බ්ලුබෙල්

ටිම් ගෞඩියොන්ගේ සිත්තමක්
ටිම් ගෞඩියොන්ගේ සිත්තමක්

සංසාර පළසකි ය
ගිම්හානයේ පත‍්‍ර අඹරාව.
ඔබට අමතකව ගිය
සිළිටි සුලැඟිලි ලකුණ
මුණ ගැසිණ
ස්වර්ගයේ දොර ගාව.

ලැවැන්දර නිල ය
ඔය ඇස් පුරා
සැවැන්දර පුසුඹ
කවි පොත් අරා
කතන්දර කියනවද
සත්සරා?

සජ්ජායනා නැඟුණ
ස්වර මුළුව
මකරන්ද විජිතයේ
මුව ගොළුව
ඇස් කෙවෙනි අගිසි
බිඳගෙන ගැළුව.

දෙසැම්බර තිමිර
සළු ලිහන විට
මුකූටයෙ නිදි බිඳෙන
‘සීතලද’ අසන
උණුසුම් හඬක
යළි පිපුණ.

කඳුළකට
ඇහැ තියන
කවියකට
පුළුවන් ය
වස්සානෙ එනතුරා
ඉවසන්න.

ඔබට පුළුවන් වෙයිද
දේදුන්න
පෙනි පෙනිත්
නවතින්න?

(ඇහැළ ඇමතුමකට ඇහැරෙමි – 2011)

Advertisements

“බ්ලුබෙල්” වෙත සිතුවිලි 3ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )