උපත වර නැඟීම

111408%20(18) 

කවියකුට හැම දිනය ම
උපන් දිනයකි උපදින.
 

නෙතෙහි උපදින කඳුළක
හැඩය අරගත් කවියකි.
අරුණ පැමිණෙනු පළමුව
යළිදු උපදින කවියෙකි.
 

වියපත් නොවන පන්හිඳ
සුරතෙහි දරන සකිසඳ
කව් මව් කුසෙහි පිළිසිඳ
ගෙනෙන්නෙද මේ කවි පද
 

කුකවින් සභා මැද
සිහසුන් අරා වැජඹෙන
ජරපත් ඔවා පදබැඳ
නිරිඳුන් නිවා සනහන.
 

කවියෙක් වෙසේ හදවත
මැරුවත් නැවත උපදින
සුනරුත් වදන් මඟහැර
ජවයත් රැගෙන පැමිණෙන.
 

කවියකුට හැම දිනය ම
උපන් දිනයකි උපදින
ඔහු සමග යළි ඉපදෙන
ලොවත් සමඟින් හිනැහෙන.