අත්තම්මා

by NANCY POUCHER

(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක)

ඉල්මහේ සීතලේ අවදිව
කල්පනා කරමි රෑ මැදියම
කල්පයක් තරම් දිගු මතකය
නිල් අහස පළලටම නිසල ය

මළවුන්ගෙ මාසයේ රුධිරය
කළපුවක මෙනි හරිම සසල ය
මළගෙයක හැඬුුම්බර කටහඬ
නළ මුදුව ගලා ඒ කුටියට

ගල්කිස්ස සුසානේ සැතපෙන
අත්තම්ම නෙතේ වූ කඳුළක
සද්දන්ත සෙනේහේ සිසිලත
නිස්සද්ද මගේ ළය කළඹන

විඩාබර කතෝලික කුරුසිය
සදාදර ඇගේ හිස අබියස
කතා කර පුතේ යැයි අමතන
ඇගේ නෙත මගේ නෙත සනහන

අන්තෝනි පල්ලියේ සියොළඟ
පිින්තාරු කළ නොහෙන සුරුවම
කන්තාරු ගීතිකා තටු ගෙන
නින්නාද නගාගෙන පියඹන

කැරලි කෙහෙරැලි නැගුණු මගෙ හිස
ඇඟිලි තුඩු හොවා තඩි විමසන
සරැලි නග නගා කවි කිය කිය
කෙවිලියක විලාසෙන් හිනැහුණ

පැල්පත් ම කිව නො හෙන නිවසේ
පොල් පත් ය සෙවෙනි කර තිබුණේ
ඉල් මහේ වස්සාන වතුරේ
හිල් තුළිනි ඈ නින්ද පෙඟුණේ

ගොප් කොළින් සැරසුණා මග දිග
ලොප් වුණා මගේ කල දවස ම
දුක්වෙලා පළක් නැති අඳුරට
රොක් වුණා මගේ කවි සපුව ම

රොටියක් ඔබේ අතින් වළඳන්න
ගුටියක් කකා හිත ම සනසන්න
ඉටිපන්දමක් රැගෙන පැමිණෙන්න
කෙටි මගක් තිබේදැයි කියපන්න

ඉල් 15-2009

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )