අවකාශයක සැරිසරමින් සිටිනා අතරතුර ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කතුවර මාලින්ද සෙනෙවිරත්න හමුවිය.

“යුද්ධයක් නැති තත්වයක් තියෙනවා නම් හොඳයි.ඒත් අපි ආස කරන යුතෝපියාවන්ට යන්න අමාරුයි.ඒවා යතාර්ථවාදී නෑ” ඔහුගේ පිවිසුම එබඳුය.ඔහුට අනුව මේ රටේ පවතින්නේ ත‍්‍රස්තවාදයකි.එය ජාතික ආරක්ෂාවට තර්ජනයකි එබැවින් රජයක් ලෙස ඊට එරෙහිව ගත යුතු පියවර රාශියක් තිබේ.

“යුද්ධය හරියට කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒත් යුද්ධයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ltte එක 2002 ට වඩා ජාත්‍යන්තරවල මිලිටරිමයවල මතවාදීමය ලෙස හැම අතින්ම දුර්වලයි.පිරිසක් හැටියටත් බෙදිලා.මේක රජයට වාසිදායක තත්වයක්.ඒ තුළ නැගෙනහිර මුදා ගන්න එක ඉතා වැදගත්. මතවාදීමය වශයෙන් තියෙන මේවා අපෙ නිජබිම් කියන සංකල්ප එතනින්ම හමාර වෙනවා.අධිකරණ තීන්දු මගින් හෝ යුදමය ක‍්‍රියාමාර් මගින් ලබන ජයග‍්‍රහණ පමණක් මේකට ප‍්‍රමාණවත් වෙන්නේ නෑ. ltte ග‍්‍රහණයෙන් මුදාගන්න දෙමළ මුස්ලිම් ප‍්‍රජාව අපේ පුරවැසියො කියන එක අපේ ඔළුවෙ නැත්නම්.නැගෙනහිර මුදා ගැනීමට සමාන්තරව එහි ප‍්‍රජාවගේ ජීවන රටාවලට ලොකු ධනාත්මක වෙනසක් ඇති වෙන විදියේ සැළසුමක් ක‍්‍රියාත්මක කෙරෙන්න ඔනා”

ඒත් වත්මන් ආණ්ඩුව තුළ එවැනි සැළසුමක් නැති බව මාලින්දගේ විශ්වාසයයි.එසේම දේශපාලන උවමනාවන්ට අනුව යුද සැළසුම් නිර්මාණය වනවා නම් හෝ පැනඩෝල් පෙත්තේ සිට මෝටාරය දක්වා කොමිස් ගිලීමේ උවමනාව යුද්ධය තුළ පවතිනවා නම් එය තේරුමක් නැති යුද්ධයක් බව මාලින්ද පවසයි.මෙම යුද මෙහෙයුම් හරහා සිවිල් වැසියන් ඝාතනය වීම ඔහු දකින්නේ මෙලෙසිනි.

“මිනිස්සු මැරෙනවා තමයි.ඒවා හිත හිත යුද්ධ කරන්න බැ.රට දීලා දාන්න ද කියන්නේ.ඒවා බේදවාඡකයන්.ඒවා අවම වෙන එකයි කෙරෙන්න ඔන.යුද්ධ කරන්න පුළුවන් පූජනීය විදියක් සුජාත ආකාරයක් නැහැනේ ”

“මේක සාකචිඡ මේසයට කැඳවීමට කෙරෙන බලපෑමක් ”

සාම සාකචිඡ මග හැරීමට උත්සාහ ගත්ල එජාප පාලන සමයේ සටන් විරාමය තුළත් හමුදාවන්ට පහර දුන්ල එජාපය බලන් සිටිය දී මිනිස් ඝාතන සිදුකළ ltte ත‍්‍රස්තවාදීන්ගේ මිලිටරි බලය අඩපණ කොට ඔවුන් සාකචිඡ මේසයට කැඳවීමට මහින්ද රාජපක්ෂ රජය විසින් ගනු ලබන්නා වූ උත්සාහයක් ලෙස නැගෙනහිර මුදා ගැනීමේ යුද මෙහෙයුම් අර්ථකථනය කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අවසාන විග‍්‍රහයේ දී සාකචිඡව වැදගත්ම ක‍්‍රියාමාර්ගය ලෙස ද දකිති.

“නිල හමුදාවක් විදියටල තමන්ගෙ කඳවුරු විනාශවෙනවා නම් තමන්ගේ සෙබල මුළු විනාශවෙනවා නම් බලාගෙන ඉන්න පුළුවන් කමක් නෑ.මේවට උත්තර දෙන්න ඔන ඒ විදියටම තමයි. ජාත්‍යන්තර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවල අය කෑගහන්න පුළුවන් මේවා වැරදියි කියලා.ඒ අයට ආධාර ලැබෙන්නේ ඒවට තමයි.නමුත් රජයකට එහෙම බෑ.ත‍්‍රස්තවාදයට උත්තර සොයන්න රජයට සිද්ධවෙනවා.නමුත් සිවිල් වැසියන්ට වෙන පීඩාව අවම වෙන විදිහටයි ප‍්‍රහාර දියත් කළ යුත්තේ ”

“මෙය ප‍්‍රශ්නය තව තවත් අවුළුවාලීමක් ”

මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න යුද්ධයට එරෙහි මතවාදයක පිහිටා ක‍්‍රියාකරන විද්වත් සමාජ කි‍්‍රයාකරිකයෙකි.ආණ්ඩුව මෙම යුද මෙහෙයුම හරහා අන්තවාදීන්ගේ අතකොළුවක් ලෙස කි‍්‍රයාත්මක වෙමින් සිටින බව ඔහු පවසයි.වත්මන් දේශපාලන සැළසුම් මෙන්ම යුද සැළසුම් ද මෙම අන්තවාදීන්ගේ වීම හරහා රට තුළ ඉතා භයානක තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද ඔහු පවසයි.

“මේ මෙහෙයුම් එල්ල වෙලා තියෙන්නේ ඉලක්ක කණ්ඩායම්වලට නෙවෙයි.සාමාන්‍ය ජනතාවගේ ඔළු ගෙඩිවලට.මේක විශාල මානූෂීය ප‍්‍රශ්නයක්.දැන් මේක ජාත්‍යන්තර තලයේ මාතෘකාවක් බවට පත්වෙලා ඉවරයි.මේක ආණ්ඩුවට විශාල කැළලක්.ආණ්ඩුව දැන් හිතන්නේ යුද මෙහෙයුම් විතරයි,ජාතික ප‍්‍රශ්නය විසඳන්න තියෙන එකම උපායමාර්ගය කියලා.අනිත් පැත්තෙන් ltte ය තමන්ගේ ජනතාව පීඩාවට පත්වෙන්න ඉඩ දීලා ඒ හරහා ජාත්‍යන්තර අවධානය යොමුකර ගැනීමට උත්සාහ කරනවා.එකෙන් ජාත්‍යන්තර ප‍්‍රජ‍්‍රාව හා රජය අතර විශාල මතවාදී ගැටුමක් ඇතිවෙලා. ආණ්ඩුව සිදුකරන ජාත්‍යන්තර මානවවාදී නීතිය උල්ලංඝනය කිරීම හරහා විශාල අනුකම්පාවක් දිනා ගැනීමයි ltte අභිලාශය”

යුරෝපා සංගමයේ ඊලඟ සභාපතීත්වය හිමිවන්නේ ජර්මනියට බවත් ජර්මනිය ltte විරෝධී දැඩි මතවාදයක පිහිටා නැති බැවින් වර්තමානයේ යුරෝපා සංගමයේ පවතින ltte තහනම ඉවත් කිරිමට පවා ඉඩ ඇති බවත් මහාචාර්ය ජයන්ත පවසයි.

“යුද්ධය වළක්වන්න බැරි තර්කයක් ”

විකල්ප මතධාරියෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යෙෂ්ට කිථිකාචාර්ය ධම්ම දිසානායක පවතින යුද්ධයට පක්ෂ හා විරුද්ධ දෙවර්ගයේම ගුරුකුල සිදුකරමින් සිටින්නේ යුද්ධයට උදව්කිරීම බවත් එබැවින් මේ දෙකම ප‍්‍රතික්ෂේප කරන මානූෂිය ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් පවසයි.ඒ හරහා යුදවදින දෙපාර්ශවයට ම යුද මෙහෙයුම් නවතා සාකචිඡ මේසයට එමට බලපෑම් කළ යුතු බවත් ඔහුගේ උපකල්පනයයි.ඔහු එම උපකල්පනය ගොඩනගන්නේ මෙබඳු විග‍්‍රහයක් මත පදනම් වෙමිනි.

“ජනවාර්ගික ගැටුම තීරණාත්මක හා සන්නද්ධ ගැටුමක් ලෙස 1983 න් පස්සේ ඉස්සරහට එන්න පටන් ගන්න කොට ඒ ආපු වේගෙට සමගාමීව අපේ ඊට අදාලව දේශපාලන සංස්කෘතියක් වර්ධනය වුනේ නෑ.83න් පස්සේ සන්නද්ධ දේශපාලනය ධ‍්‍රැවීකරණය වුණා. උතුරු නැගෙනහිර සන්නද්ධ දේශපාලන කි‍්‍රයාමාර්ග එක පසෙකට ධ‍්‍රැවීකරණය වෙද්දී රාජ්‍ය හමුදාවල යුදමය ආමන්ත‍්‍රණය අනෙක් පසට ධ‍්‍රැවීකරණය වුණා.සමාජයක වෙන්න ඔනෙ මේ ධ‍්‍රැවීකරණ දෙකම වටහා ගෙන ඊට ඉහළින් හෝ මැදින් මතුවන එක්තරා විදිහක පුළුල් දේශපාලන සංස්කෘතියක් මේ දෙක අතර ඇතිවන ගැටුම විසඳනු ලබන දේශපාලන ප‍්‍රවාහයක් ඉදිරියට එමට නියමිතව තිබුණා.නමුත් එහෙම දෙයක් වුණේ නෑ. එයට හේතුව යුදමය ක‍්‍රියාමාර්ග දේශපාලනයට වඩා අධිනිශ්චය වෙනකොට ඒකට ලංකාවේ සිවිල් සමාජය හා අනෙකුත් සියලූ සමාජ ස්ථර දැක්වූයේ ප‍්‍රතිචාරාත්මක භාවයක් නිර්මාණාත්මක භාවයක් නෙවෙයි.

“දැන් වෙනකොට වෙලා තියෙන දේ තමයි මේ ධ‍්‍රැවීකරණයන් කිසිවෙකුටත් ලංකරන්න බැරි ආකාරයට උග‍්‍ර වෙලා ඉවරයි.මේ තුළ යුද්ධය වළක්වන්න බැරි තර්කයක් බවට පත්වෙලා.ඒ බැරිකම ඇතුළේ දෙපැත්තෙන්ම කරන යුද මෙහෙයුම් අපි කැමති උනත් අකමැති උනත් ප‍්‍රශ්නයට අවශ්‍ය උත්තරයි හොයන්නේ ඒක හරි භයානක එකක් වෙන්න පුළුවන්.

“විසඳුම සාකචිඡව හා සම්මුතියයි”

යුද්ධය ඉතිහාසය මත පදනම් වුණු තාර්කික යතාර්ථයක් වුණත් ප‍්‍රශ්නයට උත්තරයක් නොවණ බව යුද්ධයේ සක‍්‍රිය අත්දැකීම් බහුල හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන එයාර් වයිස් මාර්ෂල් හැරී ගුණතිලකගේ අදහසයි.මාධ්‍ය හරහා දස වසරක පමණ ඉහත සිට ඔහු දැරූ ස්ථාවරය අදද කිසිදු වෙනසක් නැත.යුද්ධයට එකම විසඳුම සාකචිඡව හා ඒ මගින් එළැඹෙන සම්මුතිය හා පමණක් බවයි ඔහු පවසන්නේග ඔහුට අනුව ltte යට හෝ ත‍්‍රිවිධ හමුදාවට කිසිවිටෙකවත් උනුන් පරාජය කළ නොහැකිය.

ltte ය පූර්ණ වශයෙන් මර්දනය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව උපකල්පනය කළත් මේ ප‍්‍රශ්නය වෙනත් තැනකින් වෙනත් ප‍්‍රවේශයකින් මතුවන එක කාටවත් වලක්වන්න බෑ.ඒ විදියටයි අවුරුදු 23ක් තිස්සේ මේ යුද්ධය දිග්ගැස්සිලා තියෙන්නේ.වත්මන් යුද මෙහෙයුමේ එක් පදනමක් තමයි උතුරින් නැගෙනහිර වෙන් කිරීම. ඒකම තමයි ලොකුම ප‍්‍රශ්නය.කොහොමද එහෙම වෙන් කරන්නේ. ඉන්දියාවෙ ස්ථාවරය මන්මෝහන් සිං හරහා ප‍්‍රකාශවෙලා තියෙනවා එහෙම කරන්න එපා කියලා.ඉන්දියාව මේකට විරුද්ධ වුණොත් අපට පුළුවන්ද ඒගොල්ලොත් එක්ක ගහගන්න”

“මේක තුට්ටු දෙකේ ශ‍්‍රමිකයන් බිහිකරලීමේ මෙහෙයුමක් ”

යුද හමුදාපති සරත් ෆොන්සේකා ගේ අලූත් අවුරුදු පණිවිඩය තුළ බෙදුම් සතුරන් අතුගා දමා තම මාතෘ භුමිය නිදහස් කර ගැනීම 2007 වසර තුළ සිදු කරන බව සඳහන් විම ඉතාම බරපතල යුද නිමිත්තක් බව නව වාමාංශික පෙරමුණේ අධ්‍යාපන ලේකම් රනත් කුමාරසිංහගේ මතයයි.ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා ද සිය අලූත් අවුරුදු පණිවිඩවලින් පවසා තිබුණේ සාමය ගෙන ඒම වුවත් අවුරුද්ද එළැඹීමත් සමග ම ගුවනින් බොම්බ දමා සිවිල් වැසියන් හා ළමුන් රැසක් ඝාතනය කිරීම ඔවුන්ට ලබා දුන් අවුරුදු තෑග්ග දැයි රනත් ප‍්‍රශ්න කරයි.

“ltte ය සැළකිය යුතු පරාජයකට ගෙන යාම පිළිබව ආණ්ඩුව හා විපක්ෂය අතර පැහැදිලි එකඟතාවක් තියෙනවා. ඒත් ltte ය කියලා අඟහරු ලෝකෙන් කඩා වැටිචිච සංවිධානයක් නෑ . දෙමළ විමුක්ති අරගලේ ප‍්‍රධාන ප‍්‍රකාශකයා ලෙස ඉන්නේ කොටි සංවිධානය.ඒක පරාජයකට ගෙන යනවා කියන්නේ දෙමළ ජනතාවගේ පිටකොන්ද කැඩිම.පිටකොන්ද කඩලා මේගොල්ලො කැමති සොචිචම් විසඳුමක් ඒ අයගෙ කරේ පැටවීම තමයි ඒ අයගේ බලාපොරොත්තුව.ප‍්‍රදේශිය බල බෙදීමකට කවදාවත් දෙමළ ජනතාව එකඟ වෙන්නෙ නෑ.එකඟ වෙන්න පුළුවන් කමක් නෑ.උතුරු නැගෙනහිර ඒකාබද්ධතාව පිළිගත් යෝජනා තමයි ඉදිරිපත් වෙන්න ඔන”

නැගෙනහිර යුද මෙහෙයුම් පිළිබඳ රනත්ගේ විග‍්‍රහයට අනුව යුද්ධයෙන් එළියට වැටෙන මින්සුන්ගේ භුමිය අත්පත් කරගෙන එහි ආර්ථික ව්‍යාපෘති නිර්මාණය කිරීමේ සැළසුම් කෙරේ. හිමිකරුවන්ගෙන් තොර භුමිය ආණ්ඩුවට අවශ්‍ය ලෙස පරිහරණය කළ හැකිය.ජනතාව තමන්ගේ සාම්ප‍්‍රදායික වෘත්තීන්ගෙන් ඉවත් කොට කර්මාන්තල සංචාරක ව්‍යාපාරල ඛනිජ සම්පත් විකිණීම වැනි ව්‍යාපෘති ස්ථාපිත කිරීම මෙම යුද මෙහෙයුම්වල අභ්‍යන්තරික වුවමනාව බව ඔහු පවසයි. සාම්පූර්වල ගොඩනැගීමට නියමිත බලාගාරය ද එබන්දකි.දැනටමත් ධීවරයින් විකල්ප වෘත්තින් සඳහා යොමුකිරිමේ ව්‍යාපෘති එහි තවත් ප‍්‍රකාශනයත් බව ද ඔහු පවසයි.

“ltte ය පරාජය කිරීම කියන්නේ මේ විදිහට මුළු ජන ජීවිතය ම කඩාකප්පල් කරලා ඒ අයගෙ මුල් උදුරලා අන්තිමට නිදහස් ශ‍්‍රමිකයන් බවට පත් කිරීම.ලාබ ශ‍්‍රමය බවට පත් කරලා ඒ අය අසරණ කරලා වහල්ලු කරලා වැඩ ගන්න. ඒ අයගෙ ජාතිකත්වය හින්දලා දාලා ජාතික අභිමානය දියකරලා දාලා තුට්ටු දෙකේ ශ‍්‍රමිකයන් බවට පත් කිරීම.මේක ඉතා බරපතල ලෙස සැළකිය යුතු කාරණයයි”

3 Lives

Uvais:

uva1

uva2


The rhythm of life
where the strings have snapped

A crescent moon is there above the wooden fence which crosses the threshold. Below that there are two little stars which shine, go out, and shine again. The crescent moon is the forehead of the little child who is hanging on to wooden fence. The stars are the two little eyes of his which hide again and again and look at us stealthily.

I give my mouth a crooked appearance, put my tongue out, shake my head and make faces to him. He shakes his head, reddening his face, and gives me a light smile. That smile has no symbol of a nationality. There is no symbol of a religion. It is the reflection of humanity unblemished. That smile is the smile of the little son of Mohamed Uvais.

“Vaa daa tha rosa poo
Na onru parththen”

A part of a song by Balasubramaniam rises from the heart. “I saw an unfading rose.” Such is the meaning conveyed by those two lines. Mohamed Uvais living in Paalaiyutru in Trincomalee likes such beauty calm and replete with sorrow. He himself reflects a calm and composed man.

Uvais had his education at Vipulananda Vidyalaya, Trincomalee. He liked very much the association of friends and he had Sinhala friends as well as Muslim and Tamil friends. He got through the G. C. E. O Level and studied commerce at the Advanced Level. After doing the Advanced Level he took to his fathers business work, without thinking twice about it. However whenever he had some leisure he liked to be with his friends and spend time speaking pleasantries lightheartedly. He did not fail to see a film occasionally.

“From my childhood I liked listening to songs. It was Tamil songs I heard much. Specially film songs. If I find time I switch on the radio and listen to film songs. But it is the sad songs which I liked very much.”

The lighthearted life of Uvais who liked sad songs started becoming sad with the coming of the Sinhala-Tamil new year of 2000. That was the first occasion when a musical show came to Trinco in a time that I can remember. All that had stopped due to the war. I think such a show came to the eastern province after a very long time. Boys came to Trinco from places like Batticaloa and Ampara. Which boy fails to go to a musical show in this village?”

In a temporary space of time in which bombs did not explode and shots were not exchanged, Shakthi FM had taken the lead to fill the Mecashire playground with joy. Throughout the day the playground witnessed various items of pleasure and turned into a variety entertainment when darkness fell. More than fifty thousand young men who were tired of the war were trying to sense happiness and were crowding around the stage. But it was only a happiness of a moment. Those who did not like freedom had set a bomb in the middle of the playground.

Twelve persons died in a great explosion. A large number were seriously injured. Uvais as well as a large number of music lovers had lost forever the ability to stand on their feet. All those who were around me were injured. Two of my friends who were with me lost their legs. For about twenty five days I was unconscious. But the greatest consolation was that the members of my family and my friends had not left me alone.”

Uvais had spent about one and a half months in hospital. After two months had passed he had made up his mind to lighten his pain and to re-enter the natural world. When five months had passed he started his life again with a new leg.

“I waited for five months. True I lost a leg. But is it possible for a man to wait longer than that doing nothing?”

He converts his courage into words and pain into smile.

“I took to business in five months.”

There is an overturned boat near the fence at the edge of Uvais’s compound. On another side is a postal ninety. There are several fish boxes
scattered here and there. A tub in which a pair of scales is put is close to it. On the other side is a three-wheeler. Near it, leaning on the wall, is the pair of crutches.

“Everything happens for good.” That’s how Uvais thinks. He permitted time to turn everything to normal, and entered the married life in
2005. The little figure seen above the wooden fence in front is the happiness of that new life.

“The desires of the people are too great. That is the reason for all this trouble.”  He said after much thought when questioned about the condition of the country. He is no preacher and spends his life in accordance with his vision of life. However Uvais is not a person who ever accepts these defeats.

“Life is a challenge. It cannot be given up.”

He purchased a threewheeler in order to facilitate carrying his business, and to earn an additional something by hiring it when it is possible. However there were obstacles due to his particular condition.

“I modified the threewheeler to make it easy for me to ride it. Thereafter for nearly three years I tried get the driving license. I went Colombo four or five times. Finally I got it somehow or other.” That is Uvais’s courage. Who will not find an example, an experience in it?

“I go for business. Come home. My home is a free place to me. I like to be at home. I don’t like to go out even to my relations. I don’t like anyone pitying me.”

*********************************************************************

Premachandran:

premac2 copy

premac1

A man who stood up on eight feet

“To run is all that I can’t do. Perhaps I may be able too do that to if I try. But why should I run? ” So says Velummailum Premachandran stopping near us his bike which he was riding along the path. He is all smiles.

“Let’s go in.” He invites us into his house.

It is a row of temporary houses adjoining each other, built for those displaced by the Tsunami. It is at Salli in Trincomalee and the number of families there is twenty seven. The first of those houses is the residence of Premachandran. Mr.Premachandran caused the bicycle to lean against the wall. Immediately three daughters surround him. The eldest-Dayana-is ten years

old. The middle one-Dilushiya-is younger to the eldest by two years.The youngest Madushaini is younger to the middle one by two years. It is indeed a cradle of happiness rather than a temporary place of residence.

Premachandran’s Appa is a fisherman. Amma had departed this world when Premachandran was just completing one year. Even before he reached Year Ten in the Maha Vidyalaya at Salli,Premachandran decided to go into the deep in the Indian Ocean so that he would be

able to give his Appa some rest and to secure Akka’s future.

But the atmosphere of the war in the area shattered his youthful expectations unexpectedly.

“At a round up in the village seventeen others and I were arrested. I was in a number of camps. Many people like me who had committed absolutely no wrong suffered in the camp,

because we were unable to tell in Sinhala how innocent we were.”

Premachandran who spent one and a half years in jail with no accusations at all was released in 1987. When he came to Trincomalee in search of Appa and Akka he came to know that they were living in a refugee camp as war refugees.

Premachandran decided to take to the sea on their behalf and was waiting for the opportunity to bring them back to Trincomalee.Gradually he reached his aim and was able to bring them to the shore at Salli.

“Those days it was the Indian Army which was here. There were battles with the LTTE in Trincomalee too. In whatever conditions, we went on doing our job.”

He paused for a little while. A fast wind carrying sand and dust blew giving pain to our eyes.

“This happened on the 25th of May 1989. We were ready to go for our job. I felt as if a ball of fire was falling at once on the coast. When I regained my consciousness I found myself in a hospital bed. My right leg was not there. It is said that it happened due to a shell attack.”

He got Rs. 9,500 as compensation for the lost leg. He was a young man then and he would have to go through the rest of his life on a single foot.

“What I wanted was to get a leg quickly and to go to work again.”

He stayed in one place for three months only. With the help of an artificial leg he stood up again.

Premachandran set his hand on the familiar pedal and got on to the Theppam and went in to the waters of the lagoon. A flock of Murallas, a group of small fish, and heap of little fish were packed in his net and came on to the Theppam. The pride of supporting himself with money he earned instead of living on relief came to him again.

The lonely life of Premachandran on the coast of Salli went on for seven years even after he lost one of his legs. The goddess of happiness came to Premachandran’s little house on a proposal made by someone who saw his courage. His bride was Suriyakala.

“I never thought that I alone had problems. I think that is why there is happiness in my

mind.”

So says she lightly. His life of little longing, built with one leg and much effort, was consumed again by the tsunami waves of the sea. Even then he is not shocked. Premachandran’s life in which there is hardly anything to do, where there is no new pain to suffer, is filled with the love of his wife and the three daughters.

“This is my eighth leg.”

he says showing his artificial leg. If the leg he lost is also counted, he now stands on his ninth leg. Various institutions had helped him to obtain artificial legs from time to time.

“A leg like this cannot be used for more than six months. Unlike when you are at home, a leg like this won’t last long when you go to your job on the sea.”

At the beginning he thought of taking to the sea,in order to lighten his father’s burdens and to give his elder sister in marriage. However now his sister is married. She also lives in the same

Tsunami camp at Salli.

“I was unable to attend to Akka’s matters in the way I had hoped to. I tried. Akka knows it. Therefore it doesn’t matter.”

He tells with a smile what should be borne with pain. That is the beauty of Premachandran’s life. The watchful eyes of the soldiers, standing on the seaside of the Trincomalee town which is under heavy guard are directed on the passers by. Premachandran must ride his bicycle along the road.

In appearance he too is an ordinary man. But who can see the effect of the war on his life?

****************************************************************

Padmasiri:

padm1

padm2 copy

From the boat to the Tricycle

“Why, a suicide?” The young soldier blocking the way of the very special motor tricycle speeding forward throws his arm across and shouts in unbridled sarcasm

Indeed he is riding an extraordinary tricycle. That was because he was a special

person. The questioner-the young soldier-is unaware of the history of that

specialness. That was the reason for the unbridle a nature, the sarcasm, and the

levity of the question. The brakes are applied. The tricycle stops in front of

the checkpoint. His sharp eyes looking at the road far away and the vehicles leading forward, become heavy with pain.

“Malli, if I were to commit suicide it should have happened several years ago.”  The pain turns in to words.

“Why’s that? Why do you say so?” the young soldier weighing the varieties

of fish stacked in the box attached to the back of the tricycle, asked.

The reason: The old story turned into a surprised summary. At the end, the

disciplined soldier asks in a calm voice:

“Brother, are you angry with the Navy?”

The reply is silence.

How many sounds can there be in the silence. Then I break that silence.

“I am Kokkuhennadige Athula Padmasiri. My village is Nilwella, Matara. I finished my schooling after the 7th year. I started clashing with the sea at the age of fifteen.”

Padme who bade goodbye to schooling got into Bala mama’s boat. After

studying the behavior of the sea and the waves, in a short period he became adept at detecting the places where the fish abound, and where a shawl of fish gathers.

Gradually he became a leader or “Iskipper” of a boat. It was his fishing that took him from the Southern coast to Trincomalee. However it was love that turned him into a citizen of Trincomalee. The love that he had not experienced at Nilwella he met on the shores of Trincomalee. But it bore fruit at Nillwela.

“From 83 to 87 the houses in Trincomalee were leveled to the ground. These people too were at Matara. In 87 We married. We got a son. At that time in the South there was a cruel terror. Ten or fifteen Shanthas were killed for one

“Shantha”. Ajantha who worked with me in the same boat was killed in the search for another youngster. Thereafter I left the village and came here.”

When he came to Trincomalee with his family the son was just one year old.

However they came not in to a house but in to a refugee camp at Pelawatta at the foot of Koneswaram fort. In a little hut where sand was spread on the floor, and cadjan was spread on top, lullabies were sung for the child. Padme started going to the sea again.

Life started opening up gradually. The wife gave birth to another child, a daughter. Foundations were laid for a new house. The boat too was heavywith fish. But that was for a short period. At night on September 22, in the year 2000, too, Padme’s boat was becoming heavy with fish.

Five zero bullets which came from some where and put out the patromax light in

the boat of Padme and friends.

“Leaving nets worth about three and a half lakhs we ran to the water to save our lives. But when the lamp was struck, the movement began to slow down. Then the oil tank of truck.”

That’s all that Padme remembers. When the boat floated with the ‘current’ of

the waves and crashed down at Muttur, the Muslims who were there took them

immediately to hospital. Padmasiri’s name which was not included in list of

dead fishermen was included in that of those who had lost their legs. Four shots had sunk in to his right leg and five shots into his left leg. It was decided to remove his left leg from his body at a point above the knee. Fishery bade goodbye to him.

“Thereafter, and up to date, I have not even set my foot on the sea water.”

However he did not give up life. Although he had disrupted his studies when he

was very young, now his single aim was to ensure that his children studied.

“He practiced various kinds of trade. Cloathes from Matara were sold on the pavements at Trincomalee. At times there were fruits in front of him. Sometime later, those who came to purchase fruits found sweep tickets there. Can a

fisherman who heaped fish even in multi day boats, sell and lottery tickets? Can he be satisfied in this way? Padmasisri got his special tricycle at that time.

Thereafter he the fisherman started selling fish. The courageous figure of Padmasiri who frequents Tamil villages like Linganagar and Aandamkulam with fish packed in a box fixed to the back of a tricycle is a familiar sight to the residents there.

“I think that this is all that I am to get, and I encourage myself and live”

Everything that he had earned through his unbroken courage was lost again in the Tsunami. Now what he has is a life started again from the very beginning.

“When you think of what happened in the past a strength comes into your

mind and energy comes into your body.”

What gives hope to the unceasing expectations that go on through Padmasiri’s

life, which renews itself again, and again, is the skill his two children show in

their studies. The daughter has finished her O. Levels successfully and is moving towards her A. Levels. The son came first in Trincomalee at the O. Levels and, having studied Maths at the A. Levels and is sitting the exam

now. Dressed in his school uniform he had answered the Maths papers at the exam, and has come home. His face shows the depth of his thoughts. However his smile is a light one.

“What’s your next paper son?” I ask him softly.

He looks with longing eyes at the very great man seated on the tricycle.

“Physics.”

අහිමි පා – ජීවිත 3ක්

uva2

uva1

උවයිස්: තත් බිඳුණු ජීවන රිද්මය

උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි, සැඟැවී අප දෙස හොරැුහින් බලනා ඔහුගේ සිඟිති දෙ ඇස යි.

මම කට ඇද කර, දිව දමා, හිස සොලවා ඔහුට ඇද කරමි. ඔහු හිස ඔසොවා මුහුණ රතු කරගනිමින්, මා සමඟ සැහැල්ලූ ව හිනැහෙයි.

ඒ සිනහවේ ජාතියක සලකුණක් නැති. ආගමක සලකුණක් ද නැති. එය නිකැළැල් මිනිසත් බවේ පිළිබිඹුව යි.

ඒ සිනහව, මොහොමඞ් උවයිස්ගේ සිඟිති පුත‍්‍රයාගේ ය.

‘‘වා ඩා ද රෝස පූ
නා ඔන්රු පත්තියනී’’

බාලසුබ‍්‍රමනියම්ගේ ගීතයක කොටසක් හදවත තුළින් මතුව ඒ. ‘‘අපූර්ව වූ රෝස මලක් මම දුටුවෙමි.’’ එකී පද පෙළෙන් ධ්වනිත වනුයේ එබඳු අරුතකි.
ති‍්‍රකුණාමලයේ පාෙලෙයූට්රු හි වෙසෙනා මොහොමඞ් උවයිස් කැමැති එබඳු සංවේදනාවෙන් බර වුණු, නිවුණු සෞන්දර්යයකට ය. ඔහු තුළින් පිළිබිඹු වන්නේ ද නිවුණු තැන්පත් මිනිසෙකි.

උවයිස් අධ්‍යාපනය ලැබුවේ ති‍්‍ර’මලේ විපුලානන්ද විද්‍යාලයේ ය. මිතුරු ඇසුර බෙහෙවින් පි‍්‍රය කළ ඔහුට මුස්ලිම්, දෙමළ මෙන් ම සිංහල මිතුරෝ ද වූහ. සාපෙළ සමත් වූ ඔහු උසස් පෙළ වාණිජ්‍යය හැදෑරී ය. උසස් පෙළින් පසු ඔහු දෙවරක් නොසිතාම තාත්තාගේ ‘බිස්නස්’ වැඩට බැස්සේ ය.

එහෙත් ඉස්පාසුවක් ලද විටෙක මිතුරන් ඇසුරේ ගත කිරීමටත්, පිය තෙපුල් තෙපළමින් සැහැල්ලූ ව පසුවීමටත් ඔහු පි‍්‍රය කළේ ය. ඉඳහිට චිත‍්‍රපටයක් දෙකක් බැලීමට ද අමතක නොකළේ ය.

‘‘මං පොඩිකාලෙ ඉඳන් සින්දු අහන්න ආසයි. දෙමළ සින්දු තමයි ගොඩක් ඇහෙන්නෙ. විශේෂයෙන් චිත‍්‍රපටි ගීත. වෙලාවක් හම්බ වුණොත් රේඩියෝ එක කරකවලා  ඕන ම සිංදුවක් අහනවා. ඒත් දුක්බර සින්දුවලට තමයි ගොඩක් කැමති’’
දුක්බර ගීතවලට කැමති උවයිස්ගේ සැහැල්ලූවෙන් ගත කළ ජිවිතය දුක්බර වීමට පටන්ගත්තේ වසර 2000 සිංහල-දෙමළ අලූත් අවුරුදු උදාවත් සමඟිනි.

‘‘ඒ වතාවෙ තමයි, මතක ඇති කාලෙක ටි‍්‍රන්කොවලට මියුසිකල් ෂෝ එක්ක ආවෙ. යුද්ධ හින්දා ඒව ඔක්කොම නැවතිල තිබුණෙ. මම හිතන්නෙ, නැගෙනහිර පළාතට ම මේ වගේ ෂෝ එකක් ආවෙ සෑහෙන කාලෙකින්. බැටිකලෝ, අම්පාර වගේ පැතිවලිනුත් කොල්ලො ආව ටි‍්‍රන්කොවලට. ගමේ තියෙන මියුසිකල් ෂෝ එකකට මොන කොල්ලද යන්නැත්තෙ’’

බෝම්බ පුපුරා නොගිය, වෙඩි හුවමාරු නොවුණු තාවකාලික වපසරියක් තුළ ති‍්‍ර‘මලේ මෙකේෂියර් ක‍්‍රීඩාංගණය සැණකෙලි සිරියෙන් පුරවන්නට ශක්ති එෆ්.එම්. ආයතනය පුරෝගාමී වී තිබුණි. දවස පුරා විවිධ විචිත‍්‍රාංගයන්ගෙන් සමන්විත වුණු ක‍්‍රීඩාංගණය කළුවර වැටෙද්දී ප‍්‍රසංගයක් බවට පරිවර්තනය විය. යුද්ධයෙන් හෙම්බත්ව සිටි 50,000 අධික තරුණයෝ නිදහසේ ආශ්වාදයට ඉව කරමින් ප‍්‍රසංග වේදිකාව වටා රොද බඳින්නට වූහ. එහෙත් එය නිමේෂයක උත්කර්ෂයක් පමණක් ම විය.

නිදහසට නොකැමැත්තෝ ක‍්‍රීඩාංගනය මධ්‍යයේ බෝම්බයක් රඳවා තිබිණි. සිදු වූ මහ පිපිරුමෙන් 12දෙනෙක් මිය ගියහ. රාශියක් බරපතල ලෙස තුවාල ලැබූහ. උවයිස්ට මෙන්ම තවත් සංගීත ලෝලීන් රැුසකට දෙපයින් සිටගැනීමේ වරම සදාකාලිකව ම අහිමි කෙරිණි.

මගේ වටේ හිටපු ඔක්කොට ම තුවාල වුණා. එකට ම හිටපු යාළුවො දෙන්නෙකුගෙ ම කකුල් නැති වුණා. මට දවස් 25ක් විතර යනකන් හරියට සිහි කල්පනාවක් නැතිව හිටියා. ඒත් ලොකුම දේ තමයි ගෙදර අයයි, යාළුවොයි මාව තනි කරලා නොගිය එක’’
උවයිස්ට මාස එක හමාරක් පමණ රෝහලේ ගත කිරීමට සිදු විය. දෙමසක් ඉක්ම යන විට දුක තුනී කරගෙන පියවි ලෝකයට පිවිසීමට තරම් හිත හදාගෙන සිටියේ ය. පස් මසක් ගත වන විට අලූත් කකුලක් සමගින් ඔහු යළි ජීවිතය ඇරඹීය.

‘‘මං මාස 5ක් හිටියා. කකුලක් නැති වුණ එක ඇත්ත. ඒත් මිනිහෙක්ට පුලූවන්ද ඊටත් වඩා කාලයක් නිකං ඉන්න?’’

ඔහු ධෛර්යය වචන බවට පෙරළයි. වේදනාව, සිනහව බවට පෙරළයි.
‘‘මං මාස පහෙන් බිස්නස්වලට බැස්සා’’

උවයිස්ගේ ගෙමිදුල වැට මායිමේ මුණින් අතට පෙරලූ ඔරු කඳකි. පසෙක තැපැල් නයින්ටියකි. මාලූ පෙට්ටි කිහිපයක් ඒ මේ අතර විසිර තිබේ. තරාදියක් දැමූ බාල්දියක් ඒ අසල ය. අනෙක් පස ති‍්‍රරෝද රථයකි. ඒ අසල, බිත්තියට බර කළ කිහිලිකරු යුගල යි.

‘‘හැම දේ ම වෙන්නෙ හොඳට’’ ඒ උවයිස් සිතන හැටි ය. සියල්ල සාමාන්‍යකරණය වීමට කාලයට ඉඩ දුන් ඔහු, 2005 වසරේ දී විවාහ දිවියට පා තැබී ය. දොරකඩ ලී වැටට උඩින් පෙනෙන සිඟිති රුව, ඒ නව දිවියේ සංතෘෂ්ඨිය යි.

‘‘මිනිස්සුන්ගෙ ආශාවන් වැඩි යි. ඒකයි මේ හැම කරදරේ ම’’ රටේ වාතාවරණය ගැන ඇසූ විට, ඔහු බොහෝ වේලාවක් කල්පනා කර පැවසී ය. දේශකයකු නොවූ ඔහු සිය ලෝක දෘෂ්ටිය අනුව ම දිවි ගෙවිමට වෙර දරයි. එහෙත් උවයිස් කිසි විටෙකත් පරාජය බාර ගන්නෙකු නො වේ.

‘‘ජීවිතය කියන්නෙ චැලේන්ජ් එකක්. ඒක අතඅරින්න බෑ’’

ඔහු ති‍්‍රරෝද රථයක් මිල දී ගත්තේ ව්‍යාපාරය කරගෙන යෑම පහසු කර ගැනීමටත්, ලැබුණු විටෙක හයර් එකක් දුවා අමතර යමක් ඉපයීමටත් ය. එහෙත් ඔහුගේ විශේෂිත තත්වය නිසා ඊට බාධා එල්ල විය.

‘‘මං ත‍්‍රීවිල් එක මොඩිෆයි කළා. මට එළවන්න පහසු විදියට. ඊට පස්සෙ අවුරුදු 3ක් විතර ට‍්‍රයි කළා ලයිසන් එක ගන්න. කොළඹට හතර පස් වතාවක් ගියා. අන්තිමට කොහොම හරි මං ඒක අරගත්තා.’’ ඒ උවයිස්ගේ ධෛර්යය යි. එය ආදර්ශයක්, අත්දැකීමක් නොවන්නේ කාට ද?

‘‘මං බිස්නස් යනවා. ගෙදර එනවා. මගේ ගෙදර මට නිදහස්. මං කැමතියි ගෙදර ඉන්න. නෑදෑයෝ අතරට වුණත් වැඩිපුර යන්න මං කැමති නෑ. මං කැමති නෑ කවුරුවත් මට අනුකම්පා කරනවට’’

*****************************************************

පේ‍්‍රමචන්ද්‍රන් : පා අටකින් නැගී සිටි මිනිසෙක්
premac1

premac2 copy

‘‘දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’
වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලූමයිලූම් පේ‍්‍රචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන ම ය.

‘‘යං ඇතුළට’’
ඔහු අප සිය නිවහන වෙත කැඳවයි.

එකට යා කළ කුඩා තාවකාලික නවාතැන් පේළි කිහිපයකින් සමන්විත එය සුනාමියෙන් අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවූවකි. ති‍්‍ර’මලේ ‘‘සල්ලි’’හි පිහිටි එහි පදිංචිව සිටින පවුල් ගණන 27කි. ඉන් පළමු කුඩා නිවස පේ‍්‍රමචන්දන්ගේ වාසභවන යි.

පේ‍්‍රමචන්ද්‍රන් ලෑලි බිත්තියට සයිකලය බර කරයි. එසැණ ඔහු වට කර ගන්නා ¥වරු තිදෙනෙකි. වැඩිමහලී – දයානා – දස හැවිරිදි ය. මද්දුමී – දිලූක්ෂියා – අක්කාට දෙවසරකින් බාල ය. බඩපිස්සී මධුෂායිනී – මද්දුමීට දෙවසරකින් බාල ය. සැබැවින් ම එය තාවකාලික නවාතැන් පළක් නොව සොම්නසින් පිරී ගිය කැදැල්ලකි.

පේ‍්‍රමචන්ද්‍රන්ගේ ‘අප්පා’ ධීවරයෙකි. අම්මා, ඔහුට යන්තමට අවුරුද්දක් සපිරෙද්දී මෙලොව හැර ගියා ය. ‘සල්ලි’ මහ විදුහලේ 8 වසරට එළඹීමටත් පෙර ම, අප්පාට ඉසිඹුවක් ලබාදීමත්, අක්කාගේ අනාගතය සුරක්‍ෂිත කිරීමටත් වෙනුවෙන් ඉන්දියන් සාගරය ගැඹරට පිවිසීමට ඔහු තීන්දු කළේ ය.

එහෙත් ප‍්‍රදේශයේ පැවැති යුදමය වාතාවරණය විසින් ඔහුගේ යෞවන අපේක්‍ෂා අනපේක්‍ෂිත ලෙස සුණු-විසුණු කර දැමිණි.

‘‘ගමේ කරපු රවුන්ඩප් එකකදී මාවත් අපේ ගමේ තව 17 දෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. මං කඳවුරු ගාණක හිටියා. කිසිම වරදක් නොකළ මං වගේ ගොඩක් අය කඳවුරුවල දුක් වින්දා. නිර්දෝෂීකම සිංහලෙන් කියා ගන්න බැරුව’’
කිසිදු චෝදනාවකින් තොර ව වසර එකහමාරක් කඳවුරු බත් කෑ පේ‍්‍රමචන්ද්‍රන්ට 1987 දී නිදහස ලැබිණි. අප්පාත්, අක්කාත් සොයා ති‍්‍රකුණාමලයට ආ ඔහුට දැනගන්නට ලැබුණේ ඔවුන් යුද අනාථයන් ව මුලතිව් හි සරණාගත කඳවුරක දිවි ගෙවන බවයි.

ඔවුන් වෙනුවෙන් යළි මුහුදට බැසීමට තීන්දු කළ පේ‍්‍රමචන්ද්‍රන්, ඔවුන් ති‍්‍ර’මලේ රැුගෙන ඒමට ඇඟිලි ගනිමින් පසු විය. කෙමෙන් තම අරමුණ වෙත ගමන් ගත් ඔහු යළි ‘සල්ලි’ හි වැල්ලබඩට ඔවුන් රැුගෙන ඒමට සමත් විය.

‘‘ඒ කාලෙ මෙහෙ හිටියෙ ඉන්දියන් හමුදාව. එල්ටීටීඊ එකත් එක්ක ති‍්‍රකුණාමලෙත් සටන් තිබුණා. මොන තත්වෙක උණත් අපි අපේ රස්සාව කරගෙන ගියා.’’

ඔහු කතාව මඳකට නතර කළේ ය. වැලි ¥ලි මුසු සැඩ සුළං රැුල්ලක් අපේ දෑස් රිදවමින් හමා ගියේ ය.

‘‘1989 මැයි මාසෙ 25 දා තමයි මේ සිද්ධිය වුණේ. අපි හිටියෙ ‘රස්සා යන්න’ ලෑස්ති වෙලා, වෙරළේ. එක පාරටම ගිනි බෝලයක් කඩා වැටෙනවා වගේ දැනුණා. මට මට සිහිය එනකොට මං හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක. මගේ දකුණු කකුල තිබුණෙ නැහැ. එහෙම වුණේ ‘ෂෙල්’ ප‍්‍රහාරයකින්ලූ.’’

අහිමි වූ පාදය වෙනුවෙන් ඔහුට රු. 9500/-ක වන්දි මුදලක් ලැබිණ. ඒ වන විටත් යෞවනයකු වූ ඔහු ඉතිරි ජීවන ගමන ම තනි කකුලෙන් පියමං කළ යුතු විය.

‘‘මට ඕන වුණේ කකුලක් හයිකරගෙන ආයිත් රස්සා යන්න’’
ඔහු එක්තැන්ව සිටියේ මාස 3ක් පමණි. කෘත‍්‍රිම පාදයක ආධාරයෙන් යළි දෙපයින් සිටගත්තේ ය. සුපුරුදු හබලට අත තැබූ පේ‍්‍රමචන්ද්‍රන්, තෙප්පමේ නැග කළපු දියට බටුයේ ය. මුරල්ලන් අහිනක්, ගල්මාලූ ?නක්, සාලයන් පොකුරක් ඔහුගේ දැල තුළ කොටු වී යළිත් තෙප්පමට ගොඩ විය. සහනාධාර ජිවිතයක් වෙනුවට තමන් ම උපයන මුදලින් ජීවිතය සරි කරලීමේ ආඩම්බරය යළි ඔහු වෙත ළඟා විය.

සල්ලි හි වැල්ලබඩ, පේ‍්‍රමචන්ද්‍රන් ගේ හුදෙකලා දිවිය පාදයක් අහිමි වීමෙන් පසුවත් සත් වසරක් පමණ දිගු විය. පේ‍්‍රමචන්ද්‍රන්ගේ කුඩා නිවසට සිරිකත ළඟා වූයේ ඔහුගේ ධෛර්යය දුටු යෝජනාවක් මඟිනි. ඇය ‘සූරියකලා’ වන්නී ය.

‘‘මට විතරයි ප‍්‍රශ්න තියෙන්නෙ කියලා මං කවදාවත් හිතලා නෑ. මං හිතන්නෙ ඒකයි මගේ හිතේ තියෙන සතුට’’
ඔහු සැහැල්ලූවෙන් පවසයි. ඔහු එක පයක වාරුවෙන් වැර වෑයමෙන් ගොඩනගා ගත් අල්පේච්ඡු ජීවිතය රළ පහරින් යළිත් මුහුදුබත් විය. එහෙත් ඒ ගැන වුව ඔහු තුළ කම්පාවක් නැත. නැති වෙන්නට දෙයක් නැති, විඳින්නට තරම් අලූත් පීඩාවක් නැති පේ‍්‍රමචන්ද්‍රගේ ජීවිතය, බිරිඳ හා දියණියන් තිදෙනාගේ පේ‍්‍රමයෙන් පිරී ගොසිනි.

‘‘මේ මගේ අටවැනි කකුල’’ ඔහු සිය කෘත‍්‍රිම පාදය පෙන්වමින් කියයි. අහිමි වූ පාදය ද ගණන් ගෙන බැලූවොත් ඔහු මේ නැගී සිටින්නේ නව වැනි පාදයෙනි. විවිධ ආයතන වරින් වර ඔහුට කෘත‍්‍රිම පාද ලබාගැනීමට ආධාර කර තිබිණි.

‘‘මේ වගේ කකුලක් මාස හයකට වඩා පාවිච්චි කරන්න බැහැ. ගෙදර ඉන්නව වගේ නෙවෙයි, මූදු රස්සාව කරනකොට කකුලක් වැඩි කලක් ඔරොත්තු දෙන්නෙ නෑ’’

ඔහු මුලින්ම මුහුදට බසින්නට සිතුවේ, තාත්තාගේ බර සැහැල්ලූ කර, අක්කාට විවාහයක් කර දීමට ය.
කෙසේ හෝ දැන් ඔහුගේ අක්කා ද විවාහක ය. ඇය සිටින්නේ ද ‘සල්ලි’ සුනාමි කඳවුරේ ම ය.

‘‘මං හිතන් හිටිය හැටියට අක්කගෙ කටයුතු කරගන්න බැරි වුණා. මං උත්සාහ කළා. ඒක අක්ක දන්නව. ඒ හින්ද කමක් නෑ.’’

ඔහු වේදනාවෙන් බර විය යුතු දෑ පවසන්නේ සිනහව සමඟ මුසු කරමිනි. ඒ පේ‍්‍රමචන්ද්‍රගේ ජීවිතයේ සෞන්දර්යයයි.
දැඩි ආරක්‍ෂක රැුකවල් යෙ¥ ති‍්‍රකුණාමලය නගරයේ මංමාවත් දෙපස රැුඳී සිිටින සෙබළුන්ගේ සැක මුසු දෑස් මග යන එන්නන් වෙත යොමු වී තිබේ. පේ‍්‍රමචන්ද්‍රන්, ඒ මාවත් ඔස්සේ සිය පා පැදිය පැදයයි.

බැලූ බැල්මට ඔහු ද සාමාන්‍ය මිනිසෙකු පමණි. එහෙත් යුද්ධය විසින් ඔහුගේ ජීවිතයට ඇති කළ බලපෑම කවුරු නම් දකිත් ද?

*************************************************

පද්මසිරි: බෝට්ටුවෙන් ට‍්‍රයිසිකලයට ගොඩ වූ ධීවරයා

padm1

padm2 copy

‘‘මොකෝ සූසයිඞ්ද?’’

ඉදිරියට ඇදී එන සුවිශේෂී මෝටර් ට‍්‍රයිසිකලයට මඟ අවුරමින් අත දමන නාඹර සොල්දාදුවා නො දැමුණු සෝපහසයෙන් හඬ නගයි.

සැබැවින් ම ඔහු පැද එන්නේ සුවිශේෂී ට‍්‍රයිසිකලයකි. ඒ ඔහු විශේෂිතයකු වන බැවිනි. ප‍්‍රශ්නය නගන්නා – තරුණ සොල්දාදුවා – ඒ විශේෂිතභාවයේ පුරාවෘත්තය නොදනී. ප‍්‍රශ්නයේ නොදැනුමුණුභාවයත්, සෝපහාසයත්, නොගැඹුරත් එබැවිනි.

තිරිංග තද වේ. ට‍්‍රයිසිකලය මුරපොළ අබියස ඉද්ද ගසයි. ඈත මාවත වෙතත්, ඉදිරියට ඇදි එන වාහන දෙසත් රැුඳුණු ඔහුගේ තියුණු දෑස් වේදනාවෙන් බර වෙයි.

‘‘මල්ලි.. සූසයිඞ් වෙනව නම් එහෙම වෙන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට ඉස්සර’’ වේදනාව වචන බවට පෙරළෙමින් තිබේ.

‘‘ඇයි ඒ. ඇයි එහෙම කියන්නෙ?’’ තරුණ සොල්දාදුවා ට‍්‍රයිසිකලයේ පිටුපසට ඈª පෙට්ටියේ අතුරා ඇති මාළු වර්ග දෑසින් කිරා මැන බලමින් අසයි.

හේතුව: පුරාවෘත්තය – වික්ෂිප්ත සංක්ෂිප්තයක් බවට පෙරැුළේ. අවසන, දැමුණ සොල්දාදුවා හික්මුණු හඬින් මෙලෙස විමසයි.

‘‘අයියා, නේවි එකත් එක්ක තරහ ද?’’

පිළිතුර නිශ්ශබ්දතාව යි. නිශ්ශබ්දතාව තුළ කෙතරම් ශබ්ද තිබිය හැකිද?
ඉදින් මම ඒ නිහැඬියාව බිඳ දමමි.

****

‘‘මම කෝක්කු හැන්නදිගේ අතුල පද්මසිරි. ගම මාතර, නිල්වැල්ල 7 වසරෙන් මම අධ්‍යාපනේ ඉවර කරගත්තා. මූද එක්ක හැප්පෙන්න ගත්තෙ අවුරුදු 15 ඉඳන්.’’

පාසල් ගමනට ආයුබෝවන් කී පද්මෙ, බාල මාමාගේ ඔරුවට ගොඩ විය. මුුහදත්, මුහුදේ රළ පහරත් පුලූක්කමත් වන පොත් කළ ඔහු කෙටි කලකින් ම මාළු කූරයියා ගැවසෙන තැන් ද, මාළු අහිනක් වරල් ගසනා ඉම් ද දෑසට නතු කර ගැනීමේ සමතෙකු බවට පත් විය.

ක‍්‍රමයෙන් ඔහු බෝට්ටුවක නියමුවා හෙවත් ‘ඉස්කීපර්’ කෙනෙකු විය. ඔහු දකුණු වෙරළේ සිට ති‍්‍රකුණාමලයට රැුගෙන එන ලද්දේ ධීවර වෘත්තිය යි. එහෙත් ඔහු ති‍්‍ර’මලේ පුරවැසියෙකු බවට පත් කරන ලද්දේ පේ‍්‍රමය යි. නිල්වැල්ලේ නොදුටු ආදරය ති‍්‍ර’මලේ වෙරළේ දී ඔහුට මුණ ගැසුණි. ඒත් එය පළ දැරූයේ නිල්වැල්ලේ දී ම ය.

‘‘93 ඉඳන් 87 වෙනකං ති‍්‍ර’මලේ ගෙවල් පොළොවට සමතලා වෙලා තිබුණෙ. මේ ගොල්ලො නැවතිලා හිටියෙත් මාතර. 87දි අපි බැන්දා. අපිට පුතෙක් ලැබුණා. ඒ කාලෙ දකුණෙ තිබුණෙ දරුණු භීෂණයක්. එක ‘ශාන්ත’ට ශාන්තලා දහය පහළොව මරල දැම්මා. මාත් එක්ක එක බෝට්ටුවෙ වැඩ කරපු අජන්තව මැරුවා, වෙන අජන්ත කෙනෙක් හොයන්න ඇවිත්. පස්සෙ මං ගම අතෑරලා මෙහෙ ආවා’’
ඔහු දරු පවුලත් සමග ති‍්‍ර’මලේ එනවිට පුතාට යාන්තම් අවුරුද්දකි. එහෙත් නිවසකට නොව කෝනේෂ්වරන් කොටුව පාමුල, පැලවත්තේ සරණාගත කඳවුරට ය. බිමට වැලි ඇතිරූ, උඩට පොල්අතු ඇතිරූ කුඩා කුඩිල්ලක දරුවාට නැළවිලි ගී ගැයිණි. පද්මෙ යළි දියඹට යෑම ඇරඹී ය. ජිවිතය කෙමෙන් විකසිත වන්නට විය.

බිරිඳ යළි දියණියක වැදුවා ය.
අලූත් නිවසකට අත්තිවාරම් දැමිණි.
බෝට්ටුව ද මාළු පලදාවෙන් බර විය. එහෙත් ඒ කෙටි කලකට ය.
2000 වසරේ සැප්තැම්බර් 22 දා රාති‍්‍රයේ ද පද්මෙගේ ඔරුව මසුන්ගෙන් බර වෙමින් තිබිණි.
කොයි දෙසින් පියාඹා ආවාදැයි නොදන්නා ‘ෆයිව් සීරෝ’ උණ්ඩ පද්මෙලාගේ බෝට්ටුවේ පැට‍්‍රල් මැක්ස් එළිය නිවා දැමීය.

‘‘ලක්‍ෂ තුනහමාරක විතර දැලූත් අතෑරල අපි දියඹට දිව්වා, පණ බේරගන්න. ඒත් ලයිට් එකට වැදුණ හැටියෙ ගමන අඩාළ වුණා. ඊළඟට තෙල් ටැංකියට වැදුණා’’

පද්මෙට මතක එපමණ ය.

රළ පහරේ ‘කරන්ට් එක’ හා එක් ව පාවී ගිය බෝට්ටුව මුතූර් ගොඩබිමට ‘තට්ටු වූ’ විට වහා ඔවුන් ගොඩට ගෙන රෝහල වෙත රැුගෙන ගියෝ, මුස්ලිම් වැසියෝ ය.

එදින මියගිය ධීවර නම් ලැයිස්තුවට ඇතුළු නො වූ අතුල පද්මසිරි ගේ නම, පා අහිමි වූවන් ගේ නම් අතරට එක් විය. ඔහුගේ දකුණු කකුළට ෂොට් හතරක් ද, වමට ෂොට් පහක් ද කිඳා බැස තිබුණි. ඔහුගේ වම් කකුල සිරුරින් ඉවත් කරලීමට තීන්දු වූයේ දණහිසට ද ඉහළිනි.
ධීවර රස්සාව ඔහුට ආයුබෝවන් කීවේ ය.

‘‘මං එදායින් පස්සෙ අද තව වෙනකන් කරිජ්ජවත් පාගලා නැහැ’’
එහෙත් ඔහු ජීවිතය අත්හැරියේ නැත. කුඩා කලදී ම තමන් ඉගෙනීම කඩාකප්පල් කරගත්තාට, දරු දෙදෙනාගේ ඇස් පෑදීම ඔහුගේ ඒකායන ආරම්මණය විය.
ඔහු විවිධ වෙළඳාම්වල නිරත විය.

මාතරින් ගෙනෙනා රෙදි, ති‍්‍ර’මලේ පදික වේදිකාව මත අලෙවි විය. විටෙක, ඔහු ඉදිරිපිට පළතුරු තට්ටුවකි. තවත් කලෙකින්, පළතුරු ගන්නට ආ අයට දක්නට ලැබුණේ ලොතරැුයි කූඩුවකි.

බහු දින යාත‍්‍රා තුළ පවා මාළුන් කඳු ගැසූ ධීවරයකුට රෙදි – පළතුරු – ලොතරැුයි වික්ක හැකි ද? ඒ වෙළෙඳාමෙන් සෑහිය හැකි ද?

පද්මසිරිට විශේෂිත ට‍්‍රයිසිකලය ලැබුණේ ඔය අතරතුර දී ය. ඉදින්, ධීවරයා ඉන්පසු මාළු වෙළෙඳාමට බැස්සේ ය. ට‍්‍රයිසිකලයක පිටුපස සවි කළ බක්කියක මාළු පටවාගෙන ලිංගනගර්, ආන්දම්කුලම් ආදී දෙමළ ගම්මානවල පටු මං මාවත් ඔස්සේ සැරිසරන පද්මසිරිගේ ධෛර්යමත් රුව අද එහි වැසියන්ට හුරු පුරුදු දසුනකි.

‘‘මං ලබපු තරම මෙච්චරයි කියල හිතලා, හිත ධෛර්යමත් කරගෙන ජීවත් වෙනවා’’
එකී අප‍්‍රතිහත ධෛර්යය තුළ ඔහු ඉපැයූ සකල සබ්බමනා ව ම යළි වරක් සුනාමිය තුළ සැඟ වී ගියේ ය. දැන් ඔහුට ඇත්තේ යළි අයන්නෙන් ඇරඹූ ජීවිතයකි.

‘‘යට ගිය දේ හිතට ගන්නකොට හිතට හයියක් එනවා. ඇඟට ශක්තියක් එනවා’’

නැවත නැවතත් අරඹන පද්මසිරිගේ ජීවිතය තුළ අඛණ්ඩව ගලා යන පැතුම් සහගත අපේක්‍ෂාව වනුයේ දරු දෙදෙනා අධ්‍යාපනයෙහි දක්වනා කෞෂල්‍යයයි. දියණිය සාමාන්‍ය පෙළ සාර්ථක ව නිමවා උසස් පෙළ දෙසට පියමනිමින් සිටින්නී ය. පුතණුවන්, සාපෙළෙ හි ති‍්‍ර’මලේ පළමුවැන්නා වී උසස් පෙළ ගණිතය හදාරා විභාගයට මුහුණ දෙමින් සිටින වකවානුවයි මේ.

පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටින ඔහු, විභාගයේ ගණිත විෂයට පිළිතුරු දී ගෙදර ඇවිදින් සිටී. ඔහුගේ මුහුණ කල්පනාවන්ගෙන් බර වී තිබේ. එහෙත් සිනහව සැහැල්ලූ ය.

‘‘පුතා මොකක්ද ඊළඟ පේපර් එක’’ මම සෙමෙන් ඔහුගෙන් අසමි.
ඔහු, ට‍්‍රයිසිකලයේ වාඩි වී සිටිනා අප‍්‍රමාණ මිනිසා දෙස ළෙංගතු දෑසින් බලයි.

‘‘භෞතික විද්‍යාව’’

Media bashing in a peninsula – Jaffna

August 31, 2007

Uthayan Office
Uthayan Office
kaanamailnathan
kaanamailnathan
Kadhiragamarthambi
Kadhiragamarthambi
Vaamadhevan
Vaamadhevan

“Jaffna has become one of the most dangerous geographical areas for those involved in the media to work, due to killings, abductions, threats and censorship. At least 07 in the media sector including 02 journalists have been killed in Jaffna, since 2006 May. While 01 journalist has gone missing, 03 media institutes have been attacked. Many journalists have either left their profession or left the area. Although suspects have been named and the government has promised investigations, no serious investigations into these incidents have been yet initiated.”

That is a quote from the observation report released by the Joint International Committee constituted by the Reporters Without Borders (RSF) and the International Media Solidarity (IMS) that was in Sri Lanka to investigate into media freedom. We decided a long time before that report was out to respect our responsibility of looking into the plight of the media personnel in the North, which is also a part of this “Unitary” State.

Vincent Jeyan is a good friend of ours. A media colleague too. He has an eye for investigations, a strength for a journalist. He was thus turning into a very good investigative journalist. He was awarded the best journalist, working in a difficult environment by the Editors’ Guild.

We remember he told us, way back in 2004,

“I like to marry a Sinhala girl. A teacher would be ideal”

“Why is that ?”  we asked.

“Then I can also learn Sinhala well” he said.

He was one who aspired for ethnic camaraderie. We could not work towards achieving it. Recently he had brought a Tamil girl home as his wife. Yet, in a city of danger, he could not enjoy the bliss of wedded life. Recently we met him in Colombo.

“Got to pass over hundred barriers to get to a single news. To go through barriers you have to show some friendship. Got to throw some smile. Then the other side gets jittery. So you are labeled differently. We get bashed from both sides.”

Jeyan’s media life has been temporarily suspended. Not only that. There is no investigative journalist in the Jaffna peninsula who could fill the void created by Nimalarajan’s demise. There is no Maheswaran, no Jenaheswaran, no Thawaselvam, no Thayaparan in Jaffna. There is therefore no investigative journalist in the Jaffna peninsula.

Veluthanjan is a dissenting voice. He is a freelance journalist now, after serving many news papers. He is a critic of those journalists who leave Jaffna.

“Now there are no journalists. They are actors. They are playing a fake role as journalists, with other agendas. They leave to Colombo on those reasons and then work to migrate. Our parents and children live here in Jaffna. We don’t have to fabricate reasons to leave Jaffna.”

What ever Veluthanjan’s criticism is, investigating the dangers of Jaffna is a responsibility. That is reason why, M. V. Kanamylnathan the chief editor of the leading news paper published in Jaffna, the “Uthayan” has to be given an ear.

“The young don’t come for journalism. They are afraid. That is a justifiable fear. Most try to find other jobs. Every one is trying to find a way out of Jaffna. Life is that difficult now in Jaffna.”

The “Uthayan” editor escaped death by a whisker, when attacked by an unidentified para military group on 23 June, 2001. Yet he continues publication of the “Uthayan” news paper amidst great difficulty.

On 06 May, 2001 Manager of “Uthayan” news paper, K. Nanthakumar was gunned down. On 24 January, 2006 “Uthayan” Trincomalee staff reporter S. Sudeer Rajan was also gunned down. On 03 May 2006, while the government was commemorating the Media Freedom day in Colombo, the “Uthayan” news paper office in Jaffna was treated to a bomb attack. This attack killed its Circulation Manager Bastian George, better known as Suresh and an employee in the same division, Ranjit Kumar Rajarathnam. All computers in the computer division were totally damaged on purpose.

Again on 23 July 2006, Kumaradas, their Sub Editor was arrested and detained. On 15 August 2006, S. Baskaran the permanent driver of “Uthayan” was assassinated and on 18 August, their stores in Raas Street, Kopay was burnt down.

The latest in the string of attacks against “Uthayan” was on 30 April, when at about 10.00 in the morning, journalist Selvarajah Rajeevarman was shot dead at the Navalar junction by gunmen traveling on a motor bicycle.

“So now, all news editors and sub editors are me. Our editor and I have not gone home even once since March last year.” says S. Kugathasan, the News Editor.

They are the only 02 full time journalists still working with the “Uthyan” news paper that had 04 Sub editors and 08 staff reporters working full time previously.

“Now we have to satisfy ourselves with what we receive here. We are restricted to letters, statements and phone calls that we receive in office. Got to use notices to fill the pages. Due to security reasons, even local reporters aren’t working.” added Kugathasan.

Another popular news paper, “Namathu Eelanaadu” has closed shop, due to such harassments and attacks. Its Managing Director Sinnathamby Mahasivarasa was killed at his residence in Thelipillai. That resulted in the closure of the news paper.

There are now only 02 other news papers published in Jaffna, besides “Uthayan”. Those are “Yaal Thinakkural” and “Vaalampuri”. It’s the same common denominator for them too, as the “Uthayan”.  “Vaalampuri” that had over 80 local correspondents now has less than 10 operating. By now, the news paper does not have any provincial news in it’s issues. It is now compelled to carry popular national news and other such international news.

“life is more important than any news” says a young journalist working with “Vaalampuri”.

“The media accreditation card today is a death warrant. There is absolutely no recognition for that. Security men at barricades look at journalists as if they are looking at a Tiger.”

That’s Jaffna. This is from a horse’s mouth. From the editor of the “Yaal Thinakkural” news paper, S. Vamadevan.

“Motor bykes and white vans trail us. We get threatening text messages (SMS) and phone calls. We are searched. The office alone had been rounded up 06 times for search.”

Although a news paper Editor, he still uses a push bicycle for traveling. That simple is their lives. Can an unarmed cyclist avoid motor bykes and white vans ?

“We can not do anything without the permission of the military. Can’t even photograph anything for news. It is difficult to write a balance news report with all sides covered. There is some side that would interfere.”

Even in “Yaal Thinakkural” there are only 04 full time journalists. There main local correspondent, Subramaniam Ramachandran disappeared while in Vadamaarachchi area. There after others who served as provincial reporters, moved out of work.

Another repression on the Jaffna media is the restriction on news print for publishing.

“Yet even after a ban on news print, we had guts to publish 02 page news papers. But now there is news print coming with restrictions. That’s not enough. So, we publish less numbers with less pages” said, Uthayan” editor Kanamylnathan.

Earlier the “Uthayan” paper had around 16 to 20 pages. Now it has only about 08, or 10 the most. So is “Yaal Thinakkural”. It had 14 to 16 pages previously and now runs with only 06 or 08 pages.

“The Jaffna people have a feeling of being ‘left out’. They think they have been cast aside. This is a common feeling amongst the journalists too.” explains the “Uthayan” editor. “No one knows what would happen the next moment. But we have to be with the people. We have to work for them”

The North Lanka Journalists Association (NLJA) has discussed all these issues with the Army Commander in charge of North. He had promised to inform all his officers to accept the media accreditation card. But journalists in Jaffna claim, they have not seen any positive change.

The President of NLJA is the deputy editor of “Yaal Thinakkural”, M. Kathirgamarthamby. He has almost 45 years of service as a journalist, starting his career with the Lake House published Daily News in 1962. Even a senior journalist of such caliber can not lead a decent professional life.

“During the cease fire period, we initiated the North – South Journalists’ Association, supported by the Peace Council of Jehan Perera. Its President was Stanley Samarasignhe. I was the Secretary. We thought that would create solidarity among journalists in North and South. But that remains a dream.” says Kathirgamarthamby. “Only the Free Media Movement was concerned about us. They also facilitated allowances for our journalists who lost their job.”

Finally, he made an appeal to the journalists in the South.

“We make this appeal most passionately to those journalists in the South. We are also journalists in this same country. Don’t leave us as outcasts.”

While their appeal is so painful, the media culture here in the South does not even consider killings in the North for reporting. When a student, Sahadevan Neelakshan of the Media Research and Technology Institute attached to the Jaffna University was assassinated last July, for some journalists in the South he was no media personnel. Most refused to acknowledge that he was the editor of the magazine “Saaralam”, published by the university students’ association.

This isolation is a reality in the Jaffna peninsula. No youth who has some affinity, some love or a need to be in journalism would have any direct connections with the media. We discussed this issue with a student of journalism.

“Where would you think, you would work ?”

“I’m just studying because I like it. Don’t have any idea of working”.

“Then, what would you do ?”

“I will do farming”.

We asked him, his reasons for that. His short reply left us muted.

“From what is cultivated on the ground, one can live a few days, at least. From what is cultivated in the media, one can die in a few days, for sure.”

Manjula wediwardena
Athula Withanage