“ශුද්ධ වූ ජුදාස්”

Etty, William; Judas Iscariot; Museums Sheffield; http://www.artuk.org/artworks/judas-iscariot-71158
ජුදාස් ඉස්කාරියොත්; විලියම් එටී (1789-1849)ගේ සිත්තමකි.

සිරුර මත දැවටී සරැළි නඟන රක්ත වර්ණ දිගු ලෝගුව ඔහුගේ මුහුණ අප්‍රමාණ තේජසකින් පුරවාලයි. ගෙල මතින් ඇද හැලී පුළුල් උර මඬළ මත වැතිරෙන කාල වර්ණ කෙහෙරැලින් ද මුව වසා ගෙන පැතිරුණු ඝන රැවුළින් ද එකී තෙද බල මුහුණ පුරා මහා පෞරුෂයක් පතුරයි. යාන්තමින් දිස් වන ලා රත් පෑ තොල් සඟල පරයා මඳහසක් නැගී එයි. එය නිර්මල ය. නිර්ව්‍යාජ ය. සාටෝපයෙන් තොර ය. එහෙත් ඒ ශ්වේත වර්ණ මන්ඳහාසය තුළ ඇත්තේ දෝංකාරය නැංවෙන නිහැඬියාවකි.

රිවි මඬළ බඳු කාන්තියකින් හෙබි ගැඹුරු නිල්වන් දිගු දෙ ඇස් සෙමින් සසැළෙමින් මා දෙස ම එල්ල වී පවතී. තෘෂ්ණාව පිළිබඳ අල්පමාත්‍ර සලකුණකුදු නැති ඒ දෙ ඇස තුළ පිළිඹිබු වන්නේ කවර අරුතක් ද? ජුදාස් ඉස්කාරියොත් නම් කුප්‍රකට පරමාදර්ශී ද්‍රෝහියා මා අබියස හිඳී. ඔහුගේ සකළවිධ ඉරියව් සන්සුන් ය. විනීත ය. උපශාන්ත ය. සකල ලෝකවාසී දේව ජනතාව වෙනුවෙන් ජුදාස් සමඟ සිදු කල ඓතිහාසික පිළිසඳරෙහි නින්නාදයයි මේ.

*******

ඉහත සටහන මා සේවය කරන “පූජසනය” පුවත්පත සඳහා ම විසින් ජුදාස් ඉස්කාරියොත් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවෙහි පිවිසුමයි. එනමුත් ප්‍රධාන කතුවරයා විසින් මෙම ලිපිය පළ කිරීම ප්‍රතික්‍ෂේප කරනු ලැබී ය. මට පක්‍ෂ ව කිසිදු සහෝදර මාධ්‍යකරුවෙකු පෙනී නොසිටියෙන් මෙය පළ කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

පළ කිරීමට සැළසුම් කරමින් සිටි කෙටිකතා සංග්‍රහයට මෙය ඇතුළත් කළ හැකි බව සිතට නැඟුණේ ඉන් බොහෝ කාලාන්තරයකට පසුව ය. මේ, එම සිතුවිල්ල ක්‍රියාවට නැංවීමකි.

ජුදාස් ඉස්කාරියොත් මුණ ගැසීමේ මහඟු අවස්ථාව මා හට උදා වූයේ අපමණ කැප කිරීම් තුළිනි. දිවි දෙවැනි කොට ඔහු සොයා ගිය ගමනේදී මා අනුභව කළ කම්කටොළු පිළිබඳ දන්නේ කිහිප දෙනෙකු පමණි. ඔවුන් එය සදාකාලික රහසක් ලෙස සුරකිනු ඇතැයි මම විශ්වාස කරමි.

මාධ්‍ය සදාචාරය තුළ තොරතුරු ලැබෙන මූලාශ්‍ර, සබඳතා ගොඩනැංවෙන ආකාරය, ගවේෂණශීලි සංචාරයන්ගේ ස්වරූපය පිළිබඳ ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නො මැත. සහෘද ඔබට මෙම ගමන පිළිබඳ ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොමැත. සහෘද ඔබට මෙම ගමන පිළිබඳ මතු වන ගැටලු නිරාකරණය කිරීම සඳහා පිළිතුරු සැපයීමට මට නොහැක්කේ එබැවිනි. මාධ්‍ය සදාචාරයටත්, එහි මූලධර්මයන්ටත් අනුකුලව මා ඒ සඳහා බැඳී නැත.

මට දිය හැකි පොරොන්දුව නම් මෙම සුවිශේෂ සාකච්ඡාවේ සෑම ඉස්පිල්ලක්ම,පාපිල්ලක් ම අඩංගු වන පරිදි එය ලියා දන්වන වග පමණි.

මෙම පිළිසඳර “පූජාසනයෙහි”පළ කිරීමට සිද්ධ වී නම් මුලින් සඳහන් වුණ පිවිසුම් සටහනින් ද,විශේෂාංග කතුවරයාගේ හෝ ප්‍රධාන උපකතුවරයාගේ සංක්‍ෂිප්තකරණයෙන් ද හික්මීම ලැබූ සංශෝධිත ලිපියක් පමණක් ඔබ හමුවට පැමිණීමට ඉඩ තිබිණි. එහෙත් දැන් එය ඔබ හමුවට පැමිණෙන්නේ කෙටිකතාවක ස්වරූපයෙන් බැවින් කිසිදු සංශෝධනයකට යටත් නොවූ සම්පූර්ණ සාකච්ඡාව ද, එහි ප්‍රධාන භූමිකාව සොයා ගිය දුෂ්කර ගමනෙහි අති රමණීය මතකය පිළිබඳ සඳහන් කළ හැකි නිමේෂය ද, විඳ ගැනීමේ භාග්‍යයය ඔබට උදා වී ඇත.

********

ස්ටයික්ස් නදිය ගලා බසී.

විටෙක ඉහළට ද, යළි පහළට ද සේ ස්ටයික්ස් නදී තෙමේ සැරපරුෂ ව ද, සීඝ්‍රගාමී ව ද ගලා යයි. චණ්ඩ දිය රැළි ගල්පර මත ගැටී සුණු විසුණු වී සී සී කඩ ව විසිර යන මුත් ඉන් කිසිදු හඬක් නො නගී.

හාත්පස ගුප්ත නිහැඬියාවකි.

හමා එන මාරුතය වියරු ය. එහෙත් තුරුගොමු සීරුවෙනි. ළපල්ලකුදු නො සැලේ.

සැලොමන් තොටුපලෙහි හුදෙකලාවෙන් ඇළලුණු නිසොල්මන් මගියා මම වෙමි.

දුර ඈත නදී ඉවුරෙන් මතුව එන්නේ මා අපේක්‍ෂිත යාත්‍රාව බව නිසැක ය. කෙමෙන් ළං ව, ළං ළං ව, හබල් ගසනා ඔරුවකි. කලින් ලත් රූ සළකුණු ඔස්සේ යමින් මම ඔහු හඳුනා ගනිමි. හේ චැරොන් නම් වෙයි. ඔව්! මා ඉදිරියට පැමිණෙන්නේ චැරොන් නම් මහලු තොටියාට අයත්, පාපිෂ්ටයන්ගේ නිළ රථය යි. ස්ටයික්ස් නදිය තරණය කළ හැකි, අවසර ලත් එකම තැනැත්තේ, චැරොන් ය. ඔහු එම වරම් ලද්දේ කාගෙන් ද, කවදා ද යන්න පිළිබඳ මා කවදාකවත්, කාගෙන්වත් අසා නැත. සදාකාලික යෞවනත්වයෙන් පිරි දෑසක් සහ දෑතක් සහිත මහල්ලා මට හිසින් සන් කරයි. මම දණක් දිගේ බැස පෙරට ගොස් යාත්‍රාවට ගොඩවෙමි. එය ආ මඟ ඔස්සේ නික්ම යයි.

මා මේ පිවිසෙන්නේ සදාකාලික නිරාගින්නෙන් ජ්වලිත ගෙහන්නාවට යි. ඇතුළු වූ කිසිවෙක් යළි පිටත නො යන කෲරතර පාතාලයට යි. පාපී දුෂ්ට ආත්ම නො නිම් වධ වේදනාවෙහි ගිල්වනු ලබන දුකාන්ධකාරයේ නිරයට යි. ගමන් වියදම පිණිස චැරොන් අත ඔබෝලසයක් තබා ගෙහන්නාවේ නිම් ඉම් නැති රතුවන් පුලිනතලාව මත පා තබමි.

නර්ගාල් පාතාලයේ රාජාභිෂේක ලත් තැනැත්තේ වෙයි. හෙතෙම, රුහිරු තඩාගයක පා වෙන මාංශම ය සදහසුනක් මත පතබෑ වී සිටියි. මසිත භීතියෙන් මුසපත් වෙයි. එහෙත් මම එය සඟවාලීමට යත්න දරමි. හේ මා අමතනු පිණිස මුව විවර කරයි.

“තා හට මෙහි ඒමටත්, යළි පිටව යාමටත් විශේෂ අවසරයක් දුනිමි.එහෙත් කෙබඳු හේතුවක් මත පැමිණියේ දැයි නොදනිමි.”

නාර්ගාල්, මා අභිමුව සංවර වීමට වෙර දරයි.එනමුත් ඒ හඬ කෝපාවිෂ්ට දරුණු කුණාටුවක් බඳු ය. දෝංකාර නංවයි.

“මම, ජුදාස් ඉස්කාරියොත් මුණ ගැසීම පිණිස පැමිණියෙමි.දහසක් හැඟුමන් කැටි කොට ගත් පිළිවදන්, සසැළෙන මා දෙතොල් අතුරින් නික්ම යයි. එය සවන් වැකෙත් ම නර්ගාල් වියරු සිනහවකට මුල පුරයි. තියුණු, දිගු උල් දන්ත මණ්ඩලය පුළුල් මුඛ කුහරෙහි ළෙල දෙයි. ඒ සිනහවෙහි නිර්දය උපහාසයක් ගැබ් බ පවතී. කෙමෙන් උත්සන්න වන සිනහ හඬින් පාතාලයම ගිගුම් දේ.

එක්වන ම, සිනහ ගිගිරුම නිම කරන හේ තියුණු දෑසින් මා පිරික්සයි. ගිනි පුළිඟු පිටවන දෙ ඇස්, ම සිරුරෙහි කේශාන්තය තෙක් ද, පාදාන්තය තෙක් ද ගමන් කරවයි. භ්‍රාන්ත ව, හැඟුම් විරහිත ව සිටින මා දෙපා අප්‍රාණිකව ගොසිනි. මගේ කැළැඹුණු දෙ ඇස් මත නර්ගාල්ගේ දෙ ඇස් නවතී. ඒ දෙ ඇස් අතරින් දුමාරය ගලයි. සවන්පත් නැටැවේ. පුලුල් නළලත රැළි නැගි නැගී බැස යයි. අවසන, තිරසර හඬින් හේ මා අමතයි.

“ඌ කිසිදු දිනයක මෙහි පැමිණ නෑ. කිසිදු දිනයක මෙහි පැමිණෙන්නේ ද නෑ.”

********

ගෙහන්නාවේ පශ්චිම දොරටුව ට, මායිම් ව ලිම්බෝව පිහිටියේ වෙයි. සුපිරිසිදු මනසින් සහ හදවතින් යුත් ළදරු රූ දහස් ගණනින් මා දෙඇස් මත පැටැලේ. ළදරු විය ඉක්ම වූ ළපැටියෝ ද පලින් පල වෙත්. තබන එක් පියවරක් මා රැගෙන ගව්වක් පෙරට යයි.

අතරින් පතර ළමා විය ඉක්ම වූ තුරුණුවෝ,වයෝවෘධයෝ,ආදී ලෙස නම් වූ ධර්මිෂ්ටයන් එකෙක් දෙන්නෙක් ළපැටියන් පිරිවරා සිටිත්.ඔවුන් ද ළපැටියන් මෙන් ම බෞතීස්ම ස්නාපනය නො ලද වුන් විය යුතු ය. නිසැක ය. ඔවුන් කුමක් කරන්නේ දැයි මට පිරික්සිය නො හැක. මන්ද යත් මා පිය නඟන ප්‍රවේගය තුළ ඊට ඉඩකඩ නැති බැවිනි.ගෙවෙන සෑම නිමේෂයක් ම ගව්වකි. ගව්වෙන් ගව්වකි. සැබැවින්ම මට ලිම්බෝවෙ නැවතී සිටිය නො හැක. මගේ අරමුණ වෙනකකි.

ලිම්බෝව කෙළවර අහස් ගඟ හමු වෙයි. පුලුන් වළාවක් බඳු රිදී වන් රථයකට වී ස්වර්ගීය දූතයෙක් පෙරමඟ බලා සිටියි. මම සෙමින් රථයට ගොඩ වෙමි. එය කෙමෙන් උඩුගං බලා යයි.

අහස් ගඟ ගලන්නේ පාරාදීසයට පිවිසෙන පටු දොරටුව වෙත ය.

මාර්ගෝපදේශක දූතයා පෙරටු කොට ගනිමින් මම සෙමින් පිය ඔසවමි. ම සිත පිරී ඇත්තේ සන්තුෂ්ඨියෙන් ද, සන්ත්‍රාසයෙන් ද යන්න මට වෙන් කොට ගත නො හැක. සියුම් සිහිතලක් ගලා විත් හදවත පුරාලයි. එය සිහිතල නොව මුදු උණුසුමකි.නැත!උණුසුම ද නොවේ.උණුසුම ද,සිහිතල ද අතර වූ සංවේදනයකි.බලන බලන අත නෙත් පැහැර ගනී. කන්කලු මිහිරියාවක් සවනතේ විහිදී පැතිරී යයි.

මිත්‍ර දූතයා මට අසුනක් පනවයි. එයට බර දී මම හාත්පස පිරික්සමි. එවිට පෙරට එන ඒ රූ මා ඇස ගැටේ.ඔහු විත් මා අබියස අසුනක සීරුවෙන් ඉඳ ගනී. මම පටිගතකරණය මේසය මත තබමි. ජුදාස් ඉස්කාරියොත්ගෙ මුවින් නික්මෙන සෑම ස්වර මාත්‍රයක් ම එහි සටහන් වනු ඇත.

මමඃ මගේ පළමු ප්‍රශ්නය ඉතාම කෙටියි.ඒත් පැහැදිලි පිළිතුරක් අවශ්‍ය යි.ඔබ මෝක්‍ෂය තුළ වැඩ වසන්නේ කෙලෙසින් ද?

ජුදාස්” මෝක්‍ෂය තුළ නොවේ නම් මා සිටිය යුත්තේ කොතැනක ද?

30 silver

මමඃ ඔබ ප්‍රශ්නයකින් පිළිතුරු දී ප්‍රශ්නය මඟ හැරීමට උත්සහ දරන බවක් පේනවා. සකළවිධ පීඩිතයන්ගේ ආත්මය ගැළවීම පිණිස පෘථිවි තලයට සපැමිණි යොහොවඃතුමන්ගේ ඒක ජනිත පුත්‍ර වූ මෙසියස්වරයා රිදී 30 කට පාවා දීම හේතුවෙන් සකළ පෘථිවිවාසීන්ගේ ම පිළිකුලටත්, අප්‍රසාදයටත්, ප්‍රතික්‍ෂේපයටත් බඳුන්ව සිටින ඔබ මෙසේ මෝක්‍ෂ රාජ්‍යයෙහි වැඩ වසන්නේ කෙසේ ද යන්න ඔවුන්ට සුවිශාල ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නය වන්නේ ද එම ප්‍රශ්නයම යි.

ජුදාස්ඃ ම විසින් පාවා දෙනු නො ලැබි නම් සකළ ලෝකවාසීන්ට ගැලවීමක් ලැබේ ද?

මමඃ යළිත් පිළිතුර ප්‍රශ්නයකින්මයි. කරුණාකර ඔබ මෝක්‍ෂයේ හිමිකරුවකු වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.

ජුදාස්ඃ (සිනාසෙයි) මං මේ ප්‍රශ්නෙට දෙයාකාරයකින් පිළිතුරු දෙන්නම්.

මගේ ගුරුවරයා කුරුසිය මත උකත් වීම තුළ මනුෂ්‍යයාට ගැළවීම උදා වුණ බව ඔබ දන්නවා. ආදී මාතෘ-පීතෘ ආදම්, ඒවගේ ජන්මීය දෝෂයෙන් ගැලවීම ලත් මනුෂ්‍යය ප්‍රාණීන් අප්‍රමාණයි. එය හිමිවන්නේ, ම විසින් සිදු කරනු ලැබූ ඓතිහාසික පාවා දීම හරහායි. ඒ අනුව පැහැදිලියි මා ගැලවීමේ ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවකු බව. ඒ ආනුභාවයෙන් ම, ඒ අනුහසින් ම, මා ස්වර්ගීය පුත්‍රයකු බවට පත් වෙනවා.

පිළිතුරෙහි පළමු කොටස එ බඳුයි. සරල යි.

දෙක – ඔබ ජීවත් වන පොළොව මත සිදු වන කිසිදු සිදුවීමක් අහම්බයක් නොවෙයි. දේව රාජ්‍යය තුළ ඒ සඳහා සැළසුම් නිර්මාණය වෙනවා.

ආදම් ට,ඒව හමුවන්නේ ඒ සැළසුමට අනුවයි. සීනයි කන්ද මත යාච්ඤා කරමින් සිටින ආබ්‍රහම්ගේ දෝතට ව්‍යවස්ථා පොත ලැබෙන්නේ ඒ අනුවයි. ඒ කියන්නේ දස පනත. ජෝෂප් මිසරයට විකුණනු ලබන්නේ ද ඒ අනුවයි. ඒ අනුව ම තමයි දාවිත් කැටපෝලයකින් විද ගොලායත් බිම දමන්නේ. සාලමොන්ට අසීමිත ඤාණයක් හිමි වන්නේ ඇයි?

යොහාන් බෞතිස්ත ආවෙ බෞතීස්ම ස්නාපනය හරහා මනුෂ්‍යයාව ගැළවීම කරා මෙහෙයවනු ලැබීමට. සරලව කියනවා නම් ගැළවීමේ පෙරමඟ සකස් කිරීමට. මරියාගේ කාර්යභාරය වුණේ කන්‍යාවියක්ව සිටියදීම මෙසියස්වරයා ජනිත කිරීම. මා පැමිණියේ පාවා දීම ක්‍රියාත්මක කිරීමට. ඒ කියන්නේ ගැළවීම තහවුරු කිරීමට. මේ සෑම ක්‍රියාදාමයක් ම “අහඹු” යන වචනය හරහා විග්‍රහ කිරීමට ඔබට හැකි ද? මේ සියලු දේ, දේව රාජ්‍යයේ සැළසුම්. දෙවිපියාණන්ගේ සැළසුම්.

මමඃ ඔබ සඳහන් කළ අන් සියලු ක්‍රියාදාමයන් සැළසුමක් තුළ සිදු වූ දේ විය හැකියි. එහෙත් ඔබේ පාවාදීම ස්වර්ගීය සැළසුමක් බව තහවුරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නෑ.

ජුදාස්ඃ (සිනාසෙයි) මා ස්වර්ගය තුළ වැඩවාසය කිරීම සාක්‍ෂියක් ලෙස ප්‍රමාණවත් නොවේ ද?

මමඃ නමුත් ඔබේ ගුරුවරයාගේ කිට්ටුවන්ත ම ගෝලයෙක් වූ යොහාන් ඔහුගේ ශුභාරංචි ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි ඔබේ ද්‍රෝහී ක්‍රියාවට පෙර ඔබ තුළට සාතන් ප්‍රවිෂ්ට වී තිබෙනවා.

ලූක් නම් වන සුවිශේෂ ග්‍රන්ථ කතුවරයා ඔබේ සිත තුළට සාතන් ඇතුලු වී ඇති අයුරු ලේඛනාරූඪ කර ඇත්තේ මෙලෙසයි.

“එවිට දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ඉස්කාරියොත් නම් ජුදාස් ගේ සිතට සාතන් ඇතුලු විය. ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේදැයි කියා නායක පූජකයන් හා මුර සෙබලුන් සමඟ කතාකර ගත්තේ ය.

බයිබලයෙහි එන මෙවන් සාක්‍ෂි තුළින් ගම්‍ය වන්නේ ඔබ ක්‍රියා කොට ඇත්තේ සාතන් ගේ පාර්ශ්වයේ සිට බවයි. එයින් විග්‍රහ වන්නේ ඔබ මෝක්‍ෂය තුළ නොව නිරාගින්න තුළ සිටිය යුත්තෙක් බවයි.

ජුදාස්ඃ ඕක හරි ජනප්‍රිය තර්කයක්. යථාර්ථය නො දැන කෙරෙන ඔබේ ඔය විග්‍රහයට අනුව කිසිම ගැටලුවක් නෑ. පැහැදිලියි, මා සිටිය යුත්තේ නිරාගින්න තුළ බව.

අපි ස්වර්ගස්ථ වන අවධියේ…

මමඃ අපි ලෙස අර්ථකතනය කළේ..?

ජුදාස්ඃ මම සහ මෙසියස්වරයා……

අපි ස්වර්ගස්ථ වන කාලෙ යොහාන් මුහුකුරා ගිය පුද්ගලයෙක් නොවෙයි. උන්වහන්සේ සමඟ සුරතල් වෙමින් සිටි කොලු පැටියා. යොහාන් උන්වහන්සේ සමඟ ආත්මීයව බැඳී සිටි කෙනෙක්. ඔහු උන්වහන්සේ ට අප්‍රමාණ ලෙස ප්‍රේම කළා.

එබැවින් එවන් අයෙකුට උන්වහන්සේ ගේ ස්වර්ගස්ථ වීම ඉක්මන් කළ කෙනෙක් ව පෙනී යන්නේ සාතන් ගේ අපේක්‍ෂාවන් ඉෂ්ට කළ කෙනෙක් හැටියටයි. එසේ පෙනීම සාධාරණයි.

ඒ අනුවයි යොහාන් ලියා ඇත්තේ මා සිත තුළ ට සාතන් ප්‍රවිෂ්ට වූ වග.

යොහාන් ස්වර්ගීය සැළසුම ගැන නො දැනයි හිටියෙ. ස්වර්ගස්ථ වූ පසුයි සැලැස්මේ ගැඹුර ඔහු තේරුම් ගනු ලද්දේ. ඔහු මා සමඟ ඒ පිළිබඳව දීර්ඝ ලෙස සංවාදයේ යෙදුණා. ඔහු අතින් ලියැවුණු සාවද්‍ය සටහන පිළිබඳ ඉමහත් කම්පාවට පත්වුණා. මා කෙරෙන් ක්‍ෂමාව අයැද සිටියා.

ලූක් පිළිබඳ මූලික විග්‍රහයත් මෙබඳුයි. මා පෞද්ගලිකව ලූක් සුවිශේෂයට කැමතියි. ඔහුගේ ගවේෂණශීලි ශක්‍යතාව පැසසුම් කටයුතුයි. දීර්ඝ සංචාරයකින් හෙබි ධර්මදූත මෙහෙවර තුළ ඔහු කිසියම් පරිණත බවක් ලත් පුද්ගලයෙක්. වෛද්‍යවරයකු වීම හරහා ඔහුට අති සියුම් දේ පවා නිරීක්‍ෂණය කිරීමේ කෞෂල්‍යයක් තිබුණා.

ඔහු ගවේෂණය කළ තතු හරහා තමයි මා පිළිබඳව අවසාන විග්‍රහයට පැමිණ ඇත්තේ. ඔහුගේ ගවේෂණය සහ නිගමනය තර්කානුකූලව නිවැරදියි. නමුත් ඔහු ඒ සඳහා යොදා ගත් මූලාශ්‍ර පදනම් විරහිතයි. ඔහුගේ විග්‍රහයේ අර්බුදය පැන නැඟෙන්නේ අන්න එතැනයි. කෙසේ නමුත් මෙහි ගැටලු සහගත වන්නේ ඉහත ඔබ සඳහන් කළ උපුටනයේ පමණයි.

ඔබ නිරතවන පුවත්පත් කලාව ගැන සිතන්න. වැරදි තොරතුරු මත පදනම් ව කෙතරම් වැරදි ප්‍රවෘත්ති සම්පාදනය කිරීමට මාධ්‍යවේදීන් ක්‍රියා කරනවා ද? ඔන්න ඕක තමයි පවතින තත්ත්වය.

මමඃ එහෙත් පසුකාලීනව සිදු කෙරුණ බයිබල් සංස්කරණයක දී, එම සංස්කාරකවරු හරහා “ජුදාස්” පිළිබඳ මිත්‍යාව නිවැරදි කර ගැනීමට අවස්ථාව සහ හැකියාව තිබුණා නේද?

ජුදාස්ඃ ඔබ පවසන දේ නිවැරදියි. එහෙම තිබුණා. නමුත් බයිබලය කියන්නෙ විශ්වාසය මත පදනම්ව භාවිතයට ගැනෙන ග්‍රන්ථයක්. එහිදී ජුදාස් ඉස්කාරියොත් ට, ඒ කියන්නෙ මට හිමි වන්නෙ කූප්‍රකට ස්ථානයක්. දේව ජනතාව මා පිළිබඳව මවා ගෙන සිටින සංකල්ප රූපය රළු එකක්. බලන්න මං දිහා! මාව පේන්නෙ එහෙම ද? (සිනාසෙයි)

ඔවුන්ගේ මනස් චිත්‍ර තුළ මගේ මුහුණ සිත්තම් වී ඇත්තේ තෘෂ්ණාව, ක්‍රෝධය, වෛරය වැනි වර්ණ වලින්.

මා පිළිබඳව වන චිත්‍රය වෙනස් විය යුත්තේ බයිබලය තුළින් නොවෙයි. ඉන් පරිබාහිරවයි. මන්ද යත් එසේ වෙනස් කිරීමට යාම බයිබලය තුළ වන සෙසු නිවැරදි දේ පිළිබඳව පවා විශ්වාසය බිඳවැටීමට හේතුභූත විය හැකියි. එහි කිසියම් සංශෝධනයක් කිරීමට යන තැනැත්තාගේ සිත තුළට වුව සාතන් ඇතුලු වී ඇති බව විග්‍රහ කිරීමට පවා ඔවුන් පෙළඹේවි. යොහාන් ගේ සහ ලූක් ගේ එම වැකි එලෙස ම පැවතීම තුළ අසාධාරණයක් සිදුවන්නේ මට පමණයි. එහෙත් එම වැකි සංශෝධනය කිරීමට යාම තුළ බොහෝ ධර්මිෂ්ටයන්ට අසාධාරණයන් විය හැකියි. එසේම භක්තිවන්තයන්ගේ අචල විශ්වාසයන් කම්පනය කිරීමට පවා බලපෑ හැකි යෝජනාවක් ඒක. අපි ස්වර්ගය තුළ මෙම කරුණ පදනම් කරගෙන සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. අවසන් නිගමනය වශයෙන් එම වාක්‍යයන් ඒ අයුරින්ම පැවතිය යුතු බව ඒකමතික තීරණයකට එළඹීමකට හැකි වුණා.

මමඃ ඒකමතිකව යන්නෙහි අරුත ඔබත් ඒ තීරණයට එකඟ වුණා යන්නයි.

ජුදාස්ඃ ඔව්! පැහැදිලිව ම. බයිබලය සංශෝධනය නො කළ යුතුයි යන යෝජනාව ගෙනාවෙත් මම.

මමඃ ඒ කුමක පදනමකින් ද?

ජුදාස්ඃ මේ පිළිබඳව මම කලිනුත් විග්‍රහ කළා. පෞද්ගලිකව මට වන හානිය ගැන නෙමෙයි. පොදුවේ ඇති විය හැකි තත්ත්වය පිළිබඳවයි මම කල්පනා කළේ.

මමඃ කෙසේ නමුත් පෘථිවිවාසී ජනතාව ඔබ සම්බන්ධයෙන් මවා ගෙන සිටින මනෝරූප පිළිබඳව ඔබ තුළ පසුතැවිල්ලක් හෝ සංවේගයක් නොමැතිද?

ජුදාස්ඃ මම අප්‍රමාණ ලෙස කැපකිරීම් කළ තැනැත්තෙක්. ප්‍රේරිතයන් දොළොස් දෙනා අතුරින් අතිශයින් දුෂ්කරම දේවකාරිය පැවරී තිබුණේ මට. භාරධූර ම වගකීම ඉෂ්ට කළෙත් මම. ඒ පිළිබඳ ව කිසිම තර්කයක් නෑ.

සැළැස්ම කෙබඳු වුවත් ගුරුවරයාව පාදඩ පූජක පැළැන්තියට පාවා දීමට මා තුළ වූයේ බලවත් නො කැමැත්තක්. එහෙත් මගේ කැමැත්ත ඉක්මවා ස්වර්ගීය කැමැත්ත අනුව ක්‍රියා කිරීමට මට සිදු වුණා.

මෙසියස්තුමා කුමන්ත්‍රණකරුවන්ගෙ ග්‍රහණයට නතු වීම ඉවසා වදාරා සිටීමට මට පුළුවන්කමක් තිබුණේ නෑ. පළමු පැය තුළ පමණක් මගේ දෑසින් මළ මුහුද තරම් කඳුලු ගලා යන්නට ඇති.

රිදී කාසිත් රැගෙන මා යළිත් නායක පූජකයින් අභිමුවට ගොස් ගුරුවරයා මුදා දෙන ලෙස ඉල්වමින් හඬා වැළපුණු සැටිත්, ඔවුන් වෙත මුදල් වලින් දමා ගැසූ සැටිත්, අවසන ළය පැලී මියගිය සැටිත්, බයිබලය තුළ නිර්වද්‍ය ලෙස සඳහන් වී නෑ. මා ද්‍රෝහියකු ලෙස ඉස්මතු කරලීමට අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීම වෙනුවෙන් තෝරා බේරා ගැණුනු කරුණු පමණයි බයිබලයේ සඳහන් වන්නේ. ඔවුන් ස්වර්ගස්ථ වූ පසු මම මගේ විවේචනය ඔවුන් වෙත එල්ල කළා. ඔවුන් එය පිළිගත්තා.

එක් තැනෙක මතෙව් සඳහන් කරනවා, මම එල්ලී මිය ගිය බව. නමුත් ඒ මොහොතේ මා සිටියේ එලෙස සැළසුම් සහගත ව සිය දිවි තොර කර ගත හැකි වන නිරවුල් මානසිකත්වයක නෙමෙයි.

ආ! තව එකක්…

මෙසියස් තුමා ද්‍රෝහීන් අතට පත් කිරීම වෙනුවෙන් මා ලත් මුදලින් මිළදී ගත් භූමියට ලේ බිම යන අදහසෙන් “අකල්දම” යන නම තැබූ බව බයිබලයේ සඳහන් වෙනවා. එහි සඳහන් වී ඇති ආකාරය මා තේරුම් ගන්නේ, මා ජීවිතක්‍ෂයට පත්වීම සහ මෙම භූමිය අතර සම්බන්ධය ගොඩනඟා පෙන්වීමට සුවිශේෂකරුවන් දැරුවා වූ අනවශ්‍ය උත්සාහයක් ලෙසටයි. භූමිය මිළදී ගනු ලැබුවේ නායක පූජකවරුන් සහ වැඩිමහල්ලන්. මගේ මරණයයි, රිදී 30න් මිළදී ගත් භූමියයි අතර සම්බන්ධයක් ගොඩනැංවීමට උත්සාහ කළේ මෙන්න මේ කොටසයි. බයිබල් කතුවරු මොවුන්ගේ මේ අධිපතිවාදී මත තුළ ගිලී ගොස් තිබීම සැබැවින් ම ශෝකයට තරුණක්. ඔවුන් ඒ පිළිබඳ ව පශ්චාත්තාප වුණා.පශ්චාත්තාපය සැම විටම පැමිණෙන්නේ ක්‍රියාවෙන් අනතුරුවයි.

මමඃ ඔබ මුදලට අප්‍රමාණව ඇලුම් කළ පුද්ගලයකු බවයි බොහෝ කරුණු සැළකිල්ලට ගැනීමේ දී විග්‍රහ කර ගත හැකි වන්නේ. ප්‍රේරිතයන් අතරෙහි මුදල් බාරව සිටි තැනැත්තාත් ඔබයි. රිදී 30කට තම ගුරුවරයා හුවමාරු කිරීම ඔබේ මුදල් ලෝලීත්වය පිළිබඳව බිඳලිය නො හැකි සාක්‍ෂියක්.

ජුදාස්ඃ ඔබේ ප්‍රශ්නය ඇතුළෙ තර්ක 2ක් තියෙනවා. එක, මං ප්‍රේරිතයන් අතරේ මුදල් බාරව කටයුතු කළා කියන එක. ඒකට හේතුව ඉතා ම පැහැදිලියි.ඊට වඩාත් ම සුදුස්සා වුණේ මම.උන් වහන්සේ පසුපස වැටීමට පෙර මම රාජකාරි කළේත් මුදල් එහා මෙහා සංසරණය වන පදනමකයි. ඒ පළපුරුද්ද සහ උගත්කම මත පදනම්වයි,ප්‍රේරිතයන් අතරින් මූල්‍යමය කටයුතු කිරීමේ වගකීම මා වෙත පැවරුණේ. ඒ පිළිබඳව කිසි කෙනෙකුගෙන්වත්, කිසිවිටෙකවත් විරෝධයක් මතු වුණේ නෑ.මුදල් පරිහරණයේ දී මා කිසිදු වංචා සහගත පිළිවෙතක් අනුගමනය කර ඇතැයි ඔබට තර්ක කළ හැකි ද? (සිනාසෙයි)

දෙවැනි එක තමයි රිදී 30 සම්බන්ධ තර්කය. මෙසියස්වරයා ජනිත වීමේ සිට උකුත් අනතුරුව ස්වර්ගාරෝහණය වීමත් දක්වා වූ සකළවිධ සිද්ධීන් ස්වර්ගීය සැළසුම් වලට අනුකූල ලෙස සිදු කෙරුණු ලද්දක් බව මා ඉහතදිත් අවධාරණය කළා. මා ස්වර්ගස්ථ වූ පසු මගේ පුරප්පාඩුව පිණිස නව ප්‍රේරිතයෙක් තෝරා ගැනීම සිදු කළ අවස්ථාවේ අප ජ්‍යෙෂ්ඨ පේත්‍රැස් සහෝදරයා වදාළ දෙය සිහිපත් කරන්න. ඉන්න මම ම ඔබට එය පෙන්වන්නම්.

(මා අත ඇති බයිබලය ගෙන පෙරලා කිසියම් සළකුණක් තබා බයිබලය යළි මා අත තබයි.)

“යේසුස් වහන්සේ ඇල්ලූ අයට මඟ පෙන්නුවා වූ යුදාස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත් ගේ මුඛයෙන් පෙර කීවා වූ වාක්‍ය සම්පූර්ණ වෙන්ට තිබුණේය.

මක් නිසා ද යත්, ඔහු අප සමඟ ගණන් ගනු ලැබ, මේ මෙහෙයේ තමාගේ කොටස ලැබුවේ ය.”
(ක්‍රියා 1:16-17)

පේත්‍රැස්ගේ ප්‍රකාශය තුළ තිබෙන්නේ මාව නිර්දය ලෙස හෙළා දැකීම.එහෙත් ඉන් ව්‍යංගයෙන් ප්‍රකාශිතයි,මේක පූර්ව සැළසුමක් බව.මම ඉෂ්ට කළේ මගේ කොටස බව.

මා පූජකවරු අභිමුවට ගොස් කිසිදු ප්‍රතිලාභයකින් තොරව ගුරුවරයා පාවා දෙන බව ප්‍රකාශ කළා නම් මා විශ්වාස කිරීමට ඔවුන් මැළි වනු ඒකාන්තයි. එබැවිනුයි මේ පාවා දීම වෙනුවෙන් මට ලබා දෙනුයේ කුමක් ද යන්න මා විමසුයේ. ඒ අනුවයි ඔවුන් මගේ කාර්යය රිදී 30කට මිළ කළේ. ඒ රිදී 30 හරහායි පූජකවරුන් සහ මා අතර විශ්වාසය ගොඩනැඟුණේ.රිදී 30 මාගේ තෘෂ්ණාවේ ප්‍රකාශවීමක් ලෙස නොව මනුෂ්‍ය විමුක්තිය තහවුරු වීමේ සංකේතයක් ලෙසටයි ප්‍රකාශ වීම සිදු විය යුතුව තිබුණේ. එහෙත් පැවැති වාතාවරණය තුළ සිදු වූයේ අනෙකක්.

මම: ඔබ පේදුරුතුමා ඇතුලු සියලු සුවිශේෂකවරුන් ඉතාම සැහැල්ලුවෙන් විවේචනයට ලක් කරනවා.මෝක්‍ෂය තුළ මේ සඳහා නිදහසක් පවතී ද?

ජුදාස්: නො පවතී නම් මා එය සිදු කරන්නේ කෙසේ ද? (සිනාසෙයි)

එයට පිළිතුර මෙබඳුයි. ඔවුන් මේ මොහොතේ පවා මා සමඟ ඒකීය ආත්මයක්ව සිටින සහෝදරවරු.

මා ඔවුන් විවේචනය කරනවා නොවේ.මා අවධාරණය කරනුයේ එදා සිදු වූ සිද්ධිදාමයන් පිළිබඳ මා දන්නා කටුක යථාර්ථය යි. පෘථිවිවාසීන් තුළ මෙන් නොව ස්වර්ගවාසීන් තුළ යථාර්ථය ගෙන හැර පෑම පිළිබඳ බාධාවක් නෑ.

මම: ඔබේ ස්වර්ණමය කාල මාත්‍රයක් මෙබඳු පිළිසඳරක් වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳ ගෞරවපූර්වකව හිස නමන අතර ම අවසාන ප්‍රශ්නය මම මෙලෙස ඉදිරිපත් කරන්නම්.

ද්‍රෝහියකු,පාවා දෙන්නකු වශයෙන් කුප්‍රකටව සිටින නමුත් ඔබ “ශුද්ධ වූ ජුදාස්”නමින් සුප්‍රකටව සිටිය යුතු ශුද්ධවරයෙකු බවයි අපගේ විග්‍රහය වන්නේ.

මේ විග්‍රහය පිළිබඳ ව ඔබ දරන්නේ කෙබඳු ආකල්පයක් ද?

(දිගු ගුප්ත නිහැඬියාවක්)

ජුදාස්: ඔබ ගොස් මෙම පිළිසඳර ජනතාව අතට පත් කරන්න. දේව සැළැස්මේ ඔබේ කොටස ඉටු කරන්න.

– මංජුල වෙඩිවර්ධන 1999

FINAL COVER FRONT of ST JUDAS

Advertisements

සඳමඬල සහ අම්මා

 

© Edgar Degas
© Edgar Degas

මම ළය සැහැල්ලු කර ගනිමින් දෑස පියා ගතිමි.
තරු මල් කිණිති අතර සැරිසරමින්
සෙමින් සෙමින් පාව යන සිත
සඳ මඬල මත පා තබා නොතබා හිඳීමට වෙර දරයි.
සා සිඟිත්තිට ඇහැරේවි යැයි බියෙනි.
මිහිමඬල අඳුර තුළ කිමිදෙනා හෝරාවක් මුත්
සඳමඬල මත හිඳිද්දී, ඉරමඬල දිස්වනු වැළැක්වීමට
කිසිවකුටත් නොහැකි ය.
ඉදින් මම සඳමඬලට මෙතරම් ම කැමැත්තේ,
හිරු එළිය ම සුපතන දෑසකට උරුමකම් කියනා බැවින් බව
පිළිතුරක් වශයෙන් පැවසීමට හෘද සාක්‍ෂිය එකඟ කරවා ගනිමි.

*******

ඇස් දෙක කොට්ටාව දෙසට අලෝගෙන මහල්වරාව හන්දියට වෙලා ඉන්න කොට එකසිය අසූවට ආපු 138 ක් යාංතං ස්ලෝ කරලා මාව ෆුට්බෝඩ් එකේ එල්ල ගත්ත. ඇඟ ඇතුළට ඇද ගෙන හීනියට ඇස් දෙක කරකෝල වටේ බලද්දි මිනිස්සු ගාණට සීට් තියෙනව පෙනුණා. බැල්මට තීක්ක්‍ෂණය එකතු කරල තවත් වටයක් කරකවද්දියි පෙනුණෙ ඩබල් සීට් එකක වම් පැත්තෙ කොණ හිස් බව. හිත හරිබරි ගැහිලා ඒකෙ ඉඳගත්ත ඇස් දෙකෙන්ම දැක්ක. (කොහාටද – පිටකොටුව, කීය ද -7.50 යි – 10/-ක් – 2.50 ක්. ඉතුරු) පය උස්සන්න ඉස්සර කොන්දට සල්ලි ඕන වුණා. ගනුදෙනුව අතරෙදියි දැක්කෙ අත ගාව සීට් එක හිස් බව. ෆුට් බෝඩ් එක ගාව ම වම් පැත්තෙ සීට් එක – කොන්දා ජැක් එක ගහගෙන මරළතෝනි තියන තැන. අන්න එතන.

මහමෙරක් වගේ දැනෙන ශරීර කූඩුව ම ඇදල අරන් ඔඩොක්කුවෙ ඉන්ඳගත්ත. ජනෙල් කවුළුව ෆුල් ම ඇරදාලා. වායුගෝලයේම සුළං පොරකා ගෙන ඇවිත් හිතේ හැප්පෙන කොට ඔන්න හිත පාවෙන්න ගන්නව. මං දෝතින්ම හිත අල්ල ගෙන පපුව මත්තට තියල නොරිදෙන්න තුරුලු කරගෙන සුළං ධාරාවන්ට හිස නමා අචාර කරනව.

**********

හෘද සාක්‍ෂියේ හඬ දෝංකාර නංවමින්
මා සිහිනයේ මුදාලීමට යත්න දරයි.
දැන් මම සඳමඬල මත උක්කුටියෙන් යුතුව හිඳිමි.
සුසිනිඳුව ගලා එන ළහිරු රැස්,
අතින් අල්ලා බැලිය හැකි තරම් වන සෞම්‍ය ගුණයෙන් යුක්ත ය.
ඒ මා හිස සිට දෙපතුල දක්වා ම දෝවනය කරවයි.
සා සිඟිත්තිය සදාකාලික සුව නින්දක නිදන්නී ය.
ඈ හෘද ස්පන්දනීය රිද්මය,
ධ්‍යානගත මා හදවතට දැනෙන මුත්
දෙසවන ට නෑසේ.
ඒ හෘදයාංගම රිද්මය නැළවිළි ගීතයක් උදෙසා ම
වදන් එක දෙක රැගෙන විත් හදවතේ එදහ මෙහෙ තබයි.
එහෙත් මේ සුගායනීය වූ පද සංඝට්ටනාවක් සඳහා කාලය නොවේ.

**********

© Aaron Westerberg
© Aaron Westerberg

මලක් ගැහුවෙ. වනාතෙ සුදාගෙ බඩු. පාගල්. උඩින් සිගරට් පාරකුත් ඇදගත්ත හින්ද ආතල් ට්‍රිබල්. හුස්ම ගන්නත් කම්මැලියි. පෙනහළු වැඩ කරන්නැද්ද කොහෙද. ණෑ. පෙනහළු වලටත් ආතල් ඇති. හුස්ම ඕනෙ ම නම් ගත්තදෙන්- ඕන දෙයක් කරගත්ත දෙන්…

මළ ගේ අන්තිම අහිංසකයි – භානුව වගේ ම. ඌට මූණ පෙන්නන්න ආපු සේරෝම විසිරිලා ගිහින්. (මාත් වැටෙන්නේ ඒ ගොඩට ද?) අම්ම වෙනුවෙන් ආපු උගෙ මිත්‍රයො විතරක් තැන තැන ඉතුරු වෙලා හිටියා. කොඩිවැල් බැඳ බැඳ – විට හප හප – කාඩ් ගස ගස- සූස්ති ඇද ඇද – පිස්සු කෙළ කෙළ..

මං අම්මගෙ ප්‍රාණ කූඩුව දිහා නිසොල්මන් ව බොහෝ වෙලා බලාගෙන හිටියා. භානු හිටියෙ මගෙ දකුණු පැත්තෙන් පිටිපස්සට වෙන්න. ඈ වෙනුවෙන් අල්ප මාත්‍ර යුතුකමක්වත් කරගන්න බැරිවුණු දෙඇස් බිමට නමා ගෙන. එකපාරට ම මං දැක්ක පතුලට ම ගිලිණු ඇගෙ ඇස් හීනියට විවර වෙලා පුතු වෙතට යොමු වෙලා පියැවිලා යනවා – ආඩම්බරයෙන් පිරුණු බැල්මක්. (පිටෝටුව – පිටෝටුව – ඉක්මන් කරල නගින්නකො – ඔය ඔය- මහත්තයා එක පැත්තකින් අල්ල ගන්නකො – දෙපැත්තෙන් ඉඩ දෙන්න. මැද්දෙන් පස්සට යන්න- නම දෙනෙක් සල්ලි ගන්න.)

මූ මහ වාතයක්- ආතල් කුඩු කරනව. සිත කෝ? පිණ්ඩපාතෙ ගිහින් ද? සිත යළිත් ඔඩොක්කුවට වැඩම කිරීමට ආනාපානා සති භාවනාව… මෙච්චර වෙලා මෙච්චර හුළං නාසය හරහා එහෙ මෙහෙ ගිහින් තියෙනව. පෙනහළු කම්මැලි නෑ මං තරම්.

වහගෙන ඉන්න ඇස් දෙකට ආලෝකය පේන්නෙ කොහොමද? විදුලි බුබුළු ඇහැරගෙන ඉන්න ලයිට් කණුවක් පහුකරන හැම විටක ම ආලෝකය ඇවිත් ඇස් කඩාගෙන යනව. ඒ කියන්නෙ ආලෝකය ට සම්, මස්,ලේ නහර හරහා ගමන් කර මොළයත් සමඟ ගනුදෙනු කළ හැකියි. මේ ඔස්සේම සිත මෙහෙවුවොත් විද්‍යාත්මක වාදයක් හෝ නියමයක් බිහි කරලීමට නොහැක්කේ ඇයි? සාහිත්‍යකාරයෙක් හෝ ලේඛකයෙක් වීමට පෙරුම්පුරන එකේ තේරුමක් තියේවි ද? පත්තර කන්තොරුවකට වෙලා කුරුටු ගගා ඉන්න එකේ හරි, වැඩක් නැති වෙලාවට ඩඋ බලාගෙන ඉඳල කවියක් ලියන එකේ හරි තේරුමක් තියේවි ද? ඊට වඩා දස දහස් වාරයක් හොඳ නැද්ද, „ආලෝකයට සම්, මස්, දල්, නහර විනිවිද ගොස් ප්‍රතික්‍රියා කළ හැක“ යන උපන්‍යාසය මත පදනම් ව විද්‍යාගාරයක් ඇතුළට වෙලා පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ කරල අලුත් ම අලුත් විද්‍යාත්මක සොයා ගැනීමක් කරන එක. භෞතික විද්‍යඥයෙක් කියන්නෙ පොඩි පහේ මිනිහෙක් ද? සිරා මීටරයක් – අයිඩියල් පොරක්.

ඒ ලෙවල් මැත්ස් කරද්දි, ෆිසික්ස් කාරයගෙ (ග්‍රේරුවගෙ) නෝට්ස් වනපොත් – ආලෝක බොක්කට ම වැදිච්ච පාඩමක් – එළකිරි වගේ නෝට්ස් ටික. අපරාදෙ මගදි ඇන ගත්තෙ. දැන් නම් ෆුල් බ්‍රේන් වොෂ්. මළකඩ කඩා ගත්තොත් බැරිවෙන්න හේතුවක් නෑ. (මහත්තයා – ඔය කොළ ෂර්ට් එක- ඔහොම තව ටිකක් පස්සට යන්නකො- ළඟින් බහිනවා- හරි හරි බස්සෙක නවත්තල දෙන්නම් ඉතිං යන්නකො)

*******

ඇපලෝව බඳු විසල්
සූස්තිය පත්තු කර
සඳ මඬල මත සෙමින්
පා නගා ඇදෙන සඳ
නුඹ මෙලෙස කෑ ගසනු
කිම මිතුර
පුංචි සා සිඟිත්තිට ඇහැරේවි
පව් නැද්ද
බලන් මේ පහු කරන සීත හිම
අත දමා කඩන් කන්න හිතෙන
ඒ නමුදු මේ මොහොත
කෝටියක් නොවටී ද
උගුර ලාවට තෙමන
වැඩි සීනි ප්ලේන්ටිය

*********

බස් එක කිරුළපදන් – ගෑනු රෑනක් පෙරහැරක් වගේ ගොඩවෙනවා – ගෑනු කිව්වට අම්මල වගයක් බව -50 ට වැඩි -පැහුණු කටහඬින් ප්‍රකාශයට පත් වෙනවා. හත් දෙනෙක් නැත්නම් අට දෙනෙක් විතර. හඬ මිශ්‍රනය විවිධ ස්වරයන්ගෙන්. විවිධ හැඩතලයන්ගෙන් දෙකන් බෙර ස්පර්ශ කරනව. (ඔය ලොකු බෑග් ඉස්සරහින් තියන්න- ඔය අම්මල ඔහොම පස්සට යන්න-ඉතිං යන්නකො අම්මෙ) වැහුණු ඇස් දෙකට පේනවා අම්මලා එකිනෙකා මාව පහු කරන් අමාරුවෙන් අමාරුවෙන් පස්සට ඇදෙනව – අතේ කටේ මලු.

ඉතිං නැගිටපං, නැගිටපං – නැගිටල සීට් එක දෙන්නැද්ද? ඇස් දෙක අරින්නැද්ද? ඇස් දෙක ඇරල, නැගිටලා සීට් එක දෙන්නෙ කාට ද? අම්මලගෙන් එක්කෙනෙක්ට. ඒක අසාධාරණ නැද්ද? එතකොට අනිත් අය. ඔව්! ඒක අසාධාරණයි. මේ උන්න වගේ ම ඉන්නව. ඒගොල්ලො හිතයි මං නිදි කියල. තව පොඩ්ඩක් මෙහෙම්ම ඉඳල ඔළුව බෙල්ලෙන් කඩා හැලෙන විදියට අතෑරිය ම “හොඳට ම නිදි “ කියල කියන්න පුලුවං දෘෂ්‍ය රූපයක් හදතෑකි. අනික මං ලෝකෙට ආදරේ කරන හැටි, මිනිස්සුන්ට ආදරේ කරන හැටි, මගේ ම අම්මට ආදරේ කරන හැටි වැඩියෙන් ම දන්නෙ මං ම නෙ. ඒකෙ පරක් තෙරක් තියෙනව ද? මගේ ජීවිතේම මිනිස්සුන්ට ආදරේ කරන එක නෙමෙයි ද? ඉතිං අම්මල හත්අට දෙනෙක් බස්සෙහෙකට නැගපු වෙලාවක, මට ඔලුව උස්ස ගන්න බැරුව නින්ද ගිහිල්ල වගේ ඇස් පියවිල තිබ්බ වෙලාවක, ඉඳන් ඉන්න තැනින් නැගිටල සීට් එක නොදීපු මේ වගේ නිශ්චිත සිද්ධියකින් මගේ මානව දයාව තීරණය වෙන්නෙ කොහොම ද?

කොන්ද පණ නැති පෙන්දා. තොට කශේරුවක් නෑ. තොගෙ දණිස් දෙක පණ නෑ. තොගෙ අම්ම වගේ ම අම්ම කෙනෙකුට බොරු නින්දෙන් පිබිදිල, ඉඳන් ඉන්න අසුන පිළිගන්නන්න තරම් වත් ආත්මයක් නෑ.

බෑග් එකක් වගේ දෙයක් මගේ „නයි මල්ල“ උඩින් සීරුවෙන් තබනවා දැනෙනව. මං ඉන්නෙ බෙල්ල කඩාගෙන වැටුණ ම නිර්මාණය වන හොඳට ම නින්ද ගිහින් රූපය තුළ. ඇස් ඇරල බලන්න බෑ, මොකක්දවත් කියල. එතකොට „හොඳට ම නින්ද“ නින්ද කැඩුණු තත්වය බවට පත් වෙලා අම්මලාගේ දෑස් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනව. ඒක හරිම බරපතලයි. මේ ඉන්න ඉරියව්වේදී බෑග් එකක් සීරුවෙන් තැබීම නැමැති ක්‍රියාවට ප්‍රතිචාර දක්වන්න යෑම වංචාරක් කරන බව ඔප්පු වීමට සාධකයක්. දැන් නැගිටල වැඩක් නෑ. ඒ සීමාව පහු කරල බස් එක හෝල්ට් ගාණක් පෙරට ගිහින්. ඛරන ක්‍රියාවක වුණත් සැබෑ වටිනාකමක් දන්නෑ. ඒත් බෑග්ගෙකක් තියාගන්න එකත් සාපේක්‍ෂ වශයෙන් හොඳ වැඩක්නෙ.

සිත කෝ??
බෑග් එකට යට වෙලා ද?

© David Fernandez
© David Fernandez

අම්මල වුණාට නාඹර කෙල්ලො රංචුවක් වගෙයි සිරික්කිය. එක ම රෑනකට එකතු වුණාම දැනෙන පොදු හැඟීම සෙසු සියලු කාරණා යටපත් කරනවා. අම්මල පොඩි උන් වගේ පුංචි පුංචි අහිංසක විහදළු තහළු වලින් ගහගන්නවා. ඒ අතරින් කටකැඩිච්ච ඒත් සුන්දර වචනයක් දෙකක් අදාළ කෙනොගේ ඇඟේ වැදිල බිම වැටෙනව. අම්මලගෙ හිනාවැල් වලට කිසිම සංවරයක් නෑ. ඒත් මොකටද එහෙම දෙයක්. ඒ සීමාව ඉක්මවල කොච්චරක් කල් ගත වෙලා ඇද්ද? දැන් පපු කැනැත්තෙන්ම එන හැම හිනාවකට ම අවශ්‍ය අවශ්‍ය විදිහට හැසිරෙන්න ඉඩකඩ ලබා දීලා. අම්මලගෙ සිනාවන්ට කිසිම සීමාවක් මායිමක් නෑ – කඳුළු වලට වගේ ම.

මා තුළ ප්‍රශ්නයක් පැන නැගෙනවා. මේ ගොල්ලො මේ රෑ බෝ වෙච්ච වෙලාවෙ කොහේ යන්ඩ යනව ද? කොහෙ ගිහින් එනව ද? ඒකට හෝඩුවාවක් ලැබෙන එකම එක වචනයක් කාගෙ හරි මුවකින් වැටෙයි කියල විමසිල්ලෙනුයි ඉන්නෙ, මගෙ දෙකන් ඉස්සි ඉස්සී. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. මං මොකට ද ඒවා හිතන්නෙ. අම්මලට තරම් වැඩ රාජකාරි තියෙන මනුෂ්‍ය ප්‍රාණීන් කොට්ඨාශයක් මිහිතලයෙ ඉන්නවා. ඉතිං අම්මල කොහෙ ගියාම මොකෝ? කොහෙ ගිහින් ආවම මොකෝ?

(ඒයි මේ බලහංකො මේ මනුස්සයගෙ මනමාලකම – අපි ළමිස්සියො වගෙ පේනවද දන්නෑ – කට ගොන්නක් බීගෙන- ඇයි අපි නාකි ද? මුන්ට අම්මල ඉඳල නැද්ද? කෑවනං බීවනං පාඩුවෙ ඉන්ඩ එපැයි – වැරදීමක් වෙන්නැති – මොන? මාත් බලාගෙන හිටියෙ දෙතුං විඩක් ම හේත්තුව – ගඳේ බෑ – බස්සෙකට ම එකෙක් හිටිය ම ඇති – බලන්නකො අනිත් අය ඉන්නෙ මනුස්සයො විදියට, ලස්සනට)

අනාත කේස් එකක් – කුණු වෙන්න ගහපු එකෙක් අම්ම කෙනෙක්ගෙ පශ්චිම භාගයට වැඩි පීඩනයක් දීල. ඇත්තටම එහෙම හිතල කරන්න ඇද්ද? නැතිනං නහර වල ඇල්කොහොල් වැඩිකමට බැලන්ස් නැතිව ගිහින් ළඟ ම හිටපු කෙනාගෙ – අම්මගෙ- ඇඟ ට බර වෙන්න ඇද්ද? අරක්කුනෙ – වතුරයැ…

අම්මලගෙ හඬවල් එකකට එකක් සෙකන්ඩ් නෑ – සිද්ධියට අදාළ විවිධ අර්ථකතන විවිධ මුහුණුවරින් – මෑන්ගෙ ඩෝප් බහින්න ඇති. නෑ තාම ඩෝප් ඇති – නැත්නම් ඇයි බස්සෙකෙන් නොබැස්සෙ. ඒ ලැබුණු පදවි තානාන්තර – නම්බුනාම වල තරමට. මෑන්ට ඒකෙ වගක්වත් නෑ. ඇල්කොහොල් නහයට පොඩ්ඩක් හරි උඩින් ඇති.

ඒ සිද්ධිය එතනින් ම ඉවරයි. කවුරු හරි ද? වැරදි ද? කවුරු කවුරුත් හිතනව ඇති.” බලන්නකො අනිත් අය ඉන්නෙ මනුස්සයො වගෙ ලස්සනට”. එහෙම කියැවුණු වදන් වැල මගෙ බොක්කට ම වැදිලා. කොන්ද පණ නැති මටත් “මනුස්සය” යන වචනය අදාළ ද? මං ඒ වචනෙ බර -අන්තර්ගතය -දිරව ගන්නෙ කොහොම ද? ඒ සා කාරුණික වූත්, ආදරණීය වූත් වදන් ගලා ආ මුවට හිමිකම් කියන පා යුගත් එවන් වූ තවත් පාදත් තව ම ඇත්තේ කිටි කිටියේ තෙරපෙමින් නේද?

තෝ හොඳට හරි බරි ගැහිල ආතල් ගන්නව – සැප ගන්නවා. යකෝ යහපත් ලෝකය පැතීමට අයිතියක් තියෙන්නෙ ආත්මයක් තියෙන එහෙකුට විතරයි – පෙන්දා……

මගෙ වදන් මගෙ ම ඔළුව ගිනි තියනවා. මට ඕන අත් දෙකෙන් කෙස්ස ඇද ගන්න – ඒත් බෑ – මං ඇහැරිල කියල එතකොට පේනවා. මං වංචනිකයෙක් – ඒක තමයි ඇත්ත – ඒත් කවුරුවත් මං ගැන එහෙම හිතනවට මං කැමති නෑ. ඒත් කොහොමටත් අත් දෙක උස්සන්න බෑ. පපුවට තුරුළු කරන් ඉන්න සිත ජනෙල් කවුළුවකින් විසි වී ගියොත්…. ආනපාන සතිය.

**********

© Tanya Kirouac
© Tanya Kirouac

මම සුදු පුළුං වළා අහුරක් මත හිස හොවා ගෙන හිඳිමි.
හිස කෙහෙරැළි අතරින් වළාකුළු දියව යන සඳ,
හිම සදිසි සිහිතලකින් හිස ද, සිත ද පිරී යයි.
සිහිතලෙන් මිදී ගිය වත මත අඩවන්ව විවර දෙනෙතට
හිරු කිරණ ළං ළංව පෙනේ.
වළාකුළු දියව යන්නේ එහිරු කිරණින් බව වටහා ගැනීමට
පමා වන්නේ මන් ද?
දැන් වළාකුළු මුළුමනින් ම දියව ගොසිනි.
සුනිල්වන් සුපැහැදිළි අහස්තලය පුරා
තැන තැන තාරකාවෝ හුදෙකලාව.
මා දෙස ම නෙතු යොමන් බවුන් වඩමින් හිඳිත්.
ඒත් ඒ තාරකා නොව හෝඩි පොතකින් ගිලිහුණු
අක්‍ෂරයන් බවත්,
ඒවා සුසංයෝග කොට සුන්දර වැකි ලිවිය හැකි බවත්
මොහොතකින් මට පසක් වෙයි.
„ලොව සියලු යහපත් ද බිහිවන්නේ හිරුරැසින් හා මව් කිරෙනි“.
මම අහස් පත් ඉර මත්තෙහි එලෙසින් „අම්මා “උපුටනය කරමි.

******

මං අම්ම බලන්න යන්නැත්තෙ ඇයි? නොයන්නෙත් නෑනෙ. ඒ ඇද්ද? රස්සාව නැති වුණත් එක්ක ම ගෙදර යන එක ටික ටික අඩුවෙන්න ගත්තෙ මං ම හදාගත්තු හේතු හින්ද නේද? බත්පතේ වෙනසක් දැනෙන්න අම්ම ඉඩ තිබ්බ ද? සිනහවෙ – කතාවෙ කිසිම අඩුවක් තිබ්බ ද? නෑ! එහෙනම් ඇයි? මට ඒ සෙනෙහස දරා ගන්න බෑ. ඒකයි හේතුව. මගෙන් ගෙදෙට්ට වෙන අඩුපාඩුකම් මට දැනෙන්න ඇරිය නම් සිදුවීම් මීට වෙනස් වෙන්න ඉඩ තිබිණ. ඒත් දැන් මගෙ ඒ ඈත් වීම සාමාන්‍යකරණය වෙලා. සතියකට දවසයි ගෙදර යන්නෙ – ඉන්නෙ – බොහෝ වෙලාවට සති අන්තෙ.

ඒත් දැන් සති එකහමාරකින් විතර ගෙදර ගියේ නෑ නේද? හැමදාම උදේට විසි කරන්න උයන බත් පංගුව මේ මොහොතෙත් මේසෙ උඩ තියෙනවා. ඒත් මට අදත් ගෙදර යන්න වෙන්නෑනෙ. අන්තිම බස්සෙක ජනපදේ හන්දිය පහුකරන සද්දෙ කණට වැටුණ ම අම්මගෙ පපුවෙ රිද්මය වෙනස් වෙනව ඇති. බස්සෙකෙන් බැහැල ගෙදෙට්ට එන්න ගත වෙන මිනිත්තු කිහිපය පුරා ම ඒ රිත්මය නොවෙනස් ව ඒ විදිහට ම තියෙනව ඇති. මං නේන බව දැණුනහම ඇගේ ඇස් වල කඳුළු පිෙ®රනව ඇති. මේසෙ අයිනක සීතල වෙන බත් පංගුවත් එක්ක උදේ ම වීසි කෙරෙන්න තවත් බත් පංගුවක් එකතු වෙනව ඇති.

අලුත් රස්සාවෙ වැඩ ටිකක් වැඩි බව ඇත්ත. රාජකාරි වැඩයි, මගේ වැඩයි, රටේ වැඩයි සේර ම එකතු වුණා ම ගෙදර යන්න, ගිහින් නිදහසේ ඉන්න කාලයක් ඉතුරු නොවන බවත් ඇත්ත. එහෙත් නිශ්චිතව ම ගෙදර යා හැකි ඉඩකඩක් ලැබෙන හැම අවස්ථාවකදි ම මං ඈ බලන්නට ගෙදර යනවා ද? පඩිපත පඩි කොළෙත් එක්ක ම අතේ ගුලි කර අවම උවමනාවන් සඳහා පමණක් ඇගෙන් ම මුදල් ඉල්ලා ගැනීම වීර ක්‍රියාවක් විදිහට ද මා දකින්නේ. ඇගේ සෙනෙහස මුදල් වලට හිලව් කිරීමක් නොවෙද මා මේ කරන්නේ. කෙතරම් පාදඩකමක් ද?

ඇය මේ මොහොතේ මේ බස් රථය තුළ සිටියා නම්, සෙනඟ අතරින් යන්තමින් මගේ කෙස් ගහක් හෝ දුටුවා නම් සෙනඟ පීරා ගෙන මා අසළට ම ඇවිත් මට කූද්දන්නෙ නැතිව මා දිහා ඇහිපිල්ලමක් වත් නොගසා ම බලා ඉඳීවි – මගෙ රත්තරං පුතාට වැඩ කරල මහන්සියට නින්ද ගිහිං – නින්දක්වත් නැතුව කියෝනව – ලියනව – ඇති- නිදාගන්නවත් වෙලාවක් නැතුව ඇති – පව් ! බෙල්ලත් කඩං වැටිල – ගෙදර එන්නවත් වෙලාවක් නැතුව දුක් විඳින හැටි – මෙහෙම හම්බ කරලනෙ ඔක්කොම සල්ලි මගෙ අතෙ ගුලි කරන්නෙ- ඔන්න ඔය වගේ දහසකුත් දේවල් ඈ මා ගැන හිතාවි. මට ඇහැරේවි යයි දුකින් කොයිතරම් සෙනඟක් හිටියත් මගෙ ඇඟට කාටවත් බර නොවෙන්න ඉඩ නොදී වමතින් සීට් එකත්, දකුණතින් කොන්දොස්තර වැඩ හිඳින හරස් පොල්ලත් දැඩි හිතින් අල්ලගෙන හිඳීවි. බස්සෙකේ ම සෙනඟ ඇගෙ පිට මත ට වැටුණත් ඇගෙ දෑතේ වීරිය පැරදවීමට බැරි වේවි. ඇගේ සුසුමකින් පවා මගේ නින්දට බාධා වේ යැයි සිතා ඈ සුසුම් නොහෙළා ම බලා හිඳීවි. කඳුළක් මා ගතට ගිලිහුණොත් මා ඇහැරේවි යැයි සිතා කඳුළක් හෙළීමට දෑසට ඉඩ නොදීමට ඈ වග බලා ගනීවි. (සේරෝම ඉස්සරහින් බැහැ ගන්න – අපි ස්ටෑන්ඩ් යන්නෑ – මෙතනින් හරෝනව)

****************

මම දීර්ඝ සුළං ධාරාවක් ළය පුරා උරා ගනිමින්
දෑස විවර කරමි.
එ සැණ මා සඳමඬල මතින් ගිලිහී ගොස්,
තාරකාවන් හා ගැටෙමින්
උල්කාපාතයක් සේ මිහිමඬල මත ඇද වැටෙයි.
බිම ඇනුණු දෙදණින් ම හිඳිමින් මම සෙමින් හිසෝසවා බලමි.
හිරු දහසක ආලෝකයෙන් මා දෑස පිරී ඉතිරී යයි.
ඒ ආලෝකය කුමක්දැ යි මා පවසන දෑ විශ්වාසයට ගැනීමට
ඔබ බොහෝ සෙයින් මැළි වනු ඇත.
එය මට ද එසේම ය. එහෙත් සැබෑව නම් එයම ය.
මා ව්‍යාජය නිදා හුන් අසුන අස,
ස්නේහය පිරී ගිය දෑසින් මා දෙස ම බලා ගෙන උන්නී
මගේ අම්මා ය.

– මංජුල වෙඩිවර්ධන 1995

මේරි නම් වූ මරියා

 

හාන්සිය ; අන්තෝනියෝ මන්සිනී (1852 – 1930)

මරියා ගේ කන්‍යා භාවය අහෝසි කළ අපේ පළමු සංවාසය මෙ දැන් අවසන් විය.
සිරුරු දහදියෙන් පෙගී. එකිනෙක ඇලී තිබුණමුත් මම ඈ මත ම දිගෑදී හිඳිමි. මගේ පුරුෂේන්ද‍්‍රිය ඇගේ යෝනි මග තුල පසුගමන් යමින් සිටී. මා පිට මත දහදිය තලමින් හිඳින්නීය. උණුසුම් සුසුම් හෙළමිනි.
එකවරම මා ඉවතට පෙරලා දමා ඇඳමත දෙදණ ඇන දෑත් පටලවා ගත් මරියා ඉකිබිඳීමට ගනී. මම මුනින් අත පෙරලෙමි. දෑස් එකිනෙක පියැවී අන්ධකාරය ගලා ඒ.

* * *

මම ඓතිහාසික ස්වප්නයක් දුටිමි. ඒ ස්වප්නය තුළ අද්භූතකර වූ සිහිනයක් කැකෑරෙමින් තිබුණි.
එය මිසරයේ පාරාවෝ රජ සමය විය. රජුන්ගේ සිරකරුවන් සිරකරන සිපිරිගෙයක මා පංචස්කන්ධය ද තැන්පත්ව තිබුණි. යෝධ ගල් බිත්ති සතරකින් මැදි වූ එම අල්ප ඉඩකඩෙහි විසි දෙනෙක් පමණ විවිධ හැඩ තුළ ධ්‍යානගතව සිටියහ.
තැනෙක ශ්වසන පද්ධතිය අබලන් වූවෙකුගේ ගෙරවුම් හඩය. තැනෙක යොහොවඃ දෙවියන්ට ගැයෙන ගීතිකාවක බොල් බොල් හඩය. තැනෙක කැස්සය. තව තැනෙක ඇදුමය. ඉඳහිට ඉකියක් ද මතුවෙයි. මතුවී ඇසි නෑසි දියැවෙයි.
මෙම සකලවිධ ශ‍්‍රව්‍ය සංකලනයන්ට කන් දෙමින් සිටි මුත් මම දැසින් වම්පස බිත්තියේ මුදුනත පිහිටි කුඩා කවුළුවෙ එල්ලී උනිමි. හිරු එළිය මඳින් මඳ ඒ කුඩා කවුළු දොරින් කාන්දු වෙමින් තිබුණි. ඝණඳුරෙහි කිමිදෙමින් තිබී දැස් ඒ අංශුමාත‍්‍ර එළියෙන් නිදිබත් වුණි.
ඒ අද්භූතකර හීනයේ උත්පත්තියයි.

* * *

වළාකුළින් තොර සුන්දර රාත‍්‍රී අහසේ තාරුකා දිළිහෙමින් තිබුණි. තාරුකා සියල්ලටම බෙදී විදිදී තිබූ අවධානය තමා වෙත ඇද ගත් දීප්තිමත් තරුවක් අහස දෙපළු කරගෙන නැගී එන්නට විය. සඳ පමණක් විසල් වූ ඒ තුළ වල්ගයක් පැන නැගී එන්නට විය. සඳ පමණක් විසල් වූ පසු ඒ තුළ වල්ගයක් පැන නැගී කෙමෙන් දික් වන්නට පටන් ගති. ළං ළංව පෙනෙන්නට වූ තාරුකාවෙ වල්ග අග වක් වී මළපුඩුවක්ව මා ගෙල මත ඇද වැටී බිඳෙන් බිඳ සිර වන්නට විය. මර බියෙන් තැතිගෙන සිටි මම හැකි උපරිම ජවයෙන් මොර ගැසීමි. ඒත් මා මුවින් එකදු වදනක් හෝ පිටව ගොස් තිබුණේ නැත.
සිරකාර පාදයක් මා හිස පතිතව දැස් විවර වන විටත් මම මගේම ගෙල මගේ දෑතින් සිරකරලමින් ගොළුබවකින් මොරදෙමින් සිටියෙමි. ආලෝක අහුරු පොදිකමින් කුඩා කවුළුවෙන් ඇතුළට පැන ගන්නට විය. ඒ එළිය සිපිරි ගෙයි සියලු දැ මත ගැටෙමින් තැන තැන සැරිසැරී.
සිරකරුවන් අතර නායක සිරකරුවකු විය. ජෝසප් නම් වු හෙතෙම සිහින තෝරන්නකු ලෙසින් ප‍්‍රකටව සිටි කඩවසම් රූපසම්පන්න තරුණයෙකි. දොනාත් නම් පෙදෙසක දී සිය සොහොයුරන් විසින් රිදී විස්සකට ඉස්මායල්වරුන්ට විකුණනු ලැබූයෙන් ජෝසප්ට මිසරයට ඒමෙ භාග්‍යය උදා වී තිබුණි. පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වු පොතිපර්ගේ භාර්යාව ඇය සමග සයනය කරන්නැයි ජෝසප්ගෙන් කළ නිරන්තර කන්නලව්ව ප‍්‍රතික්ෂේප කර අඥාන අවංකයෙකු වීම හේතුවෙන් ඔහුට සිරගත කර තිබුණි.
ජෝසප් හුන් තැනින් නැගිට විත් මා අබියස තේජාන්විතව සිට ගනිමින් ගැඹුරු ස්වරයෙන් මා ඇමතී ය.
“නුඹ දුටු සිහිනය නොසගවා පවසාපන්න. මම නුඹට එය තෝරා දෙමි”
මම සසැලෙන හදින් ඔහුවෙත සිහිනය පුදදීමි. ඔහු දෑස් පියා දෑත් ඉහළ ඔසවා මොහොතක් සන්සුන්ව හිඳ දෑත් පහත හෙළා දෑස් විවර කර හඩ අවදි කළේය.
“නුඹට දාව පුතකු ජනිත වනු ඇත. ඌ අදේවවාදයේ අන්තය තෙක් ගමන් කරනු ඒකාන්තය. එහෙයින් ඌට අන්ත කි‍්‍රස්තු යන නාමය තබපන්න”
සිරකරුවන්ගේ චිත්තාභ්‍යන්තරයේ වූ හැගීම් සම්මිෂ‍්‍රණය මුහුණු මත ආලේප වෙමින් තිබුණි. දැහැනින් මිදුණු ඇතැමෙක් හුන් තැන ම දෙපයින් නැගී සිටියහ.
“ඌ මුලින්ම නුඹෙ ගෙලට මළපුඩුව වන්නේය. අනතුරුව සෙස්සන්ගේ ගෙල මත ද අනතුර පතුරවන්නේය. කෙබඳු වෑයමක යෙදුනත් මෙම උපත වළකාලීම කිසිවෙකුටත් කළ නොහැක” යැයි සිහින තෝරන්නා සන්සුන් වදනින් පැවසීය. ඔහු මුවින් මෙවදන් ගිලිහෙත්ම සියලු සිරකරුවෝ නැගී සිටියහ. අනතුරුව මා වටා ඉලිප්සාකාරව පරිභ‍්‍රමණය වන්නට පටන් ගත්හ. මම තැති ගතිමි. සන්ත‍්‍රාසයෙන් මුසපත් වීමි. භ‍්‍රාන්ත වීමි. කොටින්ම මට දෙවියන් සිහි වුණි.
ක‍්‍රමයෙන් මිනිස් කවය කුඩා වන්නට විය. සියලු දෑස් මා වෙත කඩා පැන්නෝය. එකිනෙකා උරෙනුර ගැටෙමින් තෙරපෙමින් පොරබදමින් මා ලිගුව ස්පර්ශ කිරීමට හෝ උගුල්ලා දැමීමට මාරාන්තික සටනක යෙදුනාහ. සමහරෙක් බිම මත පෙරලි පෙරලී දැගලූහ.
මෙ අතර පසුපසින් ආ කිසිවකු දෙපා කරුව අතරින් අතක් දමා මගේ පුරුෂ සංකේතය ඩැහැ ගත්තේය. මම මර හඩ දෙමින් බිම්පණුවෙකු සේ නලියන්නට වීමි. ඇඳ විට්ටමෙ හිස වදින තුරු මරහඩ හා දැගලිල්ල ඒ අයුරින්ම තිබෙන්නට ඇත. මා සුරත ලිගුව මත දැඩිව පැටලී තිබුණි.

* * *

මරියා සුරුවම් කූඩුව පාමුල දණින් වැටී හිඳින්නීය. පූර්ණ නිර්වස්ත‍්‍රයෙනි. සුරුවම් කූඩුව තුළ සීරුවෙන් වැඩ සිටින කන්‍යමරියාවන් ඇසිපිය නොහෙලා මරියා දෙස බලා හිඳින්නී කුළුණුබර දෑසිනි. අනුපමෙය අනුකම්පාවෙනි. අපමණ දෝමනස්සයෙනි. මරියා වෙනුවෙන් කන්‍යමරියාවන්ගේ ඇසේ උපන් කඳුලක් ඈ තනා තිබූ මැටි මත ආලේප කර ඇති ළා නිල් සහ ශ්වෙත වර්ණ තීන්ත මතින් රූරා ගලයි. මෙ කිසිවක් මරියාට නොපෙනේ. දසැගිලි පටලවා ගත් ඈ දෑසින් බිම පිරිමදිමින් සිටී. යාච්ඤාවකින් දෙතොල සසැලේ. කරලකට ගෙතූ ඈ දිගු දුඹුරුවන් කියඹුවැල කශේරුකා මතින් ගලා විත් වටොර දෙපලු කළ රන් රේඛාව ද පසුකර නතර ව හිඳී. සුසිහින් ඉගටිය ඈ පුළුල් වටොර හි චමත්කාරය තීව‍්‍ර කරයි.
මට පෙනෙන්නේ ඇගේ සුන්දරත්වයෙහි පශ්චිමභාගයේ සමීප රූපයකි. මම ඒ දෙස බලාගත්වන ම ඇඳ විට්ටමට බර වෙමි. දුම් වැටියක් දල්වා දීර්ඝ දුම් දහරාවකින් පෙණහලු පුරවා ගනිමි.
කිසිවකු මා උරහිසට තට්ටු කරනු දැනේ. මම හැරී බලමි. දිගු ඝණ කළු ලෝම පිරී ගිය සිරුරකි. ඒ සාතන්ය. ඔහුගේ සිරුරෙහි වන එකම වස්ත‍්‍රය සස්පෙන්ඩරයක් පමණි. ඔහු අත හීනියට එතූ සූස්තියක් වෙයි. ඔහු මගෙන් ගින්දර ඉල්ලයි. මම දුමවැටිය පාමි. සූස්තිය දල්වා ගත් සාතන් දුම්වැටිය යළි මවෙත දී මරියා අස රැඳි හාන්සි පුටුවට පිට දේ. ඔහු මදෙස බලයි. දත් විලිස්සා සහෝදරාත්මක සිනාවක් පායි. ම සිත නන්නත්තාර ව ඇත. ඔහු වෙතින් දෑස් ඉවත් කරනා මම ඉහළ බලමි.

වහලෙහි උළුකැට සෙලවෙන හඩක් ඇසේ. අනතුරුව උළුකැට ගළවන දෑතක් පෙනේ. උළු ඉවත් කරන ලද අවකාශය අතරින් සුදෝ සුදු තටු විදා පියාඹා පහතට බසිනා ශාන්ත වූ රූපයකි. සිරුරෙහි සතර දිග්භාගයම සුධාවල පිහාටුය. පෙන්ග්වීනයකු සේ තටු හකුලා ගෙන මරියාගේ නිරුවත අසබඩ සීරුවෙන් සිටගත් හෙතෙම ගාබ‍්‍රියෙල් දේවදූතයා බව මම පහසුවෙන් හඳුනා ගනිමි. ආලෝකයේ පුත‍්‍රයන් සහ අන්ධකාරයේ දුතයන් අතර ධර්ම යුද්ධය ඇරඹෙන ලකුණු කෙමෙන් පහළවී එයි.

සාතන් හාන්සි පුටුවෙ වෙවැල් රටා මත සිරසින් සිට ගනී. රළු පරළු ගිගිරුමක් බඳු හඩින් ඔහු මරියා අමතයි.

“මා ප‍්‍රිය මරියනි! සියලු ස්ත‍්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී නුඹය. මම නුඹට ප‍්‍රිය වෙමි. හදවතෙහි පැන නගින අපමණ ප‍්‍රසාදය නුඹට ම පමණි. නුඹගේ ශ‍්‍රී කුසින් ජනිත වන තේජෝබල සම්පන්න අසාමාන්‍ය ප‍්‍රාණියාට “අන්ත ක‍්‍රිස්තු” යන නාමය තැබීමට නියෝග කරමි. මන්දයත් මෙ කුමරා පාපය කූටප‍්‍රාප්තියට පත් කොට මෙ ලොව ගලවාගන්නෙහිය”

ප‍්‍රසන්න හිනාවකින් මුව සරසා ගන්නා සාතන් යළිත් පුටුවෙහි හිඳ ගනී. මරියා සිහිසුන්ව ඇද වැටෙ. මට මරියා ළගට යාමට නොහැක. මා ඇඳට ඇලවී ගල් වී ඇත.

ග‍්‍රාබියෙල් පිහාටු පොකුරක් තුළට අත දමා ශුද්ධ වූ කුප්පියක් ඇද මරියාගෙ මුහුණ මත පැන් ඉසියි. ඇගේ දෑස් නටයි. අවදි වී වටපිට බලයි. සැණින් ඈ ග‍්‍රාබියෙල් ගේ තුරුල්ලට පැන ඉකිබිඳිමින් ” අහෝ! කාරුණික ග‍්‍රාබියෙල් දේවදූතයාණනි! පියාණන් කෙරෙහි මෙපමණ භක්තිවන්ත වූ මා අඳුරු පාතාලයට ඇද වැටීමට ඉඩ දෙන්නේ මන්දැ” යි ප‍්‍රශ්න කරයි.

මරියාගේ සුමුදු දේහය තුරුල්ලට ගෙන සිටින දේවදූතයාගේ මුහුණ කල්පකාලාන්තරයක් පුරා නොතිබි නන්නාදුනන හැගීම් සමුදායකින් රත් පෑ ගැන්වී ඇත. ඔහු හිඳින්නේ දැඩි අපහසුවෙනි. තටු යුගල සසැලෙන රිද්මය එයට සාක්ෂිය සපයයි.

මගෙ නිරුවත මත හීන් දාඩිය නැගෙයි. තොල කට උගුර ඉරිතලා යනු හැගේ.

එකෙනෙහිම සාතන් ඉදිරියට පැන ග‍්‍රාබියෙල් ඔසවා පොළොවෙ ගසයි. අති මහත් වූ ආනන්දයක කිමිදී සිටි ග‍්‍රාබියෙල් ද කෝපාග්නියෙන් දැවෙමින් වහ වහා නැගිට සාතන් කඩා පනී. ධර්ම යුද්ධය ඇවිලේ. දෙදෙනා එකම පොදියක පෙරලේ.

මුඛ කුහරය බලියා ගත් සාතන් ගාබ‍්‍රියෙල් ගේ දෙකකුල් ඩැහැ ගනී. එකට අඹරා මුඛයේ රුවාගෙන හැපීමත් ගිලීමත් පටන් ගනී. මුව දෙකොනින් ලේ බෙරෙ. වෙදනාවෙන් වියරු වැටෙන ගාබ‍්‍රියෙල් ගේ අතට හසුවන දිගු උල් නිය ඇති සාතන්ගේ වසුරු ගඳ දෙකකුල් මුවෙහි රුවා ගත් ඔහු ඒවා වෑයමින් විකමින් ගිල දමයි. මෙලෙස දෙකොණින් හපමින් විකමින් ගිලගන්නා දෙදෙනා ඔවුනොවුන් තුළ ගිලී අන්ත‍්‍රස්දාන වී යනු පෙනේ.

* * *

මා ඇයට මරියා කිය ඇමතුවත් ඇගේ සැබෑ නාමය මෙරි ජසින්තා ද සිල්වා විය. විවාහයට පෙර තිබූ හාමර් නම් වාසගම කප්පාදු වී ජෝසප් ද සිල්වා නම් වූ ඇගේ ස්වාමි පුරුෂයාගේ වාසගම නම අගට එකතු වී තිබුණි.

මම ඈ මුලින්ම දුටුවෙ ඉකුත් සීතල දෙසැම්බරයේ දීය. කොම්පඤ්ඤවීදියේ ගර්බස් දේවමාතාවන්ගේ දේවස්ථානයේ පසුපස බංකුවකට බර දී මා උන්නේ මා හා හාදකම් පැවැත්වූ කෙල්ලක් එනතුරුය.

එය සිකුරාදා දිනයකි. බැතිමතුන් පිරී ගිය හෝරාවක් නොවූයෙන් මරියාගේ දිගු යාච්ඤා නිසොල්මන මගේ අවධානය පැහැරගෙන තිබුණි. ඈ පිටුපසින් දණ නවාගේන උන්නී ඇගේ නැන්දම්මා බව මම පසුව දැන ගතිමි.

ඇය යාච්ඤාවෙන් මිදී නැගී සිටියාය. ඒ අවිහිංසක දිගටි මුහුණ කළුවන් වෙල්පටක් පැටලී ආවරණය වී තිබුණි. ඇය තෙවරක් ම ගර්බස් දෙව් මව්න්ගේ දෙපා දෑතින් ස්පර්ශ කර දෑත දෙතොලින් ස්පර්ශ කරනා අයුරු මම බලා උනිමි. අනතුරුව හැරී නැන්දම්මා ද නොතකා දේවස්ථාන දොරටුව වෙත ලියවර එසැවුවාය. අල්තාරය දෙසින් වෙගයෙන් හමා ආ සීත උඳුවප් සුළං දහරාවක් ඇගේ වෙල්පට ඔසවා ගෙනැවිත් මගේ දෙපාමුල තැබීය. නැඹුරු වී එය සුරතින් ගත් මම මා අබියස පිය මනින ඈ වෙත දිගු කර ගත්වනම උන්නෙමි.

ඒ අපේ දෙ ඇස් යුග හමුවුණු පළමු මොහොතයි.

* * *

විවාහ වී දෑ අවුරුද්දකට ආසන්න මුත් ඈ කන්‍යාවියකව සිටියාය. ජෝසප් ගේ පිරිමි ආත්මය සහ පුරුෂ ශක්තිය පිළිබඳ සැබෑ තතු නොදත් සියල්ලෝ වඳැසින් ඈ දෙස බැලූහ. දෙව් පියාණන් කෙරෙහි අතිශයින් භක්තිවන්තව සිටියෙන් ඈ ඒ ගැරහුම් කිසිත් මායිම් නොකළාය. එලෙස හිඳීමෙ ආත්මීය ජවයක් ඈ සතු විණි. ජෝසප්ගේ මව ගර්බස් දෙව් මැදුරට දක්කාගෙන යද්දී පවා සියලු දේ දරාගෙන නිහඩව උන්නී සැබෑ දේව දරුවකු මෙනි. එහෙත් ඈ කිසිවිටෙකත් ජෝසප් පාවා නොදුන්නාය. ඇදහිල්ල හා දේව වචනය ඇගෙ ඒකායන ජිවන දර්ශනය විය.
ඇගෙ සැමියා ජෝසප්ට ද දෙවියන් වහන්සේගෙන් තොර ලෝකයක් නොවීය. කෑම් බීම් ඇතුළු ඔහුගේ සකලවිධ කි‍්‍රයාවන්ගේ මුලට යාච්ඤාවක් නිරායාසයෙන් එකතු වන බව ඈ පවසයි.
විවාහ වන මොහොතේ පටන් දෙදෙනා දෙදෙනකු නොව එකකු වන බව දේව වාක්‍යයේ තිබෙන නිසාවෙන්දෝ ඔහු ඇයට අපමණ ලෙස පේ‍්‍රම කරන බව ඈ කියයි. එහි සත්‍යතාවක් තිබිය හැක. එවන් වූ කැප කිරීමකට ගෞරව කළ නොහැක්කේ කාට ද ? අනික දේව වචනය පැහැර හැරීම මරණීය පාපයක් ද වන බැවිණි.
මම ද ඇගේ කැපකිරීමට ගරු කළෙමි.
ඇගේ පේ‍්‍රමයට ඉඩ හළෙමි.
සුනදර රූ සපුවට පෙම් කළෙමි.
එතැන් පටන් මම මෙරි ජසින්තාට “මරියා” කියා කීවෙමි.

* * *

අපේ පළමු නිදහස් දිනය උදා වූයේ කාලාන්තරයකට පසු වය. කිසියම් අයෙකුට තම ජීවිතයේ කලාතුරකින් අහඹු ලෙස මෙවන් වූ අමන්දානන්දයක් හිමිවනු ඇත. ඒ වූ වරම් ලත් මා සැබැවින්ම භාග්‍යවන්තය. මන්ද යත් ස්වර්ග රාජ්‍ය මා අභියස දිස් විණ.
කාත් කවුරුවත් නොසිටි මරියාගෙ සුවිසල් නිවහනේ අපි තනිවුනෙමු. මා දැකීමෙන් ඈ පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගියාය. මෙතෙක් සිත තුළ පොදි ගැසී උන් අනුරාගී රිද්මය මා සිරුර මත දොරෙ ගලා යෑම ඇරඹුණි. පළමුව ඈ අතොරක් නැතුව මා මුහුණේ සෑම වර්ග අගලක්ම සිපගත්තී උන්මාදයෙනි.
පළමු අදියර නිමාවත් ම හතිලමින් සුසුම්ලමින් හුන් ඈ සුවපහසු යහන මත ඉන්ද වූ මා ඇසෙන නෑසෙන හඩින් මිමිණීමි.

“අද දවස සදාකාලික කිරීම වෙනුවෙන් ඔයා එකම එක කොන්දේසියකට යටත් වෙන්න ඔන”
“ඔය ඉතින්! බය වෙන්න එපා. ලැජ්ජ වෙන්නත් එපා. මෙ යෝජනාවට දෙවියන් පවා එකගයි”
කිසිත් නොදෙඩූ ඇය මගේ ඉගටිය වටා සුරත යවා උරිස මතත හිස හොවා ගත්තීය. සරාගී සුසුම් හද තුළ දග කරනු මට ඇසිණ.

“මෙ මොහොතේ පටන් අද දවස ගෙවෙන තුරු අපි දෙදෙනා සිටිය යුත්තේ නිරුවතින් එකග ද?”
වික්ෂිප්තව මා දෙස බැලූ මරියා “දවස ම ? කනකොට බොනකොටත්?” යැයි ඇසුවාය.
“ඔව් ඉස්සෙල්ලම මට තේ එකක් ඔනේ. තේ එක් පවා සෑදිය යුත්තේ කොන්දේසියට යටත්වයි”
මා එලෙස සැහැල්ලුවෙන් වචන මුදා හළ මුත් එම හිටිවන යෝජනාවෙන් ඈ කැළඹිල්ලට පත්ව සිටියාය. මම ඈ අස්වැසීමට යත්න දැරීමි.
“ඔයා මෙ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කාට ද?” මම ඇගේ සුරත සුරතල් කරමින් ඇසීමි.
තත්පර කිහිපයක් මා දෑසට එබී හුන් ඈ “ඔයාට” යනුවෙන් පවසමින් කැළඹිල්ලෙන් මිදීමට වෑයම් කළාය.
“නෑ! ඔයා වැඩියෙන්ම ආදරෙ දෙවියන් වහන්සේට” මම මගේ යෝජනාවෙ උත්ප‍්‍රාසාත්මක හරය වෙත බිඳෙන් බිඳ ඈ රැගෙන ගියෙමි. “දෙවි පියාණන් වහන්සේ මෙ අශ්ලීල ඇඳුම් පැළඳුම් වලට කැමති නැහැ. අන්න ඒ නිසයි උන්වහන්සේ මනුෂ්‍යයා මවනකොට නිර්වස්ත‍්‍රයෙන් මැවුවෙ. දෙවියන් වහන්සේ නිරුවත්. අන්න ඒ නිසයි උන්වහන්සේ ආදම් සහ ඒව තමන්ගේ සමානකමට මැවුවෙ. උන්වහන්සේ නිරුවතට කැමතියි. ඒ නිසා අපිත් එයට ගරු කළ යුතුයි. එය අද්විතීයයි. උන්වහන්සේ සතුටු කරණු පිණිස අපි අද දවස කොන්දේසි සහිතව ගත කරමු.”
මෙසේ තෙපලන අතර මම මගේ ඇගිලි තුඩු මරියාගේ ඇඳුම් මත වූ බොත්තම් සිප් ටික් සහ හක් අතරින් යවා ඒවා විසන්ධි කළෙමි. සා පැටික්කියක සේ කීකරුව සිටි ඈ විළියෙන් රත් පෑ ගැන්විණ. අවසන දෙව් දුවක බඳු වූ මරියා ගේ නග්න රූ සිරිය මා දෑස් අබියස විකසිත ව්නනට විය.
ඉදින් මරියා නිරුවතට හුරු වූවාය.
උපන් ඇඳුමින් මුළුතැන් ගෙට පිය මැනීමට තරම් ඇගේ සිත මෝදු වී තිබිණ. මම මගේ ඇඳුම් අහවර කොට දුම්වැටියක් දල්වාගෙන ඇඳ විට්ටමට බර වීමි. ස්වල්ප මොහොතකින් ඈ තේ එකක් රැුඳි ටේ‍්‍ර එකක් ගෙන කුටියට ඇතුළු වූවාය. සිනාසෙන මගේ දෑස ඇගේ සිරුර තුළ කිමිදුණි. ටේ‍්‍ර එක ටී පෝව මත තැබූ මරියා සැණින් ඇඳට පැන මා පුරුෂන්ද‍්‍රීය වසා සිටි කොට්ටය ඩැහැගෙන මවෙත දමා ගැසුවාය. මාතෙහි වූ දුම්වැටිය පියාඹා ගොස් බිමට පතිත විණි.
සිනා රැළි එක පිට එක නැගී පිළිරැව් දුණි. කුටිය මොහොතකින් සිනහ සාගරයක ගිලී සැනහී යනවා පෙනුණි.

* * *

මම සයනයෙන් බැස ඇස අසලට පිය ඔසවමි. දෑතින් ඇය ඔසවා ගෙනැවිත් සීරුවෙන් සයනය මත තබමි.
“අපි දැන් මොකද කරන්නේ” සිනාසීමට යත්න දරමින් මරියා අසයි.
“දරුවෙක් ලැබෙන්න ආවොත් ? ඒක ජෝසප් දැන ගත්තම…. ” ඈ තුල වන බිය විනිවිදිමින් සතුටක සේයාවක් නිවි නිවී දැල් වෙ.
මම කිසිත් නොදොඩා නැඹුරු වී ඇගේ නලලත සිප ගනිමි. මා දෑස දෙස බලාගත්වන ම සිටින මරියා පිළිවදනක් දෙන මෙන් දෑසින් අයැදියි.
“ඔයා ජෝසප් ට කියන්න දරුවා දෙවියන් වහන්සෙගෙ කියලා!”

ගීතයක ඉතිරි අඩ

geethayeMW copy

තැන හරි.  ගේ මේක.  කාමරේ ? ගත්තා සෙල් එකට.  කනේ තියා ගත්තා.  දෙපාර රිං වෙනකොට  කට් කළා  සංඥාව හරි .

ඈ ලයිට් එක නිව්වා – දැම්මා නිව්වා – දැම්මා සංඥාව හරි.

කොනේම කාමරේට මෙහා එක.
ඔහු ගේට්ටුව ඇරියා – වැහුවා  නෑහෙන ගානට  පඩි නැග්ගා – 24යි   කටු කටු බාටා කුට්ටමෙන් හඳේ ඇවිද්දා – මූන් වෝක්. දිගු කොරිඩෝවග අඳුර.

ඈ උන්නේ බැරියරයක් වගේ –  අත් විහිදා උලූවහු දිගේ.   සෙරෙප්පු කුට්ටම නැවතුනා ගැළවුණා – පාපිස්ස උඩ.  දෙන්නට දෙන්නා මුහුණට මුහුණ  ඇගේ කෙහෙරැළි අග්ගිසි අතරින් සන්සිල්ක් පුසුඹ ගිළිහුණා. දිය බිංඳු මත තැවරී මුක්කන් නාසයේ දකුණු පුට නැටුවා – රිද්මයකට අනුව.  ඔහුටත් නිකටට දැනුනා ඇගේ ප‍්‍රාශ්වාස උණුසුම.  ඔහු නිකට හෙලෙව්වා.  ඈ ඇස් තදකර පියා අරිද්දී සිහින් සුසුමක් ගැලූවා ඉංගිරියා අතරින්.

ඔහු ඇගේ අත් උලූවහුවලින් පැන්නුවා.  අත් චටාස් ගාගෙන දෙකලවයේ වදිද්දී ඔහු හිටියේ කාමරේ.  ඇය නැවුනා.  බාටා දෙක ගෙන අගේ හයි හීල්ස් දෙකක් මත සීරුවට තැන්පත් කළා  දොර වැහුවා – අගුලූ නොදා හැරුණා.

දොර උලූවහු අතර තෙරපෙන හඬට ඔහු හිස හැරෙව්වා.  දොරක් උලූවහුවක් අතරින් සිහින් ආලොක රේඛාවක් ගලනවා කොරිඩෝව මතට – පාපිස්ස මත ඇලවෙලා.

අල්මාරියේ වම් දොරේ සියුම් රුක් රටාවන් ඉහළට ගලා ගියා.  ඔහුගේ පිට දිගේ බිම ඉඳ ගැනෙන තුරු සිවිලිමේ හරි මැද එල්ලී ‘හොස හොස‘ හඬින් කැරකෙන හුළංකාවත් එක්ක හුළං සොචිචමක් කාමරේ වටේ කැරකුනා – බිත්ති අතරේ වැදි වැදී. ඔහුගේ කමිස බොත්තම් කාසි අතරින් එළියට පැන්නෙ හුළඟට පපුව දී ගෙන.  ඔහු අතැඟිලි තුඩුවලින් පපුව කැලැත්තුවා – රෝම කූප පන ගහලා එන්න  ‘පපුවක් ‘ ඈ හිතුවා – හිතද්දී හිත කැලැත්තුනා.  පස්සෙන් පස්සට ඇවිද්දා – මේසෙත් අල්මාරියත් අතර අවකාශයේ තෙරපුනා.  බිත්තියට පිට දීගෙන.

ඔහුගේ ඇස් කරකුනා – හුළං කා අත්තටුත් හුළඟත් එක්ක.

ඇයට පෙනුනේ ඔහු නටවමින් සිටි පා ඇඟිලි විතරයි.  ඈ ගණන් කළා.  ඒ මේ අතට – දහයයි.  නියපොතු ? ඒ මේ අතට – අටයි.  නියපොතු නැති සුළැඟිලි.

කිව්වට, ආවට ඔහුට සැලැස්මක් තිබුණා.

ඈ හිටියේ ඔහු එයි කියලා බලාගෙන.  නේයි කියලා හිතාගෙන.  සැළැස්මක්වත් මොකක්වත් නෑ කියලා ඈ හිතුවෙ නෑ.

ඔහු ඇඟිළි නර්තනය නවත්තලා කකුල් දණිස් ගාවින් නවලා අත් දෙක දණිස් දෙකේ බැඳගත්තා.  ඔහු කාමරේ උන්නත් පේන්නැති වුණු හින්දා මහ මොකක්දෝ පාලූවක් ඇගේ හිතේ විදුලි කෙටුවා.

ඈ ඔහු ඉදිරිපිට උක්කුටියෙන් වාඩි වුණා. කෙලින් ම බැලූවා ඇස් දෙක දිහා.   ඔහු ඇගේ ඇස් දෙකෙන් ඇස් දෙක මුදෝගෙන මකුළු දැල්වල පටලෝගත්තා.   ඈ බිම ඉඳ ගත්තා.  පද්මාසනාරූඪව.

‘මෙච්චරයි ‘ ඈ කට ඇරියා.

‘මං කොහොමත් මකුළුදැල් වලට ආසයි. මට ඒවා කඩන්න බෑ.  මං ඒවා කඩන්නෙ නෑ.  එච්චරයි‘

ඔහු දුම් තලියක් ඇගේ මූණට පිම්බා.  ඈ දුම අතින් ගසලා ගසලා පැත්තකට දාද්දී ඔහු තව දුම් උගුරක් ඇද්දා.  ඈ අත් දෙකෙන් මූණ වහගත්තා.  හක හක ගාලා හිනා වෙද්දි දුම් පැන්නා ඔහුගෙ දත් අතරින් – තොල් අතරින් – ටික ටික   ඔහු නැගිට්ටා.  දොර අයිනේ හිට ගෙන හිටපු කොස්ස ගත්තා අතට.  මකුළු දැල් අතර පොල් කෙඳි පා වුණා.

‘මගේ කාමරේ තියෙන්න  ඕනා මට  ඕන විදිහට නේද‘   ඈ ඇහුවෙ තීරණාත්මක විදිහට. ඒත් මුවින් නික්මුණේ  බිඳුණු හඬක් – වේදනාවක් – සුසුම් දහරක්.

ඔහු කරන දේ කරගෙන ගියා දිගටම.  මකුළුවෙක් දෙන්නෙක් ක්ෂණික කෙඳි මවා ගෙන පස්සට රීටුවා.  ඔහු කරන දේ කරගෙන ගියා දිගටම.

‘මං හිතන් ආවෙ කාමරේකට තමයි එන්නෙ කියලා‘  ඔහු කිව්වෙ උඩ බලාගෙන මග  සැහැල්ලූ වචන.  කොස්ස පහතට හෙළද්දී මකුළු දැල් කළු දුඹුළු වෙලා.  ඔහු කොස්ස හිටපු තැන හිටෝලා අත්ලෙන් අත්ල ගසා බසා දැම්මා.

‘මකුළු දැල්වලින් කාමරේ මනින්න බෑ.  මිම්ම අලූත් කර ගනින් ‘  ඈ  කිව්වෙ කේන්තියෙන් ද නැද්ද කියලා ඔහුටවත් ඇයටවත් තේරුන්නෑ.  ඇයට  ඕනා වෙලා තිබ්බෙ මොනා හරි කියන්න.

‘මං කිව්වෙ මේකයි‘ ඔහු ඉඳ ගත්තා හිටපු තැනම – ‘මකුළු දැලක්වත් කඩන්න බැරි නම් උඹේ කාමරේ මොකක්ද යාළුකම.  ඒ කියන්නෙ මේකයි ‘ ඔහු සන්සුන් වෙන්න උත්සාහ කෙරුවා.

‘මං කළේ හරි දේ.  වැරදි වැඩ කරන්න මං බයයි.  ඇයි දන්නවද හිර කූඩුවල ලගින්න මං බයයි ‘

ඇය දකුණු කකුලෙන් ඔහුගෙ වම් ඇඟිලි තුඩු පෑගුවා.  ඈ ඇසෙන නෑසෙන ගාණට කතා කළෙ.  මං කියන්නෙ මේකයි.  ‘ආයෙත් මකුළු දැල් බැඳෙනවා‘.

ඔහු කකුල පස්සට ඇද්දාග  ඇඟිලි තුඩු ඇගේ පය මත පා කළා.  ‘මං දන්නවා‘   ඔහු කිව්වා.  ‘ඒත් මං ආවොත් ඒවා කඩනවා‘

88888888888888

එල්ෆින්ස්ටන් එක කැරකෙද්දි ඔහුගෙ ඔලූවත් එක්ක කැරකෙන්න තියා ගත්තා –  අත යකඩ වැටේ පැටලූණා.  ඔහු හිටියෙ වැට වටේ පොලිමේ කොටුවෙලා.  පෝලිම කැරකෙන්න ගද්දි හෝල් එක නැවතුනා.

මරදානෙ හිස උඩ පාළමෙන් ඇගේ හිස මතුවුණා.  ඈ පඩි නැග්ගෙ වෙළඹක් වගේ.  ඈ ඔහු ගාව නැවතුණා – හිනාවීගෙන – පොලිමෙන් පිට.  නාඳුනන කෙනෙක් හින්දත්

අඳුනන මූනක් හින්දත් නෙමේ ඔහු හිනාවුණේ – ඔහු හිනාවුණේ ඈ හිනා වුණ හින්දා.

‘චන්දිකා නේද‘  ඇගේ හඬ නික්ම ආවා. වේරම්භ වාතයක් වගේ.  ‘මිලා මට උඹ ගැන කිව්වා. ලියනවා කියලා.  මට සිංදුවක් ලියලා දෙනවද‘

ඔහු පෝලිමත් එක්ක ඉදිරියට කැරකෙද්දි ඈ කැරකුනා ඔහුත් එක්ක.  ඔහුට අපහසුවක් දැනුනා.  නන්නත්තාර හැඟුමක්.  පිස්සුවක් වගේ එකක්.  එක – පෝලිම පැනීම.  දෙක – මහ හයියෙන් කතා කිරීම.  තුන – උඹ කීම.  ඔහු කොහෙත්ම කැමති වුණේ නෑ කෙල්ලෙක් උඹ කියලා කරන ඇමතුමට.  ඒක හරි ග‍්‍රාම්‍යයි – කෘත‍්‍රීමයි – යාන්ත‍්‍රිකයි – ඕනාවට වැඩියි. එහෙමයි ඔහු හිතුවෙ.  මේ දැන් අඳුනගත්ත – අඳුනගන්න හදන කෙල්ලක් එහෙම කතා කරන එක කොහොමටත් ගැළපෙන්නෙ නෑ.  ඔහුට ඕන වුණේ මේ මරාලෙන් ගැලවෙන්න.

ඔහු පොරොන්දු වුණා ලියලා දෙන්න සිංදුවක්.

‘කවද්ද‘ ඈ ඇහුවා.

‘අද හෙට ම‘  ඔහු කිව්වා.

ඇගේ හඬ මදනලක් ගාණට වැටුණා.  ලෙන්ගතු වුණා.  ඇගේ හිතේ ඔහු හිතන් හිටියෙ ආඩම්බරකාර රූපයක ඒත් එහෙම නෑ කියලා ඔහු කතා කරන විදිහට.

‘මිලා මට උඹෙ නම්බර් එක දුන්නා.  මං මතක් කරන්නම්‘  ඇගේ හඬ නිමිලා   ඇල්වතුර වගේ.  වචන ගැලූවෙත් නෑ වත්කඬේ වගේ.

‘මං යනවා‘ ඈ ගියා පෝලිමේ අග්ගිස්ස හොයාගෙන.

ඒත් පෝලිම පැන්නෙ නෑ.  හයියෙන් කතා කළෙත් නෑ.  උඹ කියන එකේ අවුල තියෙන්නෙ ඒකි ගාව නෙමේ මගේ ඔලූව ඇතුලෙ. ඔහුට හිතුණා. ඇය මුලින් ම දැනෙන්න පටන් ගත්තෙ ඒ මොහොතේ.

සතියකින් හරියටම සතියකින් ඈ ඩයල් කළා, ඔහුගෙ නම්බර් එක  රිංග් වුණා.

‘මං චාපා උඹට මතකද‘ සිංදුවක් ඉල්ලපු කැත කළු චා කෙල්ල.

ඔහුට හිනා ගියා.

‘මතකයි ද‘ ඈ ඇහුවා.

’මතකයි‘ ඔහු කිව්වා.

‘ලිව්වද‘ ඈ ඇහුවා.

ඔහු ‘ඔව්‘ කිව්වා.

ඇගේ හිතේ වළාකුළු පාවෙලා ඈතට හිත පැහැදුනා. අහස වගේ.  ‘හොඳ එකෙක්‘ ඈ හිතුවා. ‘තියෙනවද‘ ඈ ඇහුවා.

ඔහු ‘ඔව්‘ කිව්වා.

‘කොහොමද ගන්නෙ‘  ‘එන්න ද එනව ද‘

‘එවනව ද කොහෙමද‘ හදිස්සි වුණා ඈ.

‘මේකයි.  මං ඉන්නෙ මග. තව පැයකින් රිංග් කරන්න ෆෝන් එකෙන් ගමු‘

මඟ කිව්වට ඔහු හිටියෙ ඔෆිස් එකේ.  ඇගේ උනන්දුව හින්දම ඔහුට හිතුණා ලියන්න.

හරියටම පැයකින් සෙල් එක රිංග් වුණා.

‘මං චාපා උඹට මතකය ද? මතකනේ  මං ඇවිත් ගන්නම්‘

‘කොළයක් ගන්න‘ ඔහු කිව්වා.

ඔහු කටහඬ හෙමින් හෙමින් ඇද ඇද තාලෙකට කියෝපු වචන ඈ ලියාගෙන ගියේ පුනරුච්චාරණය කර කර ඇද පැද.

පරිගණක
ගගන
සරන
විහඟුනේ
පරිගණකයෙන් ද
පියාඹන්න
අත්තටු ලැබුණේ

වහින්න යන වළාකුළට
වෙඩි තියන්න
සුමුදු
සේද
තටු අතරට
අවිය කොහින්දෝ
සිඟිති
විහඟ
ඇඟිලි තුඩට
සවිය කොහින්දෝ
පරිගණකයෙන් ම දෝ

ඈ බලා හිටියා ඉතුරු අන්තරාව – පපුවේ පුරෝගත්තු හුස්ම පහළට නොදා.  ඈ හිතන් හිටියෙ ඔහු ඈ ගැන දන්නෑ, රුකියාව ගැන දැනන් හිටියෙ නෑ කියලා.  ඔහු ගොඩක් දේ දන්නවා කියලා දැනුන ම ඈ කැළඹුණා. පුදුම වුණා.

‘තාම ලියවුණේ එච්චරයි‘ ඔහු කිව්වා.

‘හොඳ නැතුව ඇති.  බලන්න මොනා හරි කියන්න‘

‘මොනා කියන්න ද‘ ඇගේ මුව අග වචන ගැස්සුනා.  ඇත්ත සිතිවිලි හැංගුවා.

‘කරුණාකරලා ඉතුරු වචන ටික දීපං නැත්නම් වළාකුළට නෙමේ වෙඩි කන්න වෙන්නේ උඹට‘

‘හරි හරි දෙන්නම්‘ ඔහු කිව්වා.

‘කවද්ද‘ ඈ ඇහුවා.

‘අද හෙට ම‘

8888888 8888888 8888888

කිසිදාක ඇගේ සීඞීයවත් ඔහුගේ සිංදුවවත් ඉවර කෙරුන්නෑ.

ඇත්ත කතාව ඈ ඒක මතක් කළේ නෑ.  ඔහු හිතුවා ඈ යථාර්ථයක් ගායිකාව බොරුවක් කියලා.  ඔහු කිසිදාක දැකලවත් අහලාවත් තිබුණේ නෑ ඇගේ ගැයීම්.

එත් දවසක් උදේ ඔහුගෙ සෙල් එකේ ඇගේ නොම්මරේ වැටුණා.   ඔහු ඔන් කරලා හලෝ නොකියා කනේ තියාගෙන අහන් හිටියා.  ඈ දිගටම ‘හලෝ – හලෝ – හලෝ – හලෝ‘  කිව්වා.  සද්දක් නැති හින්දා ඈ හ්තුවා ෆෝන් එකේ ලෙඩක් කියලා.

ඔහු හලෝ කිව්වෙ හිනාවෙවි.  ඈ කේන්තියක් මවා ගත්තා. ‘මට මගේ සින්දුවෙ ඉතුරු වචන  ඕනෙ ඉක්මණට. මෙලඩියත් හරි.  වචන ටික හින්දා වැඬේ හිරවෙලා‘ ඇය කතා කලේ අරන් තියන්න දීපු දෙයක් ඉල්ලනවා වගේ. ණය කාරයෙකුගෙන් පොලිය ඉල්ලනවා වගේ.

ආණ්ඩුවෙ ලිපිගොණු අතර සැරිසරන මාස් පඩිකාරයෙකුගෙ ගාණට ඔහු පත්වුණා.

‘දෙන්නම්‘ ඔහු කිව්වා.

‘කවද්ද‘ ඈ ඇහුවා.

‘අද හෙට ම‘

‘අනේ කොහොම හරි දීපං‘ ඒ පාර ඈ පිංසේණ්ඩු වුණා. ඇත්තටම ඈ හිතාගෙන හිටියෙ සිංදුව රෙකොඞ් කරන්න.  ඒ හින්දා ඈ ඔහුට බලහත්කාරකම් කළා.  අහිංසක බලපෑමක්.  හෘදයංගම තර්ජනයක්.

‘අනේ දීපං හොඳේ නැත්තං මං උඹට ලව් කරන්න පටන් ගන්නවා‘

ඔහු ගැස්සුනා.

හිත් දෙකම දෙගිඩියාවෙන් පිරුණා.

8888888 88888888 88888888

දෙගිඩියාව දඩ දඩ ගාලා හදවත ඇතුළේ දැඟලූවා.  දිගට ම දවස ම ඈ ගැයුවා. එක එක ගීත එක එක විදිහට ඈට ම ඈව කන්දොස්කිරියාවක් වෙනකන්.  වෙලාවකට ඈ සිංදු ඇහුවා.  පරිගණකයෙන්.   කී බෝඞ් එකට අත තිබ්බෙ නෑ. ඈ  මවුස් එකට අත තිබ්බෙ අලූත් සිංදුවක් තෝරන්න.  හැන්දෑ වෙද්දි ඈට සිංදු ඇහිල්ලත් එපා වුණා. උදා වුණේ ඔහුට කතා නොකර ඉන්න බැරි තත්වයක්.

’උඹ වැඩක ද’ ඈ ඇහුවා.

’කමක් නෑ කියන්න’ ඔහු ඉක්මනට නැගිටලා ජනේලෙන් පැනගෙන බැල්කනියට ගියා. එතනට පාර පේන සෙනඟ පේන නිසා නෙමෙයි එතන කවුරුත් නැති නිසා.

තත්පර ගණනාවක් ගත වුණත් ඈ කතා කළේ නැති හින්දා ඔහු කතා කළා.

’කියන්න  ඕනා දෙයක් කියන්න’

’අපි උදේ කරපු විහිළුව  ’

’ඔව්’

’ඒක සීරියස් වෙලා’

ඔහු සැලූනේ නැතත් වචන සැලුනා. ’කාට ද ’

’මට – මට ම’ ඈ කොහොම හරි කියා ගත්තා කෙපර නොබා.

’ මං බැඳලා මාසයයි’ ඔහුට කියවුණා.

’මං ඩිවෝස් වෙලා අවුරුද්දයි’

-විරාමය-

ඔහුට නමක් ගමක් දිනයක් තැනක් නැති ලිපි දෙකක් ලැබුණා – දින දෙකක් ඇතුළත.

මිත‍්‍රයා,

බොහෝ දෑද, ඇතැම් දෑද කිසිවිටෙකත් මා සසල නොකරයි. නිහඬතාව කටහඬක් නම් මම ඊට බිය වෙමි.  කෙතරම් බිය වුව ද ඝනාන්දකාරයට ද එහි ඇති නිහඬතාවට ද කාන්සියට ද පෙම් කරමි.  එවිට ඇසෙන භාවමය මිනිසෙකුගේ හෘද ස්පන්දනීය රිද්මය කොයි තරම් බියකරු ද?  එය ජීවිතයටත් වඩා බියකරුය.  ඒ භාවමය හදවත මා අසල ගිගුම් දෙන මොහොත කොයි තරම් ඈත ද ඒ මොහොත ළඟ බව හිත හිතා ඇඟිලි ගැන ගැන ඉන්නට මට ඇඟිලි මදි කොට ඊටත් වඩා බියකරුය.  මට ගී ලියන්නට බැරි ය. නොලියවෙන ගී අධිකය.

ඇට මිදුලූ කකියවන රමණය මරණය බඳුය.  අපුල ය.  විපුල ගුණ ඇති මිනිසෙකු සොය සොයා ගිය මඟ බොහෝ දුර ය.   ඒ ඔබ ද සිතෙන තරමට සිත වෙහෙස ය.  එපමණකි.  සියල්ල ම එබඳු ය. පිපාසෙට පෙනෙන්නෙ ම මිරිඟුය.

11

මිත‍්‍රයා,

මේ අහපන්, මිත‍්‍රත්වය – පේ‍්‍රමය හා වෛරය අතර ඇත්තේ කවර පරතරයක් ද? මේ සුසංයෝගය කවර අරුතක් නැගිය නොහැකි ද? උඹේ කටහඬ නෑසුනා.  හිත සැහැල්ලූයි.  හිස බරයි. ඒත් මං කැමතියි.  මිත‍්‍රත්වය වෙනුවෙන් හිත බර වෙනවට.  පේ‍්‍රමයෙන් හිස සැහැල්ලූ වෙනවට.

88888888 888888888888

ඈ බිත්තියට හේත්තු කරලා තිබ්බ කුෂන් මෙට්ටෙ තල්ලූ කලා බිම අතහැරෙන්න. ඔහු කමිසය ගලවද්දි ඇගේ ඇස් උඩ ගියා.  කමිසෙ පුටු පත්තෙ එල්ලලා ඔහු අත් එහාට මෙහාට පැද්දුවා.  කැරකුවා – ඇඹරුවා ව්‍යායාම කරනවා වගේ.  ඇඳක් නැතත් මෙට්ටයක් තිබුණෙන් ඈ ඇඳ ඇතිරිල්ලක් මෙට්ටය මත එළුවා.  රැලි නොවැටෙන්න. ඈ කොට්ට දෙකක් දෑතට අරන් එකට හැප්පුවා.  ඉංග‍්‍රීසි හෝඩියකින් අකුරු හැලිච්ච පොරෝනාවක් ඈ විළුඹේ ඉඳන් ඉන වෙනකන් වසා ගත්තා. මෙට්ටෙ බිත්තිය කොණට දාපු කළු පොරෝනාවෙ තිබුණු කුණු ලේ පාට රෝස මල් රැලි වැටිලා.

ඔහු නයි මල්ලෙන් ඇදගත්තු සරම දාගෙන ඩෙනිම ගලෝනවා ඈ බලාගෙන.  ඈ රැලි වැටුණු ඉංග‍්‍රිසි අකුරුවලින් ඔලූවත්තෙක්ක වහ ගන්නවා ඔහු දැක්කා සස්පෙන්ඩරය ගලෝනකොට.  ඔහු ඩෙනිමත් සස්පෙන්ඩරයත් පුටු පත්ත මත රඳවා විදුලිය නිවා ඇගේ බඩ උඩින් පැන මෙට්ටයේ දිගා වෙද්දි ඔහුට ඇහුණා ‘ඩග් ඩග්‘ ගා ගැහෙන හදවතක හඬක්. මිනිත්තු ගාණක් ගතවුණා ගානක් නැතුව.  ඈ හිටියෙ මෙට්ටෙන් වැටෙන නොවැටෙන ගාණට.

ඔහු ‘ළඟට එන්න‘ කියද්දී ම උත්තරේ ලැබුණා ‘බෑ‘ ඈ හිටියෙ උත්තරෙ දෙන්න ම බලාගෙන වගේ.

’මොකෝ ‘ ඔහු ඇහුවෙ මොහොතක් ගත කරලා.

’ මං ආස ඈතින් ඉන්න‘ ඈ පොරෝනාවෙන් හිස මතු කරලා දිග හුස්මක් කටක් ගත්තා.

‘ඔහොම ඉඳපන් එහෙම හොඳයි‘

ඔහු කළු පොරෝනාවෙ කුණු ලේ රෝස මල් කකුළෙන් තල තල පහතට තල්ලූ කර කර හිටියේ.

‘මං ආස උණුහුමට‘ ඔහු සරමෙ ගැටය ලිහලා යළි බැඳ ගත්තා.

‘මට  ඕනෙ කළුවරේ තියෙන පාළුව‘ ඇගේ මුවින් වචන වෙනුවට ගැලූවෙ සුසුම්.

‘උණුහුමක් නැති කළුවර  විකාරයක් ’ ඔහු ගෙල හරවා ඈ දෙස බැලූවා.

‘මෙහාට හැරෙන්න නැත්තං මං හැරෙනවා’

‘එපා’ ඈ වචනෙන් ඇද්දෙ භීතිය. ‘යාළු කං ඉවරයි’ ඇය කිව්වෙ හදිසියෙන්  තිගැස්මෙන්.

‘සීතලට තුරුලූ කර ගන්න බැරි යැළුකමකින් ඇති වැඬේ මොකක්ද‘ කියාගෙන ඔහු හැරෙද්දි ම ඈ මෙට්ටයෙන් පැන විදුලිය දල්වා පොරෝනාව පොරෝගෙන ඇණ තියාගෙන බිම බලාගෙන තදින් හුස්ම ගන්න පටන් ගත්තා.

බිත්තියට බර දී මෙට්ටෙ මත ඉඳගෙන සරම ගුලිකර දෙපරැන්දෙ ගසා කොට්ටය ගෙන කලව මත තබාගෙන උඩ බලා ගත් ඔහුට පෙනුණා මකුළුවෙකු ඈතින් දැලක් වියනු.  ඔහු නැගිටිටෙ කොට්ටෙ අතින් ගෙන.  උඩ දමා එය හිසෙන් ෆුට් බෝල් ගැසු ඔහු පුටුවෙන් ඉඳ පෑන අතට ගත්තා. ඈ මොහොතක් බලා හිඳ යළි මෙට්ටය මත දිගෑදී හිස සිට දෙපතුළ තෙක් ඉංග‍්‍රීසි අකුරු පොරවා ගත්තා.

(කතාව ඉවරයි)*

ඔහුගේ සෙල් එකේ ඇගේ නොම්මරේ වදිද් දී ඔහු හිටියේ ඔෆිස් එකේ.

‘වැඩක ද’ ඇගේ වචන හෙළ වුණා ‘සිකි සිකි’ ගාලා.

‘වැඩක තමයි කමක් නෑ කියන්න’ ඔහු හිටියෙ වෙන සිහිනයක. වෙන සිහිනයත් ඈ ම යි.

‘උඹ තරහද’ ඇගේ දිව පැටලූනා.  ඇය දිව මහපටැඟිල්ලෙන් අතගාලා  මහපටැඟිල්ලයි දබරැඟිල්ලයි ඇතිල්ලූවා.  ‘මළ ගෙයක් නේ… උඹ කමිසෙ ගැලෙව්වා – ඒක හරි අමාරුයි. අඩු ගාණේ සරමට නොබැහැ ඉන්න තිබුණා. උඹ හැඩ ඩෙනිමට. ‘තරහ ද අපරාදෙනේ‘

‘අපරාදෙ නෑ.  මං කැමති ම රාත‍්‍රියක්’ ඔහු කිව්වෙ වෙන සිහියකින්. වෙන සිහියත් ඈ මයි.

‘කෙටි කතාවක් ලියවුණා’

‘ඒක ද නිදි මරාගෙන කරේ.  එතකොට මගෙ සිංදුව?’

‘ඒක දෙනවා’

‘කවද් ද’

‘අද හෙට ම’

ගිමන් හරින්නා සහ අශ්ව හිස

asaruwa

ගිමන් හරින්නා හැමදාම සිටියේත් සිටින්නේත් එතැනම ය. බුදු කුටියට පිවිසෙන ද්වාරයට දකුණු පස ගල් කුල මත ය. වැසි දිය ඔහු මත පතිත නොවනු පිණිස කටාරම් කොටා තිබිණ.

බුදු කුටියේ පිවිසුම් ද්වාරයට යා වු කළු ගල් බැම්මෙහි ජනෙල් විවරයකි. එහි සිහින් කෙටි ගල් බැමි දෙකක් අතරින් මතු වූ මල හැලෙන කටු කම්බි රෝල අපිළිවෙල කෙහෙ වල්ලක් සේ එළියට ඇද හැලෙමින් ගිමන් හරින්නාගේ මුනිවර මුහුණුවර වසාගෙන තිබිණ. කම්බි දෙපොටක් අතරේ වියා තිබූ මකුළු දැල අස්සෙන් අශ්වයාගේ තීක්ෂණ දෑස වෙනදා සේ ම දැල්වෙමින් තිබිණ. ගිමන් හරින්නාගේත් අශ්වයාගේත් සදාතනික ලෙංගතුකම අබියස උකටලීව සිටි ඔහු උක්කුටිකව වාඩි විය.

ඈත මඟුල් පොකුණ දෙස උපේක්ෂාවෙන් බලා සිටි ගිමන් හරින්නා මදක් හිස පහත්කොට ඔහුගේ නුපුරුදු සෙයියාව දෙස බලා මඳහසක් නැඟීය. වෙනදාට තමන් සේ ම සැහැල්ලුව ගල්තලාව මත ඉඳගන්නා ඔහු නැමුණු දණහිස මත සැහැල්ලුව අත තබා සිටිනා නමුත් අද උක්කුටික වූයේ ඇයිදැයි සිතන්නට විය. ඔහුගේ සිත ලජ්ජාවෙන් ඇලලුණි. පිළිවදන් මඳහස පෑ ඔහු ගිමන් හරින්නාගේ දෑසින් මිදී ගල්පඩි ගනිමින් ඉසුරුමුණි සෑය අසබඩ ගල්තලාවේ මුණින්තලා විය.

තිසා වැව් දිය සිප හමන්නේ සීතල පවනැල්ල නොව අතීත සිතිවිලි බව සක්සුදක් සේ පැහැදිලි විය. කල්ප කාලයක් ඉපැරණි සිතිවිලි වලින් ඔහුගේ සිත ව්‍යාකූල වී ගියේ ය.

ගිමන් හරින්නා වෙනෙකෙකු නොව තමා ම බව ඔහුට පසක් වෙමින් තිබිණ.

2
සෙල්ලම ඇරඹුණේ රා මතත් සමඟිනි. හැමදාම සේ ම එදත් නිවත්ථ චේතිය විදුහලේ කන්සිනාව අතරින් රිංගාගත් මිතුරෝ ඉසුරුමුණිය දෙසට පිය නැගූහ. විහාර භූමියක් වුව ඉසුරුමුණිය යන්න ඔහුගේ සිතේ සංඛේත ගත වී තිබුණේ “ප්‍රේමයේ නිදහස් පාරාදීසයක්” ලෙසිනි. ප්‍රේමය පිළිබඳ බරපතල ආකල්ප හෝ හැඟීම් නොතිබූ බැවින් මිත්‍ර සන්ධානය තුළ සංතර්පණය විම ම ජීවිතය කර ගත් ඔහු “ප්‍රේමයේ නිදහස් පාරාදීසය” යන සංඛේතයේ වූ ‘ප්‍රේමය’ ලොප් කොට නිදහස් පාරාදීසයක් ය යන්න තුළ ඉසුරුමුණිය සංඛේත ගත කළේය.

එවක ඉසුරුමුණියේ පෙරවරු සමයේ සිටියේ ප්‍රවේශපත්‍රකරුවාත්, කෞතුකාගාර භාරකරුත්, ඉසුරුමුණියේ අයිතිකාරයා ලෙස සිතා සිටි එහි මුරකරු තේගිසුත් පමණි. තිසා වෑ කණ්ඩිය දිගේ ගොස් කැලෑ පාරෙන් වෙහෙර මළුවට ප්‍රවේශ වන බැවින් ඔහු ඇතුළු මිතුරන්ට කිසිදාක ප්‍රවේශපත්‍ර ඇවැසි නො වුණි. සරම ඇඳ රෙදි බැනියම ඊට යටකොට පළල් ඉඟ පටියක් බැඳ සිටින තේගිස් බැනියමට උඩින් බොත්තම් නොලෑ කාකි කමිසය එල්ලාගෙන සිටියේය. සුදු ඝන උඩු රැවුල මඳක් උඩට කැරකී තිබුණ අතර කම්මුල් දිළිසෙන තරමට ම යටි රැවුල මත දැලිපිහිය තබා තිබුණි. තේගිස්ට තිබුණේ වසවර්ති දෑසකි. එත් එ දෑසට යටින් සිටියේ අහිංසකයෙකු බව තේරුම් ගැනීමට ඔහුට වැඩි කලක් ගතවූයේ නැත .

පාසලෙන් කට්ටි පනින මිතුරන් සියල්ලන් ම හැමදාම ඉසුරුමුණියට පිවිසෙන්නේ චුවින්ගම් හපමිනි. ගල් කුළු බඳට ගොඩවන මිතුරෝ දිගු ලී කෝටු ගෙන එහි අග්ගිසි මත චුවින්ගම් අලවති. අනතුරුව පිවිසෙන්නේ ගිමන් හරින්නා සිටින ඉසව්වටයි. එතැන ඉදිකර ඇති යකඩ වැටට බර විල ඇත් පෙළ පාමුල විසිරී තිබෙන පඬුරු වෙතට ලී කෝටු යැවෙයි. ලී කෝටු අග්ගිසි වල පැටලී ඒවා එකින් එක උඩට මතු වේ. ලුණු මිරිස් හා මයියොක්කා කටගැස්ම සමඟින් රා මුට්ටියක් බිමට තරම් වන පඬුරු පමණි එක් දවසකට එකතු කර ගැනුණේ.

මේ නොහොබිනා සුන්දර මංකොල්ලය දෙස බලා සිටියේ ගිමන් හරින්නා පමණි. මිතුරන් කිසිවෙකුත් ගිමන් හරින්නාව මායිම් නොකළ මුත් ඒ දෑසේ වූ උපේක්ෂාස සහගත උත්ප්‍රාසය ඔහුට මහත් හිසරදයක් විය. ඔහු හැම විටම පඬුරු මංකොල්ලයේ දී ගිමන් හරින්නා ගේ දෑස මග හැරීමට වග බලා ගත්තේය. එහෙත් ඇතැම් විටෙක ඔහු හොරෙන් ගිමන් හරින්නා දෙස බැලූ කල්හී නො වැලැක්විය හැකි ලෙස ඒ මඳහසින් පහර කෑමට ඔහුට සිදුවිය. රා මතින් මත් වූ ඇතැම් විටෙක ගිමන් හරින්නා මලම ඇණයක් වී ගෙන යන බව ඔහුට සිතිණි. ගිමන් හරින්නාගේ දෑස කෙතරම් දොඩමළු වුව ද විඳිය නොහැකි මුනිවත හේතුවෙන් එ දෑසින් ගැලවිමට නො හැකි වූ නමුත් ඉසුරුමුණි වන්දනාවේ පළමු සතිය තුළ ම තේගිස් ගේ දෑස මට්ටු කර ගැනීමට ඔහුට හැකි වූයේ තේගිස් හා පෑහීමට තරම් වූ ඔහුගේ කවීත්වය හේතුවෙනි. තේගිස් ද කවියේ සමතෙකි. ඔහු ද කවියේ බුහුටිකම් පෑ ය.
ඉන් අනතුරුව වන්දනා කොලු නඩය රා සප්පායම් වූ යේ ඉසුරුමුණියට අතේ දුරින් තිසා වැව් රක්ෂිතය තුළ ම වූ තේගිස්ගේ ආරක්ෂක නිල නිවසෙහි ය.

කෙසේ හෝ ඔහුගේ මේ සෙල්ලම ඇරඹුණේ රා මතත් සමඟිනි.

පඬුරු එක්කාසු කර ගැනීමෙන් අනතුරුව ඉසුරුමුණියෙන් අතුරුදහන් වන මිත්‍රයන් යළි එදින කිසිවිටෙකත් වෙහෙර භූමියට නො එන මුත් එදා රා මතින් ඔහුගේ කවි සිත හොඳටෝම අවදිවි තිබිණි. තේගිස්ගේ නිවසින් එළියට බට ඔහු වෑ කණ්ඩියට නැග මොහොතක් සරැලි නගින දිය කඳ දෙස බලා සිටියේ ය. සුපුරුදු හොර පාරෙන් ඉසුරුමුණියට වැදුණු ඔහු ගිමන් හරින්නා අබියස ගල් තලාව මත ගිමන් හරින්නාගේ නිදහස් සෙයියාවෙන් ඉඳ ගත්තේය. ගිමන් හරින්නා දෙසත් අශ්වයාගේ දෑස දෙසත් ඔහේ බලා ගෙන උන්නේය. එය සෙල්ලමක් බවට පත් වූයේ එවිට ය.

ඉසුරුමුණිය වන්දනාවේ ආ සැබෑ වන්දනාකරුවෝ බුදු කුටියට පිවිසෙන විට අමුතු සෙයියාවෙන් වාඩි වි කල්පනාවේ නිමග්නව සිටින මේ අමුතු පාසල් සිසුවා දුටහ. ඔහු අසලට පිවිසි කල ඔවුනට දක්නට ලැබුණේ ඔහු ඉදිරියේ මෙම අපූර්ව සෙයියාවෙන් ම සිටිනා ගිමන් හරින්නා ය. මෙය වන්දනාකරුවන්ට මහත් ආශ්වාදයක් වූ බව ඔහුට හැඟී ගියෙන් ඔහු එය ආශ්වාදයක් කොට ගත්තේය. වරුවක් පමණ එකම ඉරියව්වෙන් සිටිමට තරම් වන සංයමයක් සහ උත්තේජනයක් රා පානය විසින් සපයන ලැබ තිබිණ. ඒ වරුව ඇතුළත බොහෝ පිරිස් මෙම අද්භූත සත්වයාගේ ගැඹුරු සමාධිය ඉසුරුමුණියේ අන් සියලු දෑ දැක බලා ගන්නා විශ්මයෙන් ම දැක බලා ගත් අතර කිසිවෙකුත් ඔහුගේ ධ්‍යානයට ගල් පෙරලූයේ නැත.

3
නීලාට තිබුණේ මලානික දෑසකි. ඈ සුදු වුවත් මුහුණේ ලේ කළඳක්වත් පෙනෙන්නට නැතැයි ඔහුට සිතුණු වාර අනන්තය. අගිස්සෙන් පහතට නැමි ඇති ඇගේ දිගු නාසය තුළින් යම් පෞඪ පෙනුමක් ඈට ආරෝපණය කරලීමට ඔහු යත්න දැරීය. විටෙක ඔහු කිසිදාක තෝඩු නොලෑ ඇගේ දිගු දෙසවනට තාරකා දෙකක් පළන්දා සිතින් හැඩ බැලීය. විටෙක ඔහු කන් පෙති අතගා බැලී ය. හදවතේ හුරතලේ තුළ ඔහු ඇතැම්විට කන් මිරිකීය. එවිට මුහුණ රතු වී තාරකාලෝකය එ මත පතිත විය. ඕනෑවට එපාවට මෙන් කරලකට ගොතා තිබූ ඇගේ දිගු කෙහෙරැල්ලෙන් හමන මුඩු පොල්තෙල් ගඳ පහව යන්නට තිසා වැවෙන් ඇය නහවා සුවඳ කැවූ තැඹිලි තෙලින් කෙස්ස තවරා, එය පීරා කරල් දෙකකට ගෙතී නම් ඇගේ පෙනුම කෙතරම් දඟකාර දැයි ඔහු සිතීය.

ඔහුගේ ප්‍රේමයේ පහස දැනී නීලාගේ මලානික දෑස මහනෙල් පෙති දෙකක් සේ විකසිත වූ දිනයේ ඔහු සිටියේ රා වඩිය වැඩි විම කරණ කොට ගෙන තේගිස්ගේ ලණු ඇඳේ පතබෑ වි ගෙන ය. මිතුරෝ ද තේගිස් ද එවෙලේ තිසා වැවේ දියබුං ගසමින් කෙළිදෙලෙන් පසු වූහ. ඇය ඉස්කෝල ඇරී ගෙදර එන විට ගෙයි සිටියේ ඔහු පමණි.

ඇය සපත්තු මේස් ගලවා ගවුමෙන් දිය රෙද්දට මාරු වී තුවාය ද ගෙලේ එල්ලාගෙන සබන් පෙට්ටිය සෙවූ නමුත් එය කොහේවත් නොවුණි. තාත්තාගේ කුටියට ඈ එබුණේ සබන් පෙට්ටිය සොයනු පිණිස ය.

මළකඳක් සේ ලණු ඇඳ මත පත බෑ වි සිටින කඩවසම් කොල්ලා දැක ඈ මවිත වූ වා ය.

එවිට ම කල්ප කාලයක් ඉපැරණි සිතිවිලි සිතෙහි කැලැත්තී ඔහුගේ ඇස ඇරුණි. ඈ දැකීමෙන් ලජ්ජාවට පත් වූ ඔහුට සැනින් ලණු ඇඳේ ඉඳ ගැනුණි.

“කෝ තාත්තා” ඔහු හිස නොඔසවා ම ඇසී ය.

“මං අහන්න ඕන ප්‍රශ්නේ ඔයා ඇහුවේ” ඇගේ කටකාර කටහඬ ඔහුගේ සිතට ප්‍රාණය පුරවමින් තිබුණි. “තාත්තා හිටියෙ ඔයාලත් එක්ක “..

“මට නින්ද ගියා ” ඔහු අසරණව පැවසී ය.

“මං දැක්කා නිදාගෙන හිටපු උජාරුව ” ඇය ගණනකට නොගෙන ම පැවසුවා ය. “හරිනම් කියන්න ඕන නින්ද ගියා කියලා නෙමේ. මට ටිකක් වැඩි වුනා කියලා” ඇය නොහෙබිනා සිරික්කියකින් පැවසුවා ය.

“තව ටිකක් නිදා ගන්න” මං නාගෙන ඇවිත් බත් බෙදලා දෙන්නම්.

බොහෝ විට තමා හොරෙන් ඈ දෙස බලා සිටිය ද කිසිදාක ඇය මෙතරම් ලෙංගතුකමින් තමා හඳුනතියි සිතා නොසිටි ඔහු ගේ හිත නොසෑහෙන්න කැළඹුණි. ඔහු ඇතුළු මිතුරන්ට රා බීමේ අවසරය ලබා දුන් තේගිස් ඔවුන්ට පැන වූ එක ම කොන්දේසිය වූ යේ දියණිය ඉස්කෝලේ ඇරී පැමිණීමට පෙර පිටව යා යුතු බව යි. ඒ සාධාරණ කොන්දේසියට ගරු කළෙන් කිසිවිටෙකත් ඔවුහු පාසල් ඇරෙන වෙලාව තෙක් තේගිස් නිවසේ ගත නොකළහ. එබැවින් ඈ හා මුහුණට මුහුණ හමුවිමට ඔහුට කිසිවිටෙකත් අවස්ථාවක් උදා නොවුණි. ඇගේ මේ ලෙංගතුකම කිසිවිටෙකත් මෙතරම් සමිප වෙතැයි හිතීමට කිසිදා සාක්ෂියක් නැති.

“ඔයා මාව දන්නවද” ඔහු එම ප්‍රශ්නය ඇසූයේ එබැවිනි.

“කවුද ඔයාව නොදන්නෙ. අපේ ඉස්කෝලේ කෙල්ලො ඔක්කොම දන්නවා. ඔයා හරි ප්‍රසිද්ධයි”

ඇගේ දෑස නිල් පෑ වෙමින් ද දෙකොපුල් රත් පෑ වෙමින් ද තිබෙන බව ඔහු දුටු යේ හිස ඔසවා ඈ දෙස ඍජුව බැලීම නිසා ය. ඒ ඔහු ඈ දෙස බැලූ ප්‍රථම ඍජු බැල්ම විය.

“මම කවුද ”ඔහු තීරණාත්මකව ඇසීය.

“ගිමන් හරින්නා” සිනා නගා ගත් වන ම මිදුලට පැන ගත් ඈ වෑ කණ්ඩිය මතින් දිව යනු ඔහු නිසොල්මන්ව බලා සිටියේ ය.

4
රා නොබි දිනවල ද ඔහුට ඉසුරුමුණියට යාමට හේතුවක් නිර්මාණය වි තිබුණි. නීලා ය.
ඒ වන විට කැලෑ පාර කම්බි වැටකින් අවුරා තිබුණෙන් ඉසුරුමුණියට පරවන වේශ විය යුතුව තිබුණේ පරබුණවේශ ගේට්ටුව හරහා ය.
හැමදාම පරකැලවේශ පතරිබු මිලදී ගැනීම පාසල් සිසුවකු වූ ඔහුට බර වැඩි විය. එහෙයින් ම සමාධි සෙල්ලම තවත් පියවරකින් ඉදිරියට ගැනීමට ඔහුට සිදු විය. ඔහුට ඊට අවස්ථාව උදා කළේ ද පරට සවේශපතර වූ විකුණන්නා ම ය.

” මොකක්ද ඔයාට ඔය තරමට ගිමන් හරින්නා එක්ක තියෙන සම්බන්ධය” දිනක් පරගිමවේශපතරන ස විකුණන්නා ඔහුගෙන් ඇසීය.

ඔහු හැඟුමින් ආඪ්යාව මොහොතක් ගත කළේය. “එක දිග කතාවක්. ” ඔහු වචන තුළ ද හැඟුම් තවරා ගැනීමට වෙර වැඞීය. “මට හිතෙන්නේ ඒ මං කියලා. සංසාරගත බැඳීමක්. ඒ මගේ අස්සයා. මාත් එක්ක හැම තැනම ගියේ ඌ. මං තනිවුනා අස්සයත් එක්ක. හැමදේම නැතිවුනා” ඔහු හිතාමතා ම දීර්ඝ සුසුමක් පිට කර හැරියේ ය.
පරු වේශපත් විකුණන්නා හිස ගසා මවිතය පළ කරමින් සුරතේ ඇඟිලි තුඩු වලින් නළල කිතිකවා ගත්තේ ය.

“පුනරුත්පත්තියක් ද ? ” යි අසන විට පරළ කවේශපත් විකුණන්නාගේ තොල කට වියලී තිබුණි.

“දන්නෑ.. වෙන්න ඇති ” ඔහුගේ වචන ඇසෙන නෑසෙන තරම් සංවේගජනක විය.

“කොහොමත් මට දැනෙනවා මෙතන මගේ ම විත්තිය. මේ හැම දෙයක් මල හැම ගල් පොත්තක් ම මං අඳුනනවා. මේ හැම නෙළුමක් ම. මානෙල් මලක් ම ”
පරයක වේශපත් විකුණන්නාගේ සුරත ඔහුගේ සුදු කමිසයේ උරහිස මත රැඳී තිබුණි. උරහිස තදින් මිරිකනවා ඔහුට දැනුණි.
පසුම්බිය වෙත ඇදී යන අත නතර කළ පරමිරවේශපත් විකුණන්නා මෙසේ පැවසී ය.

“ටිකට් ඕන්නෑ.. මල්ලි යන්න. ඕන දවසක. ඕන වෙලාවක”

5
“නිදහස් පේරදී ම පාරාදීසය” ලෙස ඔහු යළිවරක් ඉසුරුමුණිය පිළිබඳ පළල් සංඛේතකරණයට පිවිසුණි. ඉසුරුමුණි පේරහු ම කාව්යිය අනුරාධපුරයේ පාසල් අතර පරිප කට රහසිගත පේරු ම වෘත්තාන්තයක් ව පැවතුණි.

ගිමන් හරින්නාගේ දෑසත් මිතරිස අශ්වයාගේ දෑසත් සංකීර්ණ ස්වරූපයක් ඉසිලූයේ ඔහු සමාධි සෙල්ලමේ නිරත වන විට පමණක් බව මේ වන විට ඔහුට තේරුම් යමින් තිබුණි. නීලා සමඟ පේරීර්මයේ ගැලූණු ඕනෑම නිමේෂයක ගිමන් හරින්නා දෙස බැලීමට ඔහු බිය විය. ගිමන් හරින්නා දෙස බැලූ හැමවිට ම ඒ දෑසේ වූයේ උපේක්ෂාා සහගත සෝපහාසයක් බව ඉඳුරා ම පරිට ත්යූක්ෂඋ විය. ඔහු වඩාත් ම හැකිලූණේ දෙතොලතරෙහි වූ මන්දස්මිතය නිසාවෙනි.

ඒත් ඔහුට නීලාගේ පේරන් මය අත් හැරීමට නොහැකි ව තිබුණි. ඔහුගේ ස්නේහය කිසිදාක නොසිඳෙන තිසා වැව සේ ම විය. එහෙත් පේරහු මය පිණිස ඉසුරුමුණි යෑම ඔහු අත්හළේ ය. එතැන් සිට නීලා හමු විමට තේගිස්ගේ නිල පැල කොටයට යාමට ඔහු හුරු විය.

නීලා සමඟ කලා වෑ කණ්ඩියේ හුදෙකලා වූ ඇතැම් මොහොතක ගිමන් හරින්නාගේ සෝපහාසාත්මක දෑස තමා වෙත එල්ල වි ඇති අයුරු දැක ඔහු නන්නාඳුනන භීතියකට පත් විය. හිතේ චකිතය දුරු කර ගනු වස් ඔහු සමාධි සෙල්ලමේ ගිය කිසිවිටෙකත් ගිමන් හරින්නාගේ දෑස තමාට හිනාවෙන බව ඔහුට පෙනුණේවත් හැඟුනේවත් නැත.

6
ඔහුගේ විවාහය වහකදුරු මෙන් විය.
ඔහු කොළඹට සේන්දු වූයේ රූපවාහිනි නාලිකාවක නිවේදන වෘත්තිය පිණිස තෝරා ගැනුණු බැවිනි. ගිමන් හරින්නා හේතුවෙන් සමකාලීන ශිෂ්ය පර වූජාව අතර ජනපරි හේයව සිටි ඔහු චතුර කතිකත්වය හේතුවෙන් සමස්ත ප්රෙසක්ෂක පරු බජාව අතර ම ජනපරිෙ ය චරිතයක් බවට පත් ව සිටියේ ය. ඔහුගේ කවිත්වය හේතුවෙන් ගිරා පෝතකයෙකු නොව බරසාර වෘත්තිකයෙකු බව ඔහු පෙන්වාලූයෙන් සහෝදර වෘත්තිකයන් අතර ගෞරවපූර්වකභාවයක් ඔහු කෙරෙහි පැවතුණි.

ඔහු කොළඹට ඇබ්බැහි විය. පරවෘ වෘත්ති හා සමාජ සංසිද්ධි ගවේෂණයෙහි පෙළහර පෑ නිවේදිකාවක විසින් ඔහුගේ පේරති මය ගවේෂණය කිරීමට පෙළඹීම කෙළවර වූයේ ඔහුට වහකදුරු වූ විවාහය සමඟිනි.

ඔහු විසින් විරචිත ගේය පද ගුවනට මුසුවිම පවා ඈ පිළිකුල් කළේය. ඇගේ ඊර්ෂ්යාේ සහගත පේරවිමමයේ කූඪපරාිරීප්තිය තුළ ඔහුට ගී ලිවීම තහනම් කෙරුණි. අනුරාධපුරය ඔහුට තහනම් කලාපයක් විය.

තිසාවැව තරම් වන සේ නීලාට තිබූ පේරුට මය සිහි වී ඔහුගේ හදවත හඬා වැටුණි. එතැන් සිට තිසාවැව සේ නොසිඳී පැවතුණේ ඔහුගේ හදවතේ තෙරපෙනා කම්පාවයි. එය නිතරම හදවතේ සරැලි නැගී ය.

නිවේදන පේරම් මය තුළ ඔහු නිවේදිකාව අබියස දිගහැරි පේරදවතමයේ අතීත සෞන්දර්යය පාරාවළල්ලක් සේ ම විටින් විට ඔහු වෙත ඇදී එමින් තිබුණි.

“කොහෙද තමුසෙ යන්නේ ? ඉසුරුමුණියෙ නැට්ටිච්චි බලන්නද? මං හොයා ගන්නම් ඕකි කව්ද කියලා ”

ඇය එසේ බිණුව ද නීලාගේ දෑසේ පහස අත්හැරී ගියේ කොළඹ ආ මුල් අවදියේ සිට ම බව දත් ඔහුගේ සිත ව්යායකූල විය. බිරින්දෑගේ බිණුම් ඒ ව්යායකූල හැඟුමට සාපේක්ෂව සැළකිය යුතු තරම්වත් නොවිණ. කාත් කවුරුවත් නැති නිවසක තම එකම දියණිය සමඟ හුදෙකලා වීමට තරම් අවකාශ සළසා දුන් තේගිස්ගේ විශ්වාසයේ දෑස සිහි වී ඇතැම් විට ඔහු හැඬුම්බර විය. නිවේදිකාව සිතුවේ තමාගේ බැණුම් දරාගත නොහැකිව ඔහු දෑසින් කඳුළු වැගිරෙන බව ය. ඇය තව තවත් ඉන් උද්යෝගිමත් වූවා ය. වෙනත් පරතුවවේශයකින් බිණුම් ඇරඹුවා ය.

“අර අහිංසකයාල අහිංසක මුරකාරයා උගේ කෙල්ලත් අමාරුවෙ දාපු මහ ලොකු ගිමන් හරින්නා”

ඕනෑම කුණු බැනුමකට ඕනෑම කෙනෙකු හවුල් කර ගත්ත ද ඔහුට කම් නැත. ඒත් ගිමන් හරින්නා සිහිපත් කරලීමට ඔහු එකඟ නැත. නීලාට සිදු කළ හේතු විරහිත සමුදීම ගිමන් හරින්නා අනුමත නොකළ බව ඔහු දනී. එතැන් සිට ඔහු පසු පස හඹා ආයේ ගිමන් හරින්නා ගේ වේදනාවෙන් ඇවිලූණු දෑසයි. ඔහු ඊට මහත් සේ බිය විය.

එහෙත් ආනන්තරීය පාපකර්මයක් වූ විවාහයේ නන්නත්තාර ආතතිය සමනය කරනු පිණිස ඔහු යළි සමාධි සෙල්ලමට පසු බැස ගියේ ය.

ඉසුරුමුණියේ බුදු කුටිය අසබඩ දක්නට වූයේ ඔහු පසුපස වේදනාවෙන් ඇවිලෙන දෑසින් හඹා එන්නා වූ ගිමන් හරින්නා නොවේ.

එවර ඔහුට ගිමන් හරින්නා කෙරෙන් දක්නට ලැබුණේ විරහවේ සංතාපයෙන් ඇලලූණු නිවී සැනසුණු දෑසකි.

7
පෙමින් ආතුර
ගිලන් මගියා මා නොවේ
ගිමන් හරිනා
ඉසුරුමුණියේ විල් තෙරේ
මිතුරු තුරඟා කැටුව නික්මෙමි සකිසඳේ
ඔබට පවරා ජීවිතේ

තිසා වෑ කණ්ඩියේ දිදුලයි
මලානික සඳකැන්
මුලා වූ සිත ඔහේ පාවෙයි
වළාවන් අතරින්
නෙළාපන් සකි මගේ මහනෙල්
මලේ නිල් දෙනුවන්

සිතින් නික්මෙන විරහා තාපය තැවරිලා
මෙළෙක් වූ හැටි බලන් ගල්කුළ ළං වෙලා
නෙළන් නුඹ එහි නුඹේ ප්‍රේමය සිත්තරා

රුවන්වැලි සෑ කොත් කැරැල්ලේ තැවරිලා
ගිමන් හරිනා වෙසින් වැළපෙයි පුන්සරා
අරන් කඳුළැල් නගන් පෙළහර සිත්තරා

ගීතය කියවා බැලූ ඔහුගේ හොඳම මිත්‍රයා වූ සිත්තරා ගේ මුහුණ සෞන්දර්යයෙන් අනූන ව්‍යාකූල ප්‍රහර්ෂයකින් ඇවිලී ගියේ ය. සිත්තරා එය නැවත නැවතත් දෑසින් අතපත ගා බලන්නට විය. මුල සිට අගටත් අග සිට මුලටත් මැදින් මැදිනුත් ආදී වශයෙනි.

“වැඬේ මරු. ගතිම ගති. ලස්සනයි. ඒත් මොකක්ද ලිහා ගන්න බැරි අවුලක් තියෙනවා. මොකක්ද මන්දා” අවසන සිත්තරා පැවසීය.

“මේක කියවන්න ඕනා සුනිල් එදිරිසිංහගෙ වගේ නිවුණු හඬකින්. මේකේ තියෙන්න ඕන නිවිච්ච විරහවක් ” ඔහු පිළිතුරක් වෙනුවට කරළියට ගෙනාවේ හැඟීමකි.

“මේක තේරෙයිද? මං අහන්නේ මිනිස්සුන්ට, අහන අයට” සිත්තරාගේ ව්‍යාකූල සිත වචන බවට පෙරලූණි.

“මේකයි ” ඔහු නැවතත් හැඟුම්බර වෙමින් සිටියේය. “ඔය නොතේරෙනකම සාකච්ඡාවක් බවට පත්වෙනවට මං කැමතියි”

“උඹට ඕක ඔලූවට ආවෙ කොහොමද?” මිතරුම්යාගේ ඉසුරුමූණි ඉතිහාසය නොදත් සිත්තරා දුම් වැටියක් දල්වා පොල්කටු අළු බඳුන තුළට ගිනිකූර අතැර දැමිය.

ඉසුරුමුණියේ කලා භාවිතය පිළිබඳ දැනුමින් කෙළ පැමිණ සිටි සිත්තරා මෙතරම් සරල පරදැ ශ්න නගන්නේ ඇයිදැයි ඔහුට පරමූණහේලිකාවකි. මිතරතරා සිත්තරා ඇඹූ පෙම්යුවලගේ අනුරුව දෙස ඔහු නෙත් අයා ගෙන සිටියේ ය. එය බොහෝ සෙයින් සැබෑ නිර්මාණයට ළඟා වූවක් විය. එහි බිඳුණු සුළැඟිල්ලක් වී නම් මෙහි ද එසේ ම බිඳී තිබුණි. කලා මංකොල්ලකරුවෙකුට අවැසි වී නම් සැබෑ නිර්මාණය සමඟ මෙය මාරු කරලීම එතරම් අපහසු කාර්යයක් නොවනා බව ඔහුට සිතුනි. අනුරුව එතැන තැබුවට කිසිවෙකුත් සැක නොකරනා තරමට එය අංග සම්පූර්ණ විය.

එහෙත් එවර ඔහු පෙළුෑ සදාතනික ප්‍රශ්නාර්ථය යළිත් හිත තුළ විදුලි කොටන්නට විය. පෙම් යුවල එතරම් ජනප්‍රිය වූයේ එතැන යුවලක් සිටින නිසාවෙන් නොවේද? ඇගේ තුණු සපුව විඳීමෙහි ලොල් වූ ගවේෂක විචාරක අහින නිසා නොවෙ ද? පෙම් යුවල ගල්කුලෙන් වෙන් කොට කෞතුකාගාරයේ තුළ තැන්පත් කරන ලද්දේ එ නිසාවෙන් නොවෙද?

එහෙත් ඉසුරුමුණියේ වඩාත්ම සංකීර්ණ නිමැවුම ගිමන් හරින්නා නොවෙ ද? ගල් කුලෙන් මුදා කෞතුකාගාරයට තුළට කැඳවා නොගන්නේ ගිමන් හරින්නා අශ්වයෙකු සමඟ සිටිනා නිසාවෙන් ද?

තමා ගීතයට නැගුවේ මේ වේදනාව නොවේදැයි ඔහු සිතන්නට විය.

මිත්‍ර සිත්තරා බී අවසන් කළ දුම්වැටියේ ෆිල්ටරය පොල්කට්ට තුළ සඟවා ලිය. ඉන් නැගෙන අවසාන දුම් දහර අතින් ගසා බසා දමමින් ඔහු පෙර ප්‍රශ්නය ම නැගීය.

“ඉසුරුමුණිය ගැන ලියවෙන කොට ලියවෙන්න ඕනා ප්‍රේමය ගැන. උඹ විරහව ගැන ලියනවා. උඹට ඕක ඔලූවට ආවෙ කොහොම ද?” ඔහු ජීවිතේ පළමු වතාවට දුම් වැටියක් දැල්වීය. රා මතින් සිටි පාසල් අවදියෙන් දුමින් ආතුර නොවුණු පෙනහලු යුග්මයේ සියලු කේෂ නාලිකා හරහා නිකොටින් ආශ්වාදය පැතිර ගියේය. ඔහු දීර්ඝ ප්‍රශ්වාස දුම් දහරාව ඉසුරුමුණි පෙම්යුවල වෙත මුදා හැරීය.

“මං කලා විග්‍රහයකට යන්නෙ නෑ” ඔහු කතාව ඇරඹීය. “මං මගේ සිංදුව ගැන කියන්නම්” සිත්තරා සාලය මැද හිටවා වසා දමා තිබූ සිත්තම ඇර සිතින් කැන්වසය මත තීන්ත තැවරීමට යළි ඇරඹු නමුත් දෙසවන් ඉස්සි ඉස්සී තිබුණේ ඔහුගේ ඉසුරුමුණි කටහඬ වෙතය.

“මං ඉසුරුමුණියෙ කැමතිම රූපෙ අශ්ව හිසයි ගිමන් හරින්නායි” ඔහු දිගටම කියාගෙන යමින් සිත්තරා අසල පුටුවකට බරවිය. “මට හිතෙන්නේ පෙම් යුවළ අතර තිබෙන කාන්තා සෞන්දර්යය ගිමන් හරින්නාගේ බිරිඳගෙ නැත්නම් පෙම්වතියගේ කියලා. සිත්තරා එහෙම නැත්නම් ගල්වඩුවා ගිමන් හරින්නාගෙ මිතරතියයෙක්. ඒ දෙන්නා යාළුවෝ හරියට අපි දෙන්නා වගේ. දවසක් සිත්තරාගේ කලාත්මක පරාු තිහාර්යය පෙන්නන්න ගිමන් හරින්නා ඔහුගේ බිරිඳව නැත්නම් පෙම්වතියව එක්කන් එනවා. සිත්තරාගේ කලාත්මක පරඳව තිභාවෙන් ඇය වශීකෘත වෙනවා. සිත්තරාගේ පෞරුෂය ඉදිරියේ ඈ අසරණ වෙනවා. මේ හරහා ඔවුන් අතර මානුෂීය සම්බඳතාවක් ගොඩනැගෙනවා. අවසානයේ එක පේරඅත මයක්. එත් මේක ගිමන් හරින්නා දන්නේ නෑ”

පුටුවෙන් නැගී සිටි ඔහු තවත් දුම් වැටියක් ගෙන පෙම්යුවළ අබියස කල්පනාවේ නිමග්න වෙමින් එය දල්වා ගත්තේ ය. සිත්තරාට තවදුරටත් වසා තිබුණු කැන්වසය අතපත ගෑමට නොහැකි තරමට සිත ආකූල ව්යාවකූල වෙමින් තිබිණි. ඔහු පින්සල තීන්ත බඳුනක ඔබා දුම් වැටියක් අතට ගත්තේ ය. ගිනිපෙට්ටියේ ගිනිකූරු අවසන්ව තිබුණෙන් ඔහුගේ දුම්වැටියේ තුඩට තුඩ දල්වා ගැනීමට සිත්තරාට සිදු විය.

එවර දෙදෙනාම සැටි පුටුවට බර වී පොල්කටු අළු බඳුන මැදින් තබා ගත්හ. සිත්තරා ව්යාටකූල ආශ්වාදයකින් පසු වූයේ කතාවේ ඉතිරිය නික්ම එන තුරුය.

“එක්තරා දවසක බිරිඳ නැත්නම් පෙම්වතිය අතුරුදහන් වෙනවා. ගිමන් හරින්නා ඔහුගේ මිතරපෙ අශ්වයා පිට නැගිලා මුළු ලෝකෙම දෙවනත් කරමින් තමන්ගේ පේරෙ‍්මය හොයනවා. ඒත් ඒක නෑ. නැතිවෙලා. නැත්තට ම නැතිවෙලා. ඔහු ඒක දන්නේ නෑ. ඔහුට වෙහෙසයි අශ්වයටත් වෙහෙසයි. මේ දෙන්නා ඇත්තට ම ඉසුරුමුණියට එන්නේ ගිමන් හරින්න. මිතරම ඉ සිත්තරා මුණ ගැහිලා හිත නිවා ගන්න. ඔහු එක්ක කතා කරන්න. වේදනාව බෙදා ගන්න. කලාකරුවො සංවේදි බව ගිමන් හරින්නා දන්නවා. ඒත් මොකද වෙන්නේ ”

සිත්තරා සැටියෙන් නැගී සිටියේය. පොත් රාක්කය පාමුල තිබූ ගල් බෝතලය ගෙන විදුරු දෙකකට වත් කරලී ය. සැර බාල කිරීමට කිසිවක් නොතිබුණෙන් ශීතකරණය ඇර අයිස් කැට කිහිපය බැගින් වීදුරු දෙකට දැමී ය. අයිස් කැට අරක්කු දියෙහි පාවෙන ඇසිල්ලේ ම ඉන් එක් වීදුරුවක් හිස් කර දැමු සිත්තරා යළිත් බෝතලය ඒ තුළට ඇලකර සිද්ධිය අසලට පිය නැගී ය.

“ගිමන් හරින්නාගෙ බිරිඳ නැත්නම් පෙම්වතිය මහනෙල් විලේ කිමිදෙමින් දිය නානවා. සිත්තරා ගල්තලාවකට වෙලා ඇයව රස විඳිනවා. ඇත්තටම සුන්දරයි. ඇත්තටම මේ තමාගේ බිරිඳ නැත්නම් පෙම්වතිය කියලා නොහිත ඒක රස විඳිනවා නම් ඇත්තටම සුන්දරයි. ඇත්තටම ගිමන් හරින්නා හිතුවෙත් එහෙම. ඔහුගේ හිත ඇතුළෙ මමංකාරය දෝංකාර දුන්නේ නෑ. ගිමන් හරින්නාගේ දෑස කඳුලින් බර වුණත් උපේක්ෂාව ගිගුම් නැගිලා කඳුළු වියලිලා ගියා. මොහොතෙන් ඒ දෑසෙ ඉතුරු වුණේ විරහව. ඒත් ඒක නිවිච්ච විරහවක් ගිමන් හරින්නාගෙ මේ මුනිවර සෙයියාව සිත්තරා දැක්කා. ඔහුගෙ හිත කම්පා වුණා. ඒත් ඔවුන්ගෙ පේර්තරමයට බාධා කිරීමට ගිමන් හරින්නා මොහොතක්වත් නතර වුණේ නෑ. ඔහු අශ්වයා මත නැගලා නික්මුණා ”

දිර්ඝ සුසුමක් පිට කළ ඔහු අයිස් දියෙහි පෙඟී ඇති අරක්කු වඩිය උගුරට හලා ගත්තේ ය.

“එච්චරද? ඉවරද? ” බොහෝ වෙලාවක් නිශ්ශබ්දතාවයේ ගැලී හුන් සිත්තරා තම ආතතිය පිට කර හැරී ය.

“අයිස් කැට ටිකක් ගෙනෙන් ” ඔහු පැවසීය. කියු සැනින් නැගිට ගත් සිත්තරා ඔහුගේ අවශ්ය තාව ඉටුකරලීය.
ඔහු තවත් අරක්කු වඩියක් ආමාශගත කොට ගනිමින් කතාවේ අවසානයට එළැඹුණි.

” සිත්තරා තම මිතරආ ායාගේ සර්වකාලීන වූ පරිත්යායගය සදාතනික වන විදිහේ නිර්මාණ කළේ ඊට පස්සේග ඒ එකක් තමයි මේ” ඔහු ඉසුරුමුණි පේරරා මයේ අනුරුව දැක්වීය. අනික ගිමන් හරින්නා සහ අශ්ව හිසග සිත්තරාගේ පරිර්කාශනය තමයි පේර ” මය සදාතනික බව හරියට ගලේ කෙටුවා වගේ. ඒ වගේමයි මිතරයි්ත්වය. ඒකත් ගලේ කෙටුවා වගේ. ඔහු සාක්කුවෙන් ඇද ගත් ලේන්සුවෙන් මුහුණ පිසදාලීය. දෑස් අග නලියමින් තිබූ තෙතමනයන් ලේන්සුව තුළ අතුරුදහන් විය.

“තව එකම එක විගරෙත හයක් තියෙනවාග ගිමන් හරින්නා සහ අශ්ව හිස ගැන” ඔහුගේ කටහඬ අයිස් වලටත් වඩා සීතල වී තිබුණි. “පෙම් යුවලගෙ නිර්මාණයට වඩා විශිෂ්ට ගිමන් හරින්නාගෙ එක. ඒකෙ සම්පූර්ණයෙන් ම පිරිලා තියෙන්නේ මුනිවර ලක්ෂණ. හරියට සිද්ධාර්ථ කුමාරයයි කන්ථක අශ්වයයි වගේ. කන්ථකගේ ළය පැලෙන්නේ සැබෑ මිතර අශත්වය වෙනුවෙන්. අන්න ඒක සංඛේතගත කරන්න තමයි අශ්ව හිස කෙටුවේ “

මිතරන ත සිත්තරා තම සුරතින් කෙස්ස ඇද ගනිමින් සිටියේය. ඔහුගේ හදවත පශ්චාත් නූතන සිත්තමක් සේ ව්යාකකූලව තිබුණි. ඔහුගෙන් මීළඟට කුමක් අසන්නදැයි නොදැන සිතිවිලි අතර අතරමං විය. මානසික ආතතියට එරෙහිව දුම්වැටියක් දල්වා ගැනීමට ගිනිකූරක්වත් නොවූයෙන් තව තවත් අසරණ විය.
කෙසේ හෝ සිහි එළවා ගත් සිත්තරා ඔහු අපහසුතාවට ලක් නොකරන සිතින් එහෙත් තීරණාත්මක පර්තරශ්නය ඇසීය.

“උඹ කොහොමද මේවා මේ තරම් හොඳින් දන්නේ “
ඔහු සැහැල්ලූව මදහස නැගීය.

“මං තමයි ගිමන් හරින්නා “

8
ඇතුළතින් අගුළු ලෑ සිත්තරාගේ එකම කාමරයේ දොරින් ඔහු’ නික්ම ගොස් ගිය පසුත් නොඇරුණි. සිත්තරා දොරට සන් නොකොටම බෝතලය හිස් කිරීමට පටන් ගත්තේ ය. අයිස් අහවරව තිබුණෙන් ඇල්කොහොල් ආමාශගත වූයේ අමුවෙනි. එය එතරම් සැරක් නොවූයේ වඩා වැඩි සැරකින් හිස ආතුරව තිබුණු බැවිනි.
අන්ධකාරය ජනෙල් අතරින් මිරිකි මිරිකී සාලය ආකරිනිමණය කරමින් තිබුණි. එහෙත් සිත්තරා විදුලි බුබුලකුදු නොදල්වා ම සැටිය් ඇල වී සිටියේ ය.
හෝරාවක් පමණ ඉක්ම යන්නට ඇත ග “ටකස්” ගා අගුළ ඇරී කාමරය විවෘත වූ නමුත් සිත්තරා හිසොසවාවත් බැලූවේ නැත. සාලයේ දොර ඇරී යළි වැසී ගියෙන් ඈ අන්ධකාරයේ ම නික්ම ගිය බව සිත්තරාට වැටහුණි.

වෙරි මරගාතයේ ම ටීපෝව අතපත ගෑ ඔහුගේ අතට ගිනි පෙට්ටිය හසු විය. එය විවර කොට ඇඟිල්ලක් ඔබා බැලූ නමුත් එක කූරකුදු එහි නොවිණි.
සිත්තරා දෙපසට වැනෙමින් කඩය දෙසට පිය මැන්නේ දොර නොවසා ම ය. සිත්තරා රැුගෙන ආවේ ගිනිපෙට්ටියක් පමණි.

අන්ධකාරය තුළම සිටිමින් ඔහු සාලය මැද වූ සිත්තමේ කඩ තිර ඉරා දමා කැන්වසය ගලවා අතට ගත්තේ යග මිදුලට ඇද දැමූ සිත්තමේ අග්ගිස්සට ගිනි තැබුණි.
වේදනාවෙන් විලාප නගනා “ඔහු” ගේ බිරිඳගේ නිවේදන කටහඬ මිදුල දෙසින් නැගී ආයෙන් සිත්තරා ගෙතුළට වැද දොර වසා දැමී ය.

සිත්තර කලවයේ හැපුණු මේසය මත තැබූ තීන්ත භාජනයක් සාලය මැද පෙරලී ගියේ යග වහා බිත්තියට බර වී බිත්තිය අතගාමින් ඉදිරියට ගිය සිත්තරා සාලයේ විදුලි ස්විචය සොයා ගත්තේ ය.

පලා යන අන්ධකාරය විනිවිඳිමින් සැටි කොණක ගිමන් හරින්නාගේ නිවුණු විරහී දෑස දැල්වෙමින් තිබුණි.

Mariya Called Mary By manjula wediwardena

mary=mary

Just now was concluded our sexual intercourse which ended the virginity of Maria.

I continue lying upon her. though my body is wet with sweat and our bodies pasted to one another. My penis is on the retreat in her vaginal canal. She is drying the sweat oh my back thumping It, warm breath emanating.

Maria, at once topples me over and kneeling on the bed with her arms folded, begins to sob. I turn my face down. My dyes close and darkness envelopes me.

I saw historical dream. In that dream there. was embroiled a strange dream.

It was Pharao period in Rome. My torso was deposited in a prison where prisoners were imprisoned. About twenty prisoners Were in various stances of trance within that limited space which was entombed by four massive stone walls. In one place is the groan of a person whose respiratory system was weak. In. another place is the. ‘1bah bah” sound of a hymn to Jebovah. In another place is a cough in another is weeping. Occasionally a sob-arises and fades away..

Though I was listening to the admixture of these sounds I hung on with my eyes the small. apurture at the top of the left Wall. Sun light was seeping bit by bit through that aperture. My eyes which were soaking in the darkness: were steep bound by that small light.

That was the birth of that strange dream.

Stars were glittering in the cloudless dear night sky. A star which began to attract to itself my attention that was devided among the multitude of stars to burst out of the sky. When that reached the proportion of the moon1 it began to develop a tail which lengthened gradually. The tail end which began to cl6se up gradually made itself into a noose, fell on my neck and began to tighten gradually. I being mortally afraid, shouted out with all my might but no sound escaped from my mouth.

When a prisoner’s foot tell on my head opening my eyes, I was still choacking my peck with my own hands and screaming silently. bolts of light were streaming though the small aperture. That light travelled about tonding every thing in that prison.

In among the prisoners was a leader. He was a handsome youth well known for his ability to interpret dreams. Joseph got the opportunity to come to Egypt as he was sold by his brothers7in a place called Donath, for twenty lucre. As he made an honest fool of himself by refusing the constant pleas of the wife of Pothiper, the Door-Keeper, Chief Sentry of King Pharao, to have sex with her he was imprisoned.

Joseph rose from where he sat, stood Majestically in front of me and addressed me in a deep voice.
“Tell me frankly the dream you had and I will interpr6t it for you¡± .

With a shaking voice, I offered him my dream. He closed his eyes, raising his lands up for a moment serenely, lowered them, opened his eyes and spoke.

“A son will be born begotten by you. He will certain go to the extreme of Atheism. Therefore him Anti Christ.

The synthesis of emotions which were. in the inner hearts of the prisoners were painting their faces. Some of them who broke loose from their concentration, rose to their feet wherever they were.

“He will at first be your death-noose. Then he will spread the danger to-the others. Whatever attempt be made, no body can forestall this birth¡± said-the interpreter of dreams in a calm, collected voice. As these words escaped his tips, all the prisoners rose. Then the began to circle around me elliptically. I was shocked. I lost consciousness in fear. In short called God.

Slowly the human circle began to shrink. All the eyes were reverted on my penis. All of them in one motion set tip on me reach one struggling sholder to sholder, waged a deathly struggle either to touch my penis on uproot it. I fell on the ground and struggled.

In the meantime some one who-came from behind, put his hand in between my legs and clung on to my man symbol. I began to writh like anearth worm, screaming myself horse. This screaming and struggling would have continued until my head struck the bed head. My hand was well wrapped around my penis.

Maria was kneeling before the prayer box all nude. Virgin Mary was looking at tier with merciful eyes open intently, in measureless sympathy, limitless pity, A tear for Maria, bursting from the eye of Virgin Mary cascaded down-the-light blue and white paint applied on the clay which had made Virgin May. Maria saw none of them. She was sweeping the ground with her eyes, with her fingers inter twined. Her lips trembled in a prayer. Her long brown hair woven in a single plait falls down her solder blades, down past the golden fine that bisects her buttocks. Her slim waist enhances the charm of her broad hip.

I witness a close up of the beauty of her hind quarters. I recline against the bed head with my eyes on her. I lighted a cigarette and filled my lungs with a long draft of smoke.

I feel somebody tapping me on my sholder. I turn. A body covered with long black hair. That is Satan. The only item of cloth on that body is a suspender. He has in his hand a tight wrapped slim rod. He asks for a light. I hold out my cigarette. He lights his rod, returns my Cigarette and reclines in the easy chair next to Maria and turns to me. He gives me a comradely toothy grin. My thoughts are wandering. I more my gaze away and turn it upwards.

I hear the Sound of tiles rattling in the roof and then two hands removing the tites. A saintly figure descends with pure white wings spreaded, through that pepingl in the root. The whole body is covered with snow white feathers. That figure with feathers wrapped around Penguine fashion and standing at attention next to the nude body of Maria, I easily recognize as the Archangle Gabriel. The war of righteousness between the angles of light and powers of darkness was slowly emerging.

Satan stands or his head on the weaving of the easy chair. He addresses Maria in a coarse and gross thundering groan.

“My dear Maria, you are the blessed in among all the women. I like you. My whole hearted unlimited appreciation is for your.

I order that the unquel, powerful creative that would be born off your blessed womb be named “Anti Christ”. That is because this creative will take the world to the summit of sin and save this world.”

Satan sits back oh the chair with a pleasant smile on his face. Maria taints and falls I cannot go up to Maria. I am forzen to the bed.

Gabriel puts his hand into a clump of feathers, pulls but a phial and sprinkles water on “Maria’s face. Her eyes dance. She wakes up and looks around. Immediately she jumps into the lap of Gabriel and in a sob asks “Oh! Gracious Arch angle Gabriel, Why do you allow ire, who was so loyal td the rather, to fall into this dismal abiss?”

The face of the Archangel, with Maria in his lap, has turned red with Unknown emotions that were not there from eternity: He is deeply-troubled. The rythm of the fluttering winds evidences his discomfort.

My nude body is awash in a small sweat. I feel the cracking of my lips, my mouth and my thoat.

Instantly Satan jumps forward, takes up Gabriel and dashes him on the ground. Gabriel himself, who was thus far steeped in a most deep ecstacy, is aflame in a burming anger, gets up and charges up to Satan. The war of righteousness breaks out. The two of them roll in a single bundie.

Satan takes in his mouth the legs of Gabriel wrings them together and poking them in is mouth, begins chewing them and swallowing them. Blood oozes from his mouth. Gabriel, mad with paid, gets hold of the staking legs of Satan, puts them in his mouth, munches them with an effort and beams to swallow them. The two of them devouring each other in this fashion is lost inside the two of them and disappear.

Though called her Maria her real name is Mary Jacintha de Silva. Her maiden name Harmer is deleted and her husband’s name whose name was Joseph de Silva has been supplanted in the place other surname.

I first saw her in the cold of last December. I was reclining on a back bench in the Church of Her Lady Garbus, waiting fore girl friend.

That was a Friday. As it was not an hour of a bustling crowd, Maria’s long prayer serinity had captured my attention. The person who was on her knees behind her, was her mother-in-law as I were to learn later.

She rose from her prayer. Her innocent pointed face, was wrapped in a black veil I was watching how she touched thrice the feet of Lady Girbus and kissed them. Then she turned without paying any head to her Mother in law and walked to the church door. A strong draft of December coming from the direction of the alter carried her veil in it and deposited it at my feet. I bentdown and took it in my hand and waited all the time tendering it to her as he was walking towards rile.

That was the first time our eyes met.

Though it was close to two years since she was married, she remained a virgin. Those who were unaware of the truth about the sexual capacity of Joseph looked on her as a barren woman. As she was deeply devoted to God, she didn’t mind the disgrace she was receiving. She had the strength of character to remain so. She remained silently bearing up everything as a true child of God, even while her mother-in-law herded her to the Church of Lady Girbus she never betrayed Joseph. Her sole existence depended solely on her devotion and the word of God.

Her husband Joseph had no world outside God. She says that his eating and drinking and all his activities are initiated with a prayer. She says may be because the word of God is that at marriage two people become one person. Joseph bears her deep love. There may be some truth in it. Who can disregard such devotion. The other things is that disregarding God’s word is mortal sin.

I also respected her devotion.
I made room for her love loved her beautiful body
I loved her beautiful body
From that time onward I called Mary Jacintha “Maria”
Our first free date occured after a long lapse of time. A person will accidentally get such an ecstatic moment. I who got such an opportunity is really fortunate. That is because, the whole heaven unfolded before me.

The two of us were left to ourselves in the Mansion of the Maria. She was ecstatic at my sight. The amorous rightne which so far was contained within her began to plush over me, first of all she kissed every inch of my face endlessly, in madness.

As the first stage drew to a close, I made her who was painting and gasping, sit comfortably on the bed and murmered in her ear. ¡°To make today an ever memorable day you must obey one and only one condition.

“Now, now, don’t be afraid. Don’t be shy. This is a condition even God approves of¡¯.

Without a word, she wrapped her right hand around my waist and rested her head on my shoulder. I heard the amorous breaths struggling within her. “From now onwards, the two of us should be totally nude. Do you agree?¡±

Maria , was flustered and asked .me “The whole day? Even while eating- and drinking?”

“Yes!, First of all I want a cup of tea. Even that should be made under that condition.”

Thought released those words lightly she was perturbed by that instant proposal. I tried to pacify her.

“Whom do you love most in this world¡± I asked petting her right hand.

She was silently studying me. for a few minutes and then tried to struggle out of her dilemma saying “You”

“No! you love God most¡± I was trying to lead her to the climax of my proposal gradually “God doesn’t approve of these unethical cloths. That is why he created man nude. That is why God himself is nude. He likes, nudity. Therefore we too must respect nudity. To please God. We will spend the day under that condition”

As I was speaking thus, I groped in among looks, eye, ticks, buttons and zips in Maria’s dressing and undid them. She was as obedient as a rabbit kid and red in shyness. In the end, the angle like beauty of Maria began to bloom in my view.

Thus Maria got used to nudity.

Her heart had blossomed out even to walk to the kitchen nude: I undressed myself and lighting a cigarette. I reclined o6to the bed head. In a moment she entered the room with a cup of tea in a tray. My smiling eyes dipped into her body. Having placed in the tea tray on the teapoy, she jumped instantly onto the bed, grabbed the pillow lovering my penis and dashed it on me.

Waves of laughter burst on rever berated in the air. The room was emersed in a sea of laughter and calmed down.

I get down from the bed and walk upto her. I carry her with both hands and palce her gingerly on the bed.

“What shall we do now” asks Maria-making an attempt to smile.

“If I were to have a baby and Joseph gets to know it¡¦¡¦.¡±A fear in her is pieced by a flickering happiness.

I bend down and kiss her forehead. Maria, without a word with her eyes rivetted on to my eyes begs with her eyes for a reply.

“You tell Joseph that the child is God’s!”

(1998)
TRANSLATED BY RANBANDA SENVIRATHNA