සුදු රෝස මල ඔබද
ගෙන්දගම් පොලවක
මල් පෝච්චියක කුස ජනිත වුණ
සිංහල මලක අසිරිය
දැනේ මට පෙත්තෙන් පෙත්ත
පිනි විසුළ
ළමා සාරියකි ඔබ
රැලි නැගුණ
මකරන්ද නගනතර
නටුව මත කටු මවමි
කටු නැතුව
මේ කටුක ලොව
කොහොම දිනන්නද
රෝස මල
මම ඔබට සොෆී යැයි අමතමි
හිසෙහි වන නට්සිවාදී වැස්ම ගලවමි
සැබෑ ජර්මානු සුවඳකින් ඔබ සරසමි
සුදු රෝස පත්‍රිකාවක
ජීවිතය තවරමි
ගිලටීනයට හැකිය
සිඳලන්න
මල
නටුවෙන්
ආත්මය ?
මියුනික් හි සරසවිය
අවසන් නොවූ කවිය
ලියන්නට ඔව් ඔබට පිළිවන්ද
අවකාශයේ සැරිසරන සුදු රෝස ආත්මය
සිප වැළඳ
එසේ නම්
භෞතිකවාදයේ හැව අතැර
සබත ගැන සපථ කර
මට හැකිය ඔබ සමග
මඩු පල්ලි යන්නට
ඉදින් සුදු රෝස මල මම ඔබට
මග්දලේනා කියා අමතමි
දෙමළ කඳුළක තෙත
දැනෙනවා නම් නෙතගට
දෙමළ අකුරක හැඩය
දැනෙනවා නම් ඇඟිලි තුඩකට
එන්න තම්බපන්නිය මත
එ ඇඟිලි තුඩගින් ලියන්නට
මියුනික් හි අවසන් නොකළ
ජීවිතයෙ නිබන්ධය
සුදු රෝස පත්රිකාල වූ කලී අවිහිංසාවාදී වූත්, නාට්සි විරෝධී වූත් ව්‍යාපාරයකි.
ජර්මනියේ මියුනිච් සරසවියෙහි ජර්මන් ජාතික දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු සහ එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්රයත්නයක් වූ මෙම ව්‍යාපාරය නාට්සි මර්ධන යන්ත්‍රය විසින් සාහසික ලෙස සහමුලින්ම විනාශ කරන ලදී.
මියුනිච් සරසවියේ ශිෂ්‍යාවක වූ සොෆී මග්දලේනා ෂොල් එහි ප්‍රබල ක්‍රියාකාරිණියක වූ අතර 1943 පෙබරවාරි 22 දා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ ඇය ගිලටීනගත කොට ඝාතනය කරන ලදී.
සුදු රෝස පත්රිකාල වූ කලී අවිහිංසාවාදී වූත්, නාට්සි විරෝධී වූත් ව්‍යාපාරයකි. ජර්මනියේ මියුනිච් සරසවියෙහි ජර්මන් ජාතික දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු සහ එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්රයත්නයක් වූ මෙම ව්‍යාපාරය නාට්සි මර්ධන යන්ත්‍රය විසින් සාහසික ලෙස සහමුලින්ම විනාශ කරන ලදී.
මියුනිච් සරසවියේ ශිෂ්‍යාවක වූ සොෆී මග්දලේනා ෂොල් එහි ප්‍රබල ක්‍රියාකාරිණියක වූ අතර 1943 පෙබරවාරි 22 දා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ ඇය ගිලටීනගත කොට ඝාතනය කරන ලදී.