
හුස්ම ගන්නා බිම් පෙත
එ මත වෑහෙන හීන් වැහි පොද
මුහුව නැගෙන නැවුම් සුවඳ
ඔබ!
පස්සන කරල..
ඉන්දන ඇට..
අව් රස්මියෙන් දළුලන කොළ..
කොවුල් මත පිය මනින වැල..
ඔබ ම ය!
රන් රුවට දිදුළන
මල..
කව්රුවත් නොදකින
වැටකොළු මලක්
විටින් විට
කාටවත් නොපෙනෙන
සුවඳකින්
මගේ මතකෙට අඬ ගසයි..
“පොඩි පුතේ
හෙට අනිද්දා දවසක
මේ..
යළි කරල් බර වෙයි
විකුණුවොත් ඒ..
හාල් තුනපහ
වේල් පහ හයකට ම ඇති වෙයි
ඒත් බං
අහළ පහළට නිකං දුන්නම
හිත පුරෝලා ලබන සතුට ට
වේල් පහ හය කොහොම සම වෙයි..
ගම ම අපෙ වත්තට
රැස් වෙලා හිස් නැමූ
දිනෙක ගෙයි ඔක්කොම
පස් කකා වැළපුණු..
කඳුළු වල රිද්මය
නොදැන මා ඉකි ගැසූ
එ දින මේ රන් වන
නෙත් මගේ පිස දැමූ
මෙන්න ආයෙත්
ඒ මල!
රන් වනින්
දත මැදන්
ගෙමිදුල……
-1999-
පිළිහුඩුවී (2002)
මේ කවිය පසුපස ඇති සත්‍ය ජීවීත කතාව දැන ගත්දා තෙත නෙත බර විය.