නිදහසට දකින සිහිනය : බත්තලංගුණ්ඩුව

Free_by_drsmith

“බත්තලංගුණ්ඩුව” පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්යමත්වයේ ප්රනකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි.
ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ ආකාරයේ පරිපූර්ණත්වයකින්ය. නාගරිකත්වයේ සිට ඈත කොදෙව්වකට පියා සොයමින් යන ඔහු අන්තිමේදී සොයා ගන්නේ ඔහු සෙවූ පියා ඔහු තුලම සිටි බවයි.
“කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුනා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව”
ගන්ධබ්බ ආත්මයකට පරිපූර්ණ වූත් අවංක වූත් මිත්රගත්වය මුණ ගැසෙන්නේ තිතක් වත් නොවන බත්තලංගුණ්ඩුවේදීය. සින්බෑඩ්, ක්රිරස්ටො පුද ලබන මිත්ර ත්වය හා සමානම මිත්ර ත්වයක් ඇන්ටනී එවෙලේ අඳුන ගන්නා පොලිස් කොස්තාපල් වාස් වෙතින් අත් විඳී.
නාගරික පරිසරයක දහසක් මිනිසුන් මැද බිත්ති සතරක සිරකරුවන් වී ප්රේ්මය රඟ දැක්වූවන් නිදහස අත්විඳින්නේ බත්තලංගුණ්ඩුවේදී ය. ගැහැණියෙකුත් මිනිසෙකුත් අතරට කඩා වැදි සමාජය විසින් පනවනු ලැබූ දම් වැල් බිඳී වැටෙන්නේ එහිදීය. ආනමරියා එම යදම් බිඳ දමන්නේ ඇන්ටනීටත් නොදැනෙන සෞම්යැත්වයෙනි.
“නාගරික ප්රේවම දුක්ප්රාදප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක ප්රේනමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද? මා මෙතරම් ම නිදහස් ව ප්ර‍ශ්වාස සුසුම් හා මුසුකොට පාකොට හරින්නේ මෙතෙක් මා අත් විඳි හෘදයේ අධි පීඩනය නොවේ ද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළඟින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරෙක්ද?”
තමාගේ පුත් හා තම තරුණ බිරිඳ එක් වෙන බව දැන ගන්නා ඇඩ්ඩින් මුදලාලි අසම්මත පෙම්වතුන් ලෙස ඔවුන් හඩු නොගසා ඒ බව ඉවසා සිටින්නේ එය සාමාන්යඇ මනුෂ්ය ස්වාභාවය බව දැනගෙන ද? තරුණ ගැහැණියෙකුත් තරුණ පිරිමියෙකුත් අතර ලිංගිකව ඇති වෙන සබඳතාවයක ඇති අසාමාන්යය බව කුමක් ද? සිත් තුල ඇති වෙන අසාමාන්යර බව හුදෙක් සමාජ නිර්මිතයින් පමණක් නොවෙ ද?
එක් එක් පුද්ගලයා මත සමාජය විසින් පවරනු ලබන සියලු චරිතයන් දියව ගොස් ඒවා නැවත මුල සිට අර්ථ දැක්වෙන ආකාරය ඇන්ටනී අත් දකින්නේ මුල් වතාවට ය. මානුෂික සබඳතා රඳා පවතින්නේ මනුෂ්යටයින් මත බවත් සමාජ නිර්මිත නාමයන් මත නොවන බවත් ඔහු අත් විඳී.
“ඇන්ටනී, කෙනෙක් තව කෙනෙක්ට දැනෙන්න නමක් බලපාන්නේ නෑ. සමහර විට ඒ මගේ අම්මවත්, ආත්තම්මවත් නොවෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න පුලුවන්. සමහර විට ඒ දෙන්නම වෙන්නත් පුලුවන්.”
බත්තලංගුණ්ඩුව තුල රාජ්යනයක් නොමැත. රාජ්යෙ නීතිය ඒ තුල බල නොපායි. පොලීසිය, හමුදාව හා විමුක්ති කොටි වෙසෙන විල්පත්තුව මධ්යුයේ ඒ සියල්ලටම වියුක්තව බත්තලංගුණ්ඩුව ස්ථානගතව ඇත. භෞමික අඛන්ඩතාවය, ජාතිවාදය, විමුක්තිය ආදී සංකල්ප මෙම කොදෙව්වට වලංගු නැත. එහි ඇත්තේ මනුෂයත්වය පමණි. එහි ගහ මරාගන්නේ විමුක්තිය උදෙසා නොව ස්වභාවිකව අවශ්යද මූලික සංකල්ප සපුරා ගනු පිණිසය. නේවි එකෙන් කකුල් කැඩූ ඩිඩාකස් හට කොටි පිළිබඳ කරුණාවක් නොමැත. කොටින් විසින් බෝට්ටුව උදුරා ගනු ලැබූ ඇල්බා හට රජයට පක්ෂපාතීත්වයක් නැත. සංකීර්ණ සංකල්ප වෙතින් සම්පූර්ණයෙන්ම නිදහස් බවක් එහි නිතරම පවතී.
මෙකී නොකී සියලු නිදහසින් පිරි බත්තලංගුණ්ඩුව නාගරිකයාට ඊඩ්න් උද්යාපනයයි. වරෙක පිටුවහල් කරනු ලැබූ ඇන්ටනී නැවත එහි පැමිණ අත් විඳින විමුක්තියත්, විපර්යාසයේ තෘප්තියත් පිළිබඳ වීර කතාව මංජුල වෙඩිවර්ධනගේ “බත්තලංගුණ්ඩුව”යි.
“හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතය මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස…. හැම තැනම අහස…..
අහස.”

Out In The Open – නිදහසට දකින සිහිනය : බත්තලංගුණ්ඩුව
Source: http://www.theopen.chamiladealwis.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )