
‘පර්ලින්‘ එකට පාළුද?
අඩ අඳුර යට අල බැදුම ළඟ
ශුද්ධ සිංහල ගීත රැව්දෙන
පර්ලින් එකට පාළුද?
ටොනික් පියනක් පෙරලි පෙරලී
අතීතයෙ හිඳ
පඩි බහී
ලිඳෙන් කිසිදා ගොඩ එන්න බැරි
ජින්ම පප්පෙකු
ඇල්කොහොල් සිහිනෙක කහී
දොරින් දොර
‘ෆ්‍රෙන්ච් ප්‍රයිස්‘ බැදෙනා රටකට
උඹ අරන් එන අල බැඳුම් වල
සුවඳ එන්නේ කොහොමද?
දොඩනු හැකියෙන් කටමැත
ගල් වල ය හදවත
ෂොට් දෙකෙන් මුහුණ ම ඇඹුල් වන
‘දෙහිවල‘ ය හිතවත.
ඇටෙන් පොත්තෙන් යන්න ඉස්සර
ඔතන දිගහැරි කඩල ගොටු ගැන
පොත් දනී.
අපිට සර්විස් දුන්න හැටි ගැන
පළල් නළලෙහි රැලි නඟා
කියපන් සනී.
බෙන්සාරු කළ උඹේ කටහඬ
හදවතේ පතුළත ඇනී
ලෙමන් ජින් කාලකට ටිප් එක
තබා ඇහැරෙමි
සිහින කහමඳ රස දැනී
මේසෙ මද්දල පාර පැද්දෙන විටදි හිටියත් පෙනි පෙනී
ගීත රිද්දන විටදි උඹෙ හදවතට කොහොමත් මළ පනී
ප්‍රේමෙ අද්දර මූණ රතුවෙන රාග හොඳහිත වෙනුවෙනී
ප්‍රාණෙ ‘බිත්තර නෝනෙ‘ තාමත් හීන අහුලනවද සනී
බිත්තර කට්ටෙ ප්‍රේමෙට
වැටුන්නැතිවද තව නඩු
තැම්බු බිත්තර තීරු මත්තට
ගම්මිරිස් කුඩු ලුණු කුඩු
ඉහා ගෙන ආ බයිට් එක ළඟ
උස්මහත් වුණි කරදඬු
මට මතකයි උඹ,
අති විශේෂ හේතුවකට
අති විශේෂ පල් වල ඉස්සා
බිත්තරේට තුරුල් වෙන්න
ජින් ඉහිරෙන ලිඳකට බැස්සා
‘‘ගල් ගහල ගිය දාට දෙන්නෑ
ඒ හින්දා මං ඒවා බොන්නෑ
ජින් ගහල ගිය දාට දන්නෑ
වැඩ දහම දානකල් යන්නෑ‘‘
මෙන්න මෙහෙම අවංකවම
ළය පලලා අතට අරන් දඹරන් කරඬුව
ලෝස් නැතුව පෙන්නනවා
පර්ලින් ගල් ගුහාව දෙක කර.
අධ්‍යාත්මික අඳුරෙ පතුළත
‘ත්‍රීරෝස්‘ පුසුඹක් දැනී
අතගගා පිට තටු හොයනකොට
පිටම වණවිය කවි ඇනී
ශුද්ධ සිංහල ගීත රහ මිස
ශුද්ධවර කවි නැහැ සනී.
– නිදි නැති නිර්මල ඇස්ක අගිස්සක කඳුළක – 2014
One thought on “සනී නම් වූ අධ්‍යාත්මික උපස්ථාදායකයාට”