සඳ එන්න

 

by Tassila Elizabeth.

සඳ එන්න
ඇවිත්  මගේ
හදවතින් ඉඳ ගන්න

වෙඩිහඬින්
හිරිවැටුණ කන් දෙකට
දැන් ඉතිං ඉඩ දෙන්න

නිදහසේ ගීතයට
කන් දෙන්න

කළු දුමින් කළු ගැහුණු
ඇස් දෙකට
පියා සළන්න ඉඩ දෙන්න

සඳ එන්න
හද කවුළු පියන්පත්
වැසී යන්න ප්‍රථම පැමිණෙන්න

සඳ එන්න
ඇවිත් මගේ හදවතින් ඉඳගන්න..

‘සමනළුන්ට වෙඩි තියන්න’

ස්වර / හඬ – අමල් පෙරේරා
පද – මංජුල වෙඩිර්ධන

දෙනෙත් පතුළත..

මලක් කියන්නේ
මලකට මිස
වෙනින් කුමකට
මම සඳයි කියා කියමි කෙසේ
සඳ වගේ පෙනෙන දෙයකට..

හදේ පිපුණු මලකින්
ඔබ පාර අසා ගෙන යන්නේ කොතැනට
ඒ සුගන්ධය දිගේ පිය මැන
බලන්න ඔබ නවතින තැන
ඒ ඔබේ
මුදු හදවත..

නෙතේ රැඳුණු නෙතකින්
ඔබ පාර අසා ගෙන යන්නේ කොතැනට
නෙතු කැළුම් දිගේ නෙතු අතහැර
බලන්න නෙත නවතින තැන
ඒ මගේ
දෙනෙත් පතුළත..

“සමනළුන්ට වෙඩි තියන්න” නාට්‍යයෙන්
ගායනය සහ සංගීතයඃ අමල් පෙරේරා

සදාදර සඳ ඈ..

සඳවතී ඇවිදින්
අමාවක
රැය ඉරා දෙනෙතින්..

සඳුත් ගිලිහුණ
තරුත් මැළවුණ
දෙනෙත් බොඳ වුණ රෑ
ඇවිත් හිත ළඟ ඈ..

පෙමාතුර සිත
නිවා සනහන
සදාදර සඳ ඈ
අමාවක අද නෑ….

කුවණ්ණියේ

කුදිරමලේ කඳු පාමුල
තම්බපන්නියේ
ළය දැදිරි වෙලා
කඳුළු සළනු
ඇයි කුවණ්ණියේ

සත් සියක් සෙනඟ අතරේ
නුඹ රැජිනියක් වුණේ
බත්තලංගුණ්ඩුවේ මගෙ පෙම
අහක විසිවුණේ
යක්ෂයෙක් සදිසි මුත් වත
හදවත රජෙක් වගේ

විල්පත්තු වනන්තරයේ
විල් කොණෙක තනිවෙලා
කල්පනා කරන සිතිවිලි
නෙත් කෙවෙනි පිපිරිලා
කල්පිටිය කළපු නිල් දියවර
රළ රැලි නැගිලා

කපු කටින ඇඟිලි පොකුරේ
මගෙ හදවත රඳවා
රුපු සෙනඟ මැදට වන්නෙමි මම
සෙනෙහස ළෙලවා
පපුතුරේ නැඟෙන කඳුළැල්ලක
මඳහස පුරවා

පිහාටුවක්

Ehi_pillamak_yata7

අත්තටු අහුරක
මිටින් මුදාහළ
පිහාටුවක්
පාවී ඇවිදින්
ගම මකුළට.

තණ පළසක
මුතු පිනි ඇහැරෙන
උදෑසනක
පාවී ඇවිදින්.

මුසා දොඩන්නට
එපා සුළඟේ
ඈත ඇදී යන
මෑත සිතිජයේ යාවී
දෑස පිසින්නට
පිහාටුවට
හැකි බව විතරක්
කියා දෙනු මැන.

සංගීතයඃ නදීක ගුරුගේ
ගායනයඃ කාංචනා අබේවර්ධන

ඔබ ගඟක්

Rushing River by Jeff Erickson

ඔබ ගඟක්
දියරැලි නැගෙන්නේ නැති ගඟක්
පෙනපිඬු පිපෙන්නේ නැති ගඟක්
කිසිදින ගලන්නේ නැති ගඟක්

නිම්නයක් නැති ජීවිතේ
කෙලෙසින් ගලන්න ද
නිම්තෙරක් නැති ආකහේ
හිරු රැස් දකින්න ද

වලාකුළු මිස
අහස නැති රෑ
අන්ධ අඳුර යට
සඳ නැගෙන්නේ කෙලෙස
ගඟ දිය මත වැටෙන්න

‘සමනලුන්ට වෙඩිතියන්න’
හඬ – අමල් පෙරේරා / ඉන්දිකා උපමාලි

මේ ස්නේහයේ කල්වාරියයි

limeimagesPPP1086

මේ ස්නේහයේ කල්වාරියයි
ජීවිතේ කුරුසේ කරින් ගෙන
කල්වාරි නැග යන්න
මේ වාරයයි
ස්නේහේ ද්වාරයයි

මග්දලාවේ මගේ මරියනි
පෑගෙන්න දෙන්නට එපා
සොඳුරු වේල්පට
පා පැකිළුනොත්
අඳුරු පාතාලයයි
ගල් මුගුරු අත දරන සංතාපයයි

මග්දලාවේ මගේ මරියනී
වියැලෙන්න දෙන්නට එපා
සොඳුරු දෙතොල්පට
දිය කඳුරු
ගිරි කුලක සංවේගයයි
ගිරි මුදුන මත සුගති උද්‍යානයයි